සෝමසිරි අලකොළංග

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    සෝමසිරි අලකොළංග

    ප‍්‍රවීණ රංගන ශිල්පි සෝමසිරි අලකොළංග මහතා හාරිස්පත්තුවේ සෝමානන්ද හිමි නමින් පසුගියදා පැවිදි දිවියට පිවිසි පුවත මුලින්ම ප්‍රචාරය වූයේ වෙබ් අඩවි ඔස්සේය. එයින් අනතුරුව එතුමන් ගැන වැඩි විස්තර සොයා බැලීම සඳහා පුවත්පත් හා රූපවාහිනී නාලිකා නියෝජනය කරන මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු එතුමන් වැඩවසන
    ගාල්ල උළුවිටිකේ ශ්‍රී ජයසුමනාරාම විහාරස්ථානය වෙත ගමන් කර තිබුනේ කවුරුත් දන්නා කියන චරිතයක් මෙවැනි වෙනසකට ලක්වීමට හේතු ආදිය ගැන දැන ගැනීමටත් එහිමියන් පිළිබඳ ප්‍රවෘත්ති හා විශේෂාග ඉදිරිපත් කිරීමටත්ය.
    22554976_1451302198251608_7866629442904529163_n.jpg


    නමුත් එසේ ගිය සියල්ලන්ගේ බලාපොරොත්තු සුන් කරගෙන නැවත එන්නට සිදුව ඇත.
    මීට මාස දෙකකට පමණ ඉහතදී ගාල්ලේදී පැවිදිවූ අවස්ථාව පවා උන් වහන්සේ අප්‍රසිද්ධියේ සිදු කරන ලද බවත් ආරංචි විය.

    කොළඹ විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි කථිකාචාර්ය වරයෙකු වශයෙන්ද සේවය කළ සෝමසිරි අලකොළංග මහතා පේරාදෙණිය සරසවියේ ඉගෙනුම ලබන කාලයේ සිට මහාචාර්ය සරච්චන්ද්‍රගේ අඩිපාරේ යමින් රංගනයට පිවිසි නළුවෙකි විය. අපවත්වී වදාළ හාරිස්පත්තුවේ අරියවංශ හිමියන් නිතර ඇසුරු කර කාලයක් තිස්සේ බුදුදහම පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක නිරතවන්නටද අලකොළංග මහතාට හැකි විය.

    ඒ අනුව මීට මාස දෙකකට පමණ පෙර දකුණු පළාතේ අධිකරණ සංඝනායක උළුවිටිකේ ජයසුමනාරාමාධිපති ශාස්ත‍්‍රපති ආචාර්ය මාබොටුවන පියරතන නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් සෝමසිරි අලකොළංග මහතා හාරිස්පත්තුවේ සෝමානන්ද නමින් පැවිදි දිවියට ඇතුළත්ව තිබෙයි.

    මහණ දම්පුරණ හිමියන් හමුවීම සඳහා උන්වහන්සේ වැඩවසන විහාරස්ථානයට මාධ්‍යවේදීන් ගිය අවස්ථාවේ නායක හිමියන් හා තවත් හිමිවරුන් සමග බුද්ධ වන්දනාවේ යෙදී සිටි බැවින් දැන්ම හමුවිය නොහැකි බව මුලින් දන්වා තිබී ඇති අතර පසුව උන්වහන්සේ සමග කථා බහේ නිරතවීමට උත්සාහ කළත් පුවත්පත්වලට සම්මුඛ සාකච්ඡා ලබාදීමට උන්වහන්සේ එකඟවී නැත.


    22688339_1451301418251686_5143341633620220366_n.jpg


    22554965_1451301118251716_6552173496062991841_n.jpg



    22687658_1451301198251708_7870633938227062873_n.jpg



    22555096_1451301234918371_7180320713705730124_n.jpg



    22555275_1451301311585030_1891001337003651960_n.jpg


    22554734_1451301344918360_5177811289228297143_n.jpg


    22687929_1451301381585023_3297252674177509402_n.jpg


    22555299_1451301468251681_8684730366928386464_n.jpg


    22552735_1451301511585010_1474810654732397736_n.jpg


    22814282_1451301544918340_3165447135522780251_n.jpg


    22688727_1451301591585002_7678397412847593529_n.jpg



    22780257_1451301621584999_6490559314178566048_n.jpg


    22728991_1451301708251657_7406311270542762375_n.jpg


    22780364_1451301738251654_6187253363329391382_n.jpg


    22688523_1451301774918317_6722239054422274225_n.jpg


    22552727_1451301798251648_1132097242178878130_n.jpg


    22555248_1451301841584977_6711653612539758110_n.jpg


    22687685_1451301894918305_4738955654842636628_n.jpg


    22552786_1451301931584968_498178849850462254_n.jpg


    22780151_1451301978251630_4324015323830996079_n.jpg


    22554993_1451302014918293_8302898038301838145_n.jpg


    22728788_1451302058251622_2405017144364623472_n.jpg


    22687956_1451302094918285_8635191069787981552_n.jpg



    22688094_1451302134918281_1885974376782215064_n.jpg


    22728756_1451302178251610_1349646653857040617_n.jpg



    Credit:

    http://www.gossiplankanews. com/2017/10/somasiri-alakolange.html#more

    https://www.facebook.com/amabalamaofficial/
     
    Last edited: