සෝබන මාලිගාව

wmsaneera

Member
Nov 21, 2009
503
94
0
ධර්මපාල චාරිකා රථය හෙවත් සෝබන මාලිගාව


2.jpg


‘පුළුල් නළල් තලය පසු කොට පීරා හළ කළු වන් කෙටි කෙස් කළබ විසුරුවා තම තියුණු පැහැදිලි නෙත් සඟළ සභාව කෙරෙහි රඳවමින් පිළිරැවු දුන් තම වදන් පෙළ අනුව සිය දිගු දුඹුරුවන් ඇඟිලි ලෙළවමින් ඔහු ධර්ම ප‍්‍රචාරකයකුගේ ඒකාන්ත ප‍්‍රතිමුර්තියක් පළ කළා මතු නොවේ. සමස්ත ශිෂ්ට ලෝකයේහි ආසියාවේ ආලෝකය පතුරුවා හැරීමෙහි හා සකල බුද්ධ ශ‍්‍රාවකයන් සුස්ථිත කරනු ද සඳහා අරඹන ලද ව්‍යපාරයක නායකත්වයෙහි මෙබදු පුද්ගලයකු සිටිනු දකින්නට ලැබීම රොමෝද්ගමනය ඇතිකරවන්නක් ද විය.’’ ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී 1893 වසරේ පැවැති ලෝක ආගම් සමුළුව අමතා ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් කළ විශිෂ්ට දේශනය සෙන්ට් ලූවි ඔබ්සර්වර් පුවත් පත වාර්තා කළ අයුරුයි ඒ.අනගාරික ධර්මපාලතුමා කළ සේවයන් අතර අපේ රට අවුරුදු 300 ට වැඩි කාලයක් මුළුල්ලේ විදේශිකයන්ගේ බලපෑමට යටත්ව තිබූ අවධියේ අකී‍්‍රයව තිබූ ලක්දිව බුදු සමය හා සිංහල සංස්කෘතිය පණ ගැන්වීම ප‍්‍රධාන වෙයි.එතුමන්ගේ ඒ උදාර අරමුණ ලක්දිව පුරා ව්‍යප්ත කරලීමේ මහගු කාර්යයට අමිල වස්තුවක් වූයේ සෝබන මාලිගාවයි. මෙම මහගු ජාතික වස්තුව බණ්ඩාරගම වීදියගොඩ ඞී.ඩබ්.හපුආරච්චි මහතා සන්තකයේ තිබෙන බව දැනගත් මහා බෝධි සංගමයේ උප සභාපති අග‍්‍රශ‍්‍රාවක මහා විහාරාධිපති හා ජපානයේ ප‍්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නාහිමි සහ එහි විධායක සභික මදුරාසි මහා බෝධි මධ්‍යස්ථානයේ විහාරාධිපති සහ නුගේගොඩ නාලන්දාරාමාධිපති තිනියාවල පාලිත හිමි එම රථය ලබාගත්හ.පසුව ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් ජනරාල් නීල් ඩයස් මහතාගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත‍්‍රික ඉන්ජිනේරු බලකායේ ලූතිනන් කර්නල් තිස්ස ජයසූරිය මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් එදා තිබූ ආකාරයන්ම ප‍්‍රතිසංස්කරනය කරනු ලැබ මරදාන මාලිගාකන්ද මහා බෝධි සංගම් මූලස්ථානයහි මහජන ප‍්‍රදර්ශනය සඳහා තැන්පතව තිබේ.


නිෂ්පාදිත රට - ඇමරිකාව
නිෂ්පාදිත ආයතනය - ජනරල් මෝටර් කම්පැණි
වාහන වර්ගය - ජී එම්
සීමොඩලය - ටී 20
ලියාපදිංචි අංකය - ජී-406
චැසි අංකය - 7439 සී
බර - 6600 එල් බී එස්
චැසි අංකය - 7439 සී
දිග - අඩි 19 අගල් 6
පළල - අඩි 6
උපරිම ධාවන වේගය - පැයට සැතපුම් 35


DSC_1990-copy.jpg

DSC_1992-copy.jpg

DSC_1996-copy.jpg

DSC_1994-copy.jpg

2.jpg

1.jpg

DSC_1997-copy.jpg

DSC_1993-copy.jpg

3.jpg

DSC_1983-copy.jpg

DSC_1984-copy.jpg

DSC_1985-copy.jpg

DSC_1987-copy.jpg

DSC_1986-copy.jpg

DSC_1989-copy.jpg

DSC_1988-copy.jpg


 

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    photo eka chater bun. issarahin kunuharupayak liyalane. monawada balanna thiyenne...oya oona hu#$%k konakin liya ganna thibuna. hari madin daala photo ekata h#kala