සෝමරත්නව පිළිගන්න සේවකයෝ බෑ කියති
රූපවාහිනී සංස්ථාවේ සභාපතිධුරයට පත් කළ සෝමරත්න දිසානායක මහතා ඊයේ දිනයේදී වැඩ භාර ගැනීම සඳහා එම සංස්ථා පරිශ්රයට ගියද එහිදී ඔහුව පිළිගැනිමට පැමිණ සිටියේ ඉහළ නිලධාරීන් දෙතුන් දෙනෙකි. මේ සඳහා අනෙකුත් සේවකයන්ට සහභාගීවන ලෙස දන්වා සිටියද එම සේවකයන් පවසා තිබුණේ "අපිට ලැජ්ජාවක් කියල දෙයක් තිබෙනවා ඒ නිසා ඔය සභාපතිව පිළිගන්න අපිට බැහැ 'යනුවෙනි.
කෙසේ නමුත් රූපවාහිනී සංස්ථාවේදී තමන්ට වූ මදිපුංචිකම නිසා අද දිනයේදී පිටතින් පිරිසක් රැගෙන පැමිණ පිලිගැනීමේ උත්සවයක් පවත්වන බව දිසානායක මහතා සංස්ථාවේ ඉහළ නිළධාරීන්ට පවසා විනාඩි කිහිපයකින් නික්ම ගොස් ඇත.
මෛත්රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් අනතුරුව කළ පළමු පත්වීම වූ සෝමරත්න දිසානායක මහතා රූපවාහිනී සංස්ථාවේ සභපතිධුරයට පත් කිරීමය. මේ සම්බන්ධයෙන් බරපතල විරෝධයක් විවිධ පාර්ශ්වවලින් එල්ලවී තිබිණි.
මේ හේතුව නිසා දිසානායක මහතා එම තනතුරෙන් ඉවත් කර චිත්රපට සංස්ථාවේ සභාපතිධුරයට පත් කරන බව ජනාධිපතිවරයා පෙරෙදා රාත්රියේදී මේ සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකදී පවසා තිබිණි.