සෝයාමීට් කන්න එපා.. මෙන්න ඇත්ත‍..

ITtec

Member
Nov 19, 2015
369
106
0
සෝයාමීට් කන්න එපා.. මෙන්න ඇත්ත‍..

soy1.png

සෝයා විසි එක්වැනි සියවසේ සුපිරි ආහාරය ලෙස හැඳින්වෙයි. නිර්මාංශිකයන්ට අවශ්‍ය ප්‍රෝටීන ප‍්‍රමාණය සපුරාගන්නට මෙමගින් ලැබෙන අවස්ථාවත් එයට රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන්නට ඇති හැකියාවත් පසුගිය දශක දෙක තුන ඇතුළත බෙහෙවින්ම ප‍්‍රශංසාවට ලක්වුණා. ආසියාවේ සෝයා සම්බන්ධයෙන් මහත් පුනරුදයක් ඇති වුණු අතර මේ හා සබැඳී නිෂ්පාදන රාශියක් ඒත් සමගම වෙළඳපොළට පැමිණුනා.

ඒත් දිගින් දිගටම සෝයා වලට ස්වකීය කීර්තිනාමය පවත්වා ගැනීමට වාසනාවක් නෑ. දැන්, දැන් පෝෂණවේදීන් සෝයා ආහාර බරපතල ලෙස ප‍්‍රශ්න කරනවා. මේ සම්බන්ධයෙන් ජගත් ව්‍යාප්ත සංවාදයක් පැවතුණත් ලාංකේය අප මේ සම්බන්ධයෙන් දැණූවත් නෑ. සෝයා සම්බන්ධයෙන් මෙකල පවතින විද්වත් කතිකාවත් ඇසුරේ ඔබේ දැණුම වපසරිය පුළුල් කිරීම අපේ මේ ලිපියේ එක් අරමුණක්.

දැන් තියෙන්නෙ ජාන වෙනස් කරපු සෝයා
සෝයා ආහාර උපන්බිම පෙරදිග ආසියාවයි. ඒත් ලෝකයේ වත්මන් සෝයා අස්වැන්නෙන් වැඩි හරියකට උරුම කියන්නේ ඇමෙරිකාවයි. ඉස්සර නිෂ්පාදනය කළ සෝයාත් දැන් වවන සෝයාත් අතර ප‍්‍රධාන වෙනස්කමක් තිබෙනවා. අද අප ආහාරයට ගන්නා සෝයා වලින් සියයට 90කටක් වැඩි ප‍්‍රමාණයක් ජාන වෙනස් කර වවන ලද සෝයායි. එසේම මේ සෝයා වලට රවුන්ඞ්අප් නමැති වල්නාශකය නිශ්චිත වශයෙන්ම යොදනවා. රවුන්ඞ්අප් වකුගඩු රෝගී කරන ප‍්‍රබල වල් නාශකයක්. එය පසුගියදා අපේ රටේ තහනම් කළා.

මිලෙන් අඩු නිසා සෝයා ආහාර කර්මාන්තයක් වශයෙන් ලෝකයේ ජනප‍්‍රිය වුණා, සියල්ල සිදුවුණේ ඊට පස්සෙ... ?
සෝයා ඇට වලින් ගන්නා මූලික නිෂ්පාදනය සෝයා තෙල්ය. තෙල් ලබාගත් පසු ඉතිරි වන රොඞ්ඩ සෝයා ආහාර සැකසුමට යොදාගනියි. සෝයා මිලෙන් අඩුය. එසේම ආහාර සැකසීමේදී ඒවායේ ප‍්‍රශස්ත නිෂ්පාදන පහසුකම් ඇතිවේ. මේ අනුව සෝයා ආහාර බෙහෙවින් ජනප‍්‍රියය. සෝයා වලින් ළදරු ආහාරද සැළකිය යුතු ප‍්‍රමාණයක් නිපදවයි.

සෝයා වල පෝෂණීය ගුණය
සෝයා ග්?ම් 100ක ශක්තිය කැලරි 100ක් තිබේ. මේදය ග්?ම් 9ක්ද.. කාබෝහයිඩ්‍රේට ග්?ම් 10ක්ද ප්‍රෝටීන ග්?ම් 17ක්ද අඩංගුය. මෙහි ඇති ප්‍රෝටීන මස්වල.. බිත්තරවල ඇති ප්‍රෝටීන තරමට පෝෂණීය නොවේ. එහෙත් අන් කවර ශාක ප්‍රෝටීනයකටත් වඩා සෝයා ප්‍රෝටීන පෝෂ්‍ය ගුණයෙන් ඉහළය. හැබැයි මේදය සැළකූ කළ.. මෙහි ඇත්තේ බහු අසංතෘප්ත මේදයයි. එම නිසා සෞඛ්‍යසම්පන්න ජීවිතයක් අගයන අයට එතරම් සුදුසු නොවේ.
සුපිරි ආහාරයකැයි බෞතීස්ම ලැබූ සෝයා වල චරිත සහතිකයට කළු පැල්ලමක් එකතු වූයේ ඇයි ?

ශරීරයට කෘත‍්‍රීමව ලිංගික හෝමෝන බෙදාහරින පයිටොඊස්ට‍්‍රජන
දැනට හඳුනාගෙන ඇති පයිටොඊස්ට‍්‍රජන වැඩි වශයෙන්ම අඩංගු ආහාරය සෝයා වෙයි. පයිටොඊස්ට‍්‍රජන යනු අප ශරීරයේ තිබෙන ඊස්ට‍්‍රජන් හෝමෝනයමය. සෝයා වල වෙනසකට ඇත්තේ එකී ප්‍රෝටීන සම්භවයකින් යුක්ත වීමයි.
පසුගිය කාලය පුරාවටම අසන්නට ලැබුණේ පයිටොඊස්ට‍්‍රජන වල ගුණ ගැනය. නමුත් ඒ පර්යේෂණවලට මුදල් වියදම් කළේ කවුද ? සෝයා කර්මාන්තයෙන් අධික ලාභ ලැබූ ව්‍යාපාරිකයන්ය.
බාහිරින් මෙවන් හෝමෝන වලට සමාන රසායනයක් ලැබුණු විට ශරීරය එයට ප‍්‍රතිචාර දක්වයි. ලිංගික හෝමෝන කෘත‍්‍රීමව ලැබීම නිසා ස්වාභාවික ශරීරගත හෝමෝන ක‍්‍රියාකාරිත්වයට ඇති කරන බලපෑම අති විශාලය. ඊස්ට‍්‍රජන් හෝමෝනය අධිකව ක‍්‍රියාත්මක වීමේ ප‍්‍රතිඵළයක් ලෙස ඇතිවන රෝග අතර පියයුරු පිළිකා, එන්ඩොමෙටි‍්‍රයෝසියාව, ෆයිබ්‍රොයිඩ, දරුවන් නැතිකම මෙන්ම ලිංගික බෙලහීනතාවය මූලික වෙයි.
දරුවන් සඳහාද සෝයා නිෂ්පාදන අද අලෙවි කෙරේ. සෝයා වට්ටෝරුවකින් සමන්විත ආහාර වේලක් ගැනීමේදී මේ නොදරුවාටද උපත් පාලන පෙති හතරක හෝමෝන ශරීරගත වන බව පර්යේෂකයන් කණ්ඩායමක් ප‍්‍රකාශ කළේය. අද කාලයේ ඇතැම් දරුවන් වයස අවුරුදු හතේ අටේදී වැඩිවිය පත් වීමට මේ බලෙන් පැටවූ සෝයා ආහාර සිරිතද එක් චූදිතයෙකි.
සෝයා ඔබේ තයිරොයිඩ ග‍්‍රන්ථිය විනාශයට පත් කරයි

තයිරොයිඞ් ග‍්‍රන්ථිය මගින් සිදු කරන අයඩින් සමායෝජනය අඩාල කරන ආහාර .ගොයිට්‍රොජිනික ආහාර. ලෙස හඳුන්වමු. තයිරොයිඞ් හෝමෝන ඝ‍්‍රාවයට අහිතකර බලපෑම් ඇති කරන ගොයිට්‍රොජිනික ආහාර රැුසක් මේ වන විට හඳුනාගෙන තිබේ. ඒ සියල්ලෙන්ම රජු ලෙස සැළකෙන්නේ සෝයා ආහාරයි.
සෝයා ආහාර මගින් තයිරොයිඞ් ග‍්‍රන්ථියේ ක‍්‍රියාකාරිත්වයට විශාල බලපෑමක් කරන බව පසුගියදා මාධ්‍ය මගින් ඉමහත් ප‍්‍රසිද්ධියට පත්වූයේ සෝයා නිෂ්පාදන මහත් අභිරුචියෙන් ආහාරයට ගත් ඇමෙරිකාවේ ඔප්රා වින්ෆ‍්‍රිට සිදුවූ අකරතැබ්බයක් හේතුවෙනි. නිලියක්.. රූපවාහිනී නිවේදිකාවක් වශයෙන් දැවැන්ත මාධ්‍ය භුමිකාවකට පන පෙවූ ඔප්රා වින්ෆ‍්‍රි හිටි අඩියේ චප්පදෝරු ශරීරයකට හිමිකම් පෑවාය. ඇගේ ජීව ශක්තිය කෙමෙන් අඩුවන බවක් මෙන්ම මනෝභාවයන්හී පිරිහීමක්ද ඇතිවන බව ඇයට හැගී ගිය නිසා ඇය වෛද්‍ය පරීක්ෂණ වලට ලක්වීමේදී අයඩින් හිගතාවය නිසා ඇතිවන හයිපොතයිරොඩිසම් රෝගයට ඇය ලක් වී ඇති බව වෛද්‍යවරුන් සොයාගන්නා ලදී. මෙයට බලපෑ ආසන්න හේතුව ලෙස ඇගේ සෝයා ආශක්තතාවය බව හෙළිදරව් වීමත් සමගම සෝයා ආහාර සම්බන්ධයෙන් විශාල ප‍්‍රතිරෝධයක්ද බටහිර රටවල ඇති විය.

එන්සයිම අවශෝෂණය අඩාල කරන පයිටේට
පයිටේට – ඇට වර්ග.. ධාන්‍ය හා රනිල කුලයේ ආහාර වල තිබේ. සෝයා වල මේවා විශාල වශයෙන් තිබේ. පයිටේට මගින් ශරීරයේ ඛණිජ අවශෝෂණය දුර්වල කරයි. අනෙකුත් ආහාර වල මේ ක‍්‍රියාවලිය සිදුවන්නේ නොගිනිය හැකි ප‍්‍රමාණයකිනි. නමුත් පයිටේට වල අධි සාන්ද්‍රණයක් ඇති නිසා සෝයා ආහාර මගින් ශරීරයේ ඛණිජ අවශෝෂණය සැළකිය මට්ඨමකින් ප‍්‍රමාණයකින් දුර්වල කරන බව හෙළිදරව් වී තිබේ. මෙයින් මිදීමට ක‍්‍රමයක් තිබේ. සෝයා ආහාරයට ගැනීමට පෙර පැසවීමකට ලක් කළ යුතුය.

ටි‍්‍රප්සීන් නිසා ආහාර ජීර්ණයට බාධා පැමිණෙයි
ටි‍්‍රප්සින් යනු ජීර්ණක එන්සයිමයකි. ටි‍්‍රප්සින් නැති විට නියමිත පරිදි ශරීරයේ ආහාර ජීර්ණයක් සිදු වන්නේ නැත. එවිට පාචනය.. කෙණ්ඩා පෙරළීම්.. රුධිරවහන ආදිය ඇතිවේ. සෝයා ටි‍්‍රප්සීන් වල ක‍්‍රියාකාරිත්වය අඩාල කරන බවට හෙළිදරව් වී තිබේ. එයින් සමස්ත ජීර්ණක ක‍්‍රියාවලියට බාධා පැමිණේ. මේ නිසා අග්න්‍යාශයේ රෝග ඇතිවීමට ඇති අවකාශ ඉහළ යයි.
මේ හැරුණු විට සෝයා සතුව ඇති පහත දැක්වෙන අවගුණයන්ද පර්යේෂණාත්මකව සනාථ වී තිබේ.

  • සෝයා වල ඇති විටමින් බී ප‍්‍රතිසම අවශෝෂණයක් සිදු නොවේ. සමස්ත ප‍්‍රතිඵලය වන්නේ ශරීරයේ බී 12 විටමින ඌණතාවයක් ඇති වීමයි.
  • සෝයා ආහාර නිසා ශරීරයේ විටමින් ඞී අවශ්‍යතාවය ඉහළ නැංවෙයි.
  • සෝයා ආහාර සැකසීමේදී විෂකාරක ලයිසිනොඇලනින් හා අධි පිළිකාකාරක මෙන්ම නයිට්‍රොසොඇමීන් උත්පාදනය වෙයි.
  • ඔබ දැනටමත් හානිකර යයි සළකන නිදහස් ග්ලූටමික් අම්ලයද සෝයා ආහාර නිෂ්පාදනයේදී උත්පාදනය වෙයි. සෝයා වල ඇති අමු රසය නැති කිරීමට සැකසූ ආහාර වලට මේවා කෘත‍්‍රිමව එකතු කිරීමක්ද සිදුවේ.
  • සෝයා වල අධික ලෙස ඇළුමිනියම් ඇත. මේවා ස්නායු පද්ධතියටත්.. වකුගඩුවලටත් හානිකර බව අමුතුවෙන් කිවයුතු නොවේ.

සෝයා සම්බන්ධයෙන් සමාජයේ ඇති වැරදි විශ්වාස

සෝයා ආහාර සම්බන්ධයෙන් වැරදි විශ්වාස විශාල සංඛ්‍යාවක් සමාජගත වී තිබේ. අප ඒවායේ සත්‍ය අසත්‍යභාවය විමසමු.

සෝයා වසර දහස් ගණනාවක් පැරණි ආහාරයකි
සෝයා මුලින්ම ආහාරයට ගත්තේ චීනයේ ක‍්‍රි.පූ. 1134-246 සමයේ විසූ චොවු අධිරාජ්‍යයය. සෝයා අමුවෙන් ආහාරයට ගැනීම විෂ සහිතය. මේ නිසා සෝයා පැසීමට ලක් කිරීමෙන් (Fermentation)චීන වැසියෝ ඇතැම් ආහාර රසවත්ව නිෂ්පාදනය කළහ.

ආසියානුවන් විශාල වශයෙන් සෝයා ආහාර අනුභව කරයි
චීනයේත්, ජපානයේත් යන දෙරටේම දෛනික සෝයා පරිභෝජනය එක් පුද්ගලයෙකුට තේ හැඳි දෙකකට වැඩි නොවේ. සමස්තයක් ලෙස ආසියානුවන් මෙය මාංශල ආහාර වලට ආදේශකයක් ලෙස ප‍්‍රයෝජනයට ගන්නේ නැත.

පැරණි සෝයා ආහාර තරමටම නූතන සෝයා ආහාරද සෞඛ්‍යසම්පන්නය
නූතන ආහාර සැකසීමේදී සිදුවන්නේ පැසීමට ලක් කිරීමෙන් එහි ඇති විෂ උදාසීන කිරීමයි. මෙහිදී ප්‍රෝටීන වල මුල් අණූක සැකැස්ම වෙනස් කිරීමක් සිදුවේ.
එය සෞඛ්‍යයට හානිකරය. එසේම මේ ක‍්‍රියාවලියේදී විශාල පිළිකාකාරක ප‍්‍රමාණයක් ඊට එකතු වන්නේය.

