යෝනිසෝමනසිකාරයට කියන තවත් නමක් තමයි සෝවාන් ඵලයට පමුණවන සතිපට්ඨානයට, මේ සතිපට්ඨානය සිදුවන්නෙ ආර්යන්වහන්සේ නමකගෙන් බණ අසන වෙලාවක ඇතිවන සමතය පූර්වාංගම වූ විනීවරණ මොහොතක් තුළදීය. විනීවරණ මොