bill එක 0 කරන්නම ඕන නැහැනේද, ලොකු යුනිට් ගානක් යනවා නං පොඩි ප්‍රමානයක් සෝලා වලින් කවර් කරත් බිල් එක ලොකුවට අඩු වෙනවා, මොකද යුනිට් ගාන වැඩි වෙද්දි බිල් එක exponentially වැඩි වෙන නිසා
දැං මගේ බිල් එකේ හැටියට යුනිට් ගානෙන් 1/3 ක් අඩු කරගත්තොතින් බිල් එකෙන් බාගකට වඩා අඩු වෙනවා
ඔය 850ට තියෙන්නෙ charging cycle 3000 බැටරිය නේද,
ඔවු, ලයිට් කැපුවම කවර් කරගන්න තිබ්බම ඇති, හැබැයි පොඩි සිස්ටම් එකක උනත් grid එක තිබිලත් යූස් කරන විදියට හදා ගත්තොතින් යුනිට් 50ක් විතර කවර් කරන්න, යුනිට් 15ක් යූස් කරන තැනක උනත් බිල් එක අඩු කරලා ගියපු වියදම කවර් කරන්න පුලුවන්.
පුලුවන්, හරියට ලොකු UPS එකක් වගේ
එතකොට ග්‍රිඩ් එකෙන් චාජ් කරන්න, charging controller එකක් ඕන, හැබැයි හයිබ්‍රිඩ් ඉන්වර්ටර් එකක් ගත්තොතින් කෑලි වෙන වෙනම ගන්න ඕන නැහැ, එක ග්‍රිඩ් එකෙන් චාජ් කරන්න එහෙම සේරමත් සපෝට් කරනවා, ඕන නං සෝලා කනෙක්ට් කරන්නත් පුලුවන්.