සෝයා ආහාර වලින් සම්පූර්න ප්‍රෝටීන් අවශ්‍යතාවය සපිරෙයි

එය වැරදි මතයකි. සියළුම රනිල භෝග වලට ඇති නොහැකියාව, එනම් ගෙන්දගම් සහිත ඇමිනෝ අම්ලය නොමැති වීම.. මිතියොනයින් හා සිස්ටින් යන සංඝටක ඌණතාවය මේ සෝයා ප්‍රෝටීනවලද එලෙසමය. නූතන ආහාර නිෂ්පාදන ක‍්‍රියාවලිය තුළදී පහසුවෙන් බිඳෙනසුළු ලයිසින් විනාශ වීම තවත් බරපතල අඩුවකි. එවිට ලැබෙන්නේ බාගෙට ප්‍රෝටීන සැපයුමකි.
සෝයා පැසවීමට ලක් කිරීම නිසා විටමින බී 12 අවශ්‍යතාවය සම්පූර්ණ වන්නේය
සෝයා වල තිබෙන මේ විටමින් බී 12 ශරීරය තුළ ප‍්‍රයෝජ්‍ය වන්නේ නැත. ඒ නිසා එම විටමින වල ඇති ගුණයක් නැත. මෙහිදී ඇත්තෙන්ම සිදු වන්නේ විටමින් බී 12 තිබුණාටත් වඩා අඩුවක් නිර්මාණය වීමයි.

සෝයා ආහාර වට්ටෝරු ළදරුවන්ට ඉතා පෝෂ්‍යදායකය
ටි‍්‍රප්සින් නිෂේධක ආහාරයට ගැනීමෙන් මිටි බව ඇතිවන බව හා අග්න්‍යාශයේ ලෙඩ රෝග ඇති කරන බව සත්ත්ව අධ්‍යයන වලින් සනාථ වී තිබේ. දරුවෙකුට දත් හා අස්ථි වර්ධනයට විටමින් ඞී.. තීරණාත්මක කාර්යක් ඉටු කරයි. දරුවන්ට සෝයා වට්ටෝරු ලබාදීමෙන් ශරීරයේ විටමින් ඞී අවශ්‍යතාවය ඉහළ නැංවන බව හඳුනාගෙන තිබේ.
යකඩ හා තුත්තනාගම් බිළිඳු මොළයේ වර්ධනයට අවශ්‍ය වේ. සෝයා වල ඇති පයිටික් අම්ලය මේ යකඩ හා තුත්තනාගම් වල ක‍්‍රියාකාරිත්වය අඩාල කරන බව හෙළිදරව් වී තිබේ. මේ කාලයට දරුවන්ට කොලෙස්ටරෝල්ද අවශ්‍ය කරයි. සෝයා වල කොලෙස්ටරෝල් සංයුතිය අඩුපාඩු සහිතය.
සෝයා වල ඇති පයිටොඊස්ට‍්‍රජන නිසා ඉතා අඩු වයසෙන් ලිංගික පරිණතියට දරුවන් පත්වීමේ ගැටළුව මේ ලිපියේම අන් තැනක අප කතා කළෙමු.
මේ සියළු කාරණා විමසීමේදී හයක් හතරක් නොතේරෙන දරුවන්ට සෝයා වට්ටෝරු නිතිපතා දීම කෙතරම් සුදුසුද යන්න නැවත සමාලෝචනය කිරීමට සිදු වේ.

සෝයා ආහාර ඔස්ටියෝපොරෝසිස් වළක්වයි
සෝයා ආහාර ගැනීම නිසා කැල්සියම් හා විටමින් ඞී යන පෝෂ්‍ය පදාර්ථ දෙකටම ගැටළු මතු වෙයි. මේ දෙකම අස්ථි සුවසෙත කෙරෙහී බෙහෙවින් වැදගත් වන බව ඔබද දන්නා කරුණකි. මේ නිසා සෝයා අස්ථි සවිමත් කිරීමට කිසිසේත් සම්මාදමක් වන්නේ නැත.
නූතන සෝයා ආහාර ගැනීමෙන් පිළිකා විශාල ප‍්‍රමාණයක් වැළඳීමෙන් ඔබව ආරක්ෂා කරයි
මෙයද වැරදි මතයකි. බි‍්‍රතාන්‍ය රජය විශේෂ වාර්තාවක් නිකුත් කරමින් සෝයා ආහාර ගැනීමෙන් පිළිකා ඇතිවීම වළකින බවට ඇති සාක්ෂි එතරම් සවිමත් නොවන බව පෙන්වා දෙයි. ඇත්තෙන්ම මේ ගැන ගැඹුරින් විමසන කළ පිළිකා ඇතිවන අවස්ථා වැඩි කිරීමට නම් සෝයා හේතු වන බවට විද්‍යාත්මක කරුණු බොහෝ තිබේ.

සෝයා ආහාර ඔබව හදවත් රෝග වලින් ආරක්ෂා කරයි
ලොව පුරා සිදුවූ අධ්‍යයන වලට අනූව සෝයා ආහාර ගැනීමෙන් ඇතැම් ජන කොටස් වල කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන බවට සාක්ෂි පවතී. එහෙත් සෝයා ප්‍රෝටීන වලින් හදවත් රෝග ඇතිවීම මර්ධනය වන්නේද යන්න විමසිය යුත්තකි.

සෝයා ඊස්ට‍්‍රජන් ඔබට යහපතක් සිදු කරයි
සෝයා.. නිර්නාල ග‍්‍රන්ථි අවහිරකයකි. ස්වාභාවික ශරීර හෝමෝන වල ක‍්‍රියාකාරිත්වයට මෙමගින් ඇති කරන්නේ බාධාවකි. ආහාර ප‍්‍රයෝජ්‍ය මට්ටමෙන් ගත් විට සෝයා ආහාර ගැනීමෙන් කාන්තාවන්ගේ ඩිම්බ මෝචනයට බාධා පැමිණෙයි. පිළිකා අවදානම ඉහළ නංවයි. එය මික්සිඞීමා නොහොත් තයිරොයිඞ් ග‍්‍රන්ථියේ අයඩින් නිෂ්පාදනය අඩාල කිරීමේ වරදටද හේතු වෙයි.

සෝයා වල ඇති පයිටොඊස්ට‍්‍රජන මනස සුසර කරයි
මෑතකාලීන අධ්‍යනයකට අනූව කාන්තාවන්ගේ රුධිරයේ වැඩිම ඊස්ට‍්‍රජන් සංයුතියක් ඇති අවස්ථාවේදී ඔවුන් අඩුම ප‍්‍රජානන ක‍්‍රියාකාරත්වයක් ප‍්‍රකට කරන්නේය. ඇමෙරිකාවේ.. ජපානයේ ටොෆු.. ජනප‍්‍රිය ආහාරයකි. මේ සෝයා වලින් හදන ආහාරය අනුභවයෙන් පසුකාළීනව ඇල්ෂයිමර් රෝගයට ලක්වීමේ අවදානම ඉහළ නැංවෙන බව හඳුනාගෙන තිබේ.
ආර්තව අභාවයට පසු කාලය ගත කරන කාන්තාවන්ට සෝයා ආහාර වඩාත් හොඳය
සෝයා ආහාර මගින් ඊස්ට‍්‍රජන් මත ක‍්‍රියාකාරී වන අර්බුද, පිළිකා ආදිය බලගැන්වීමේ අවස්ථාව වැඩිය. එය තයිරොයිඞ් ග‍්‍රන්ථිය ආශ‍්‍රිත රෝග වලටද අත වනයි. තයිරොයිඞ් ග‍්‍රන්ථියේ අවක‍්‍රියාකාරිත්වය හේතුකොටගෙන ආර්තව අභාව රෝග ලක්ෂණ වඩාත් දුෂ්කර තත්ත්වයකට පත්වේ.

සෝයා ආහාර ඔබේ ලිංගික සෞඛ්‍යය සාරවත් කරයි
සත්ත්වයන් යොදාගෙන සිදු කරන ලද පර්යේෂණ වලට අනූව සෝයා සාඵළ්‍යතාවය නොහොත් වර්ගයා බෝ කිරීමට බාධා කරමින් අහිතකර ක‍්‍රියාකාරිත්වයක යෙදෙන බව හෙළිදරව් වී තිබේ. මේ හැරුණු විට මැදි වයස් පුද්ගලයන්ගේ රෝම වර්ධනය වැඩි කරන බව හඳුනාගෙන තිබේ. මෙය ටෙස්ටස්ටරෝන හෝමෝන හීන වන බවට සළකුණකි.
සෝයා පරිසරයට මිතුරු වගාවකි

දැනට වවන සෝයා වලින් සියයට 90ක්ම ජාන වෙනස් කරන ලද සෝයා වෙයි. මේවා ගැටළු රාශියක් පාරිසරික ජෛව ක‍්‍රියාකාරීන් විෂයෙහි ඇති කරයි.

සෝයා ආහාර දියුණු වන රටවල ජනතාවට වඩා හොඳ ආහාර තේරීමකි
දියුණු වන රටවලට ආවේණික ධාන්‍ය තිබේ. වී, කුරහන්, මෙනේරි, මුං, මේ කිසිවක් සෞඛ්‍යයට අහිතකර නැත. ප‍්‍රචාරයට මුවාවී සෝයා ප‍්‍රචලිත කිරීමෙන් මේ ගුණවත් ආහාර ජනතාවෙගෙන් ඈත් වී යයි.
මේසා විපරීත පැටිකිරියක් සහිත සෝයා ආහාර පුරුද්දක් ලෙස පරිභෝජනයට ගැනීමෙන් රටක ජනතාවට සිදුවන යහපතක් නැත. මේ නිසා සුලබව සෝයා නිෂ්පාදන ආහාරයට ගන්නා පාරිභෝගිකයන් මේ ගැන යලි යලිත් සිතනු වටී.


උපුටා ගැනීම - වෛද්‍යවරයා
 
Last edited:

topkollek

Well-known member
  • May 22, 2014
    43,921
    1
    58,216
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සෝයා කන්න එපා ජාන වෙනස් කරල නිසා,
    බත් කන්න එපා හාල්වල ආසනික්,
    පරිප්පු කන්න එපා ඉන්දියාවෙ නිසා,
    පාන්පිටි කන්න එපා ජාන වෙනස් කරපු තිරිඟු නිසා,
    මස් කන්න එපා හෝමෝන ගහල නිසා,
    වතුර බොන්න එපා ක්ලෝරීන් නිසා,
    ,....
    :sorry:
     
    • Like
    Reactions: killing machine

    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    සෝයා කන්න එපා ජාන වෙනස් කරල නිසා,
    බත් කන්න එපා හාල්වල ආසනික්,
    පරිප්පු කන්න එපා ඉන්දියාවෙ නිසා,
    පාන්පිටි කන්න එපා ජාන වෙනස් කරපු තිරිඟු නිසා,
    මස් කන්න එපා හෝමෝන ගහල නිසා,
    වතුර බොන්න එපා ක්ලෝරීන් නිසා,
    ,....
    :sorry:

    ඇත්ත බං ඒත් පරිප්පු කන්නම වෙනවා, මලත් කමක් නෑ බත් කන්නම වෙනවා, වතුර ෆිල්ටර් කරලා හරි බොන්නම වෙනවා නමුත් සෝයා වගේ දේවල් අතරින්න පුලුවන් :nerd:
    තව කියනවා ඉස්සර අපි කඩල, මුං ඇට තැම්බුවම ඒ වතුර බොනවනේ. දැන් ඒ වතුරත් බොන්න එපාලු බං :dull: කඩල, මුංඇට වලට ගහන බෙහෙත් වල විස වැඩිහරියක් තියන්නේ ඒ වතුරෙලු. :dull:
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,340
    3,128
    113
    6°54′N 79°54′E
    සෝයා කන්න එපා ජාන වෙනස් කරල නිසා,
    බත් කන්න එපා හාල්වල ආසනික්,
    පරිප්පු කන්න එපා ඉන්දියාවෙ නිසා,
    පාන්පිටි කන්න එපා ජාන වෙනස් කරපු තිරිඟු නිසා,
    මස් කන්න එපා හෝමෝන ගහල නිසා,
    වතුර බොන්න එපා ක්ලෝරීන් නිසා,
    ,....
    :sorry:

    :(:(:(
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    ඇත්ත බං ඒත් පරිප්පු කන්නම වෙනවා, මලත් කමක් නෑ බත් කන්නම වෙනවා, වතුර ෆිල්ටර් කරලා හරි බොන්නම වෙනවා නමුත් සෝයා වගේ දේවල් අතරින්න පුලුවන් :nerd:
    තව කියනවා ඉස්සර අපි කඩල, මුං ඇට තැම්බුවම ඒ වතුර බොනවනේ. දැන් ඒ වතුරත් බොන්න එපාලු බං :dull: කඩල, මුංඇට වලට ගහන බෙහෙත් වල විස වැඩිහරියක් තියන්නේ ඒ වතුරෙලු. :dull:
    දැන් ගොඩක් වෙලාවට ඕස්ට්‍රේලියා වලින් බන් මුං ඇට එහෙම ගෙන්වන්නේ, ඉස්සර වගේ ලංකාවේ හේන් වල වගා කරපුව නෑ දැන්.:dull:
    :(
     

    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    දැන් ගොඩක් වෙලාවට ඕස්ට්‍රේලියා වලින් බන් මුං ඇට එහෙම ගෙන්වන්නේ, ඉස්සර වගේ ලංකාවේ හේන් වල වගා කරපුව නෑ දැන්.:dull:
    :(

    :( එහෙමද.
    දැන් හැම දේම පිටරටින් ගෙන්න ගන්නේ ලාභය ගැන විතරක් හිතලා. මගේ ලග තියනවා අපේ සීයා තැපැල් දෙපාර්තමේන්තුවේ වැඩ කරද්දි පාවිච්චි කරපු පැන්සලක් ඒක ලංකාවේ හදලා තියන්නේ‍. ඒත් දැන් පැන්සල් ගේන්නේ වැඩිහරියක් ඉන්දියාවෙන්. ඉස්සර අපිට අච්චුපොත් දුන්නේ රජයේ මුද්‍රණාලයේ ප්‍රින්ට් කරලා. දැන් ඒවත් පුද්ගලික මුද්‍රණාල වලින් තමයි කරන්නේ. පක්ෂ බේදයක් නැතුව පාලකයෝ හැමෝගෙම දක්ෂතා තමයි බං ඕවා. :dull:
     

    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    huta ape kollage kemathima kema.:(:(

    මාත් කෑවා බං. ඒත් මේ ලගකදි ඉදලා කීපදෙනෙක් ඔය කතාව කිව්වා. ඒත් මම ඒ ගැන වැඩිය හිතුවේ නෑ. ඒත් මේ ආටිකල් එක දැක්කම තමයි තේරුනේ‍.
     

    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28
    api kana bona dewal bhuthryk wasa wisa thmai, mewa gena ape denuwth bawaya adui. samahara welawata denagenath kanna wela thiynne.
    good post.
    rep added.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අපි ගෙදර නමි සෝයා මිටි තියා කඩෙි කෘතිම,අතිරේක ආහාර, කැම,පාට බිම ජරාව,පැකටි, පෙටිටි කැම කන්න බොන්නෙ නැහැ...පුලුවන් තරමි අපි ගෙදරම රස,ගුණ කැම බිම හදාගෙන කනවා මචං..වත්තක වාවගෙන කනවා..:Pඔිවා වස විස, අපිට ආදරේට හදපුවා නොවෙි..:no:එලවඵ වලටත් විස බෙහෙත්,පොහොර දානවා..අපි ලංකාව තනිකරම කන්නෙ වස විස ජාරාව..දෙවියෝ බුදුන් සිහිකරලා උයලා කැම ගන්නෙ ..හෝටල් වලින් හදිසියටවත්,මලත් ඒවායින් කන්නෙ නැහැ,ඒවා අපිරිසිදු තැන්,කැම..:no:පරිසසමි වෙන්න..,පුලුවන් තරමි ස්භාවික දේවල් කන්න කෘතිම දේවල් කන්නම එපා,ගෙදරම හදාගෙන කන්න..:yes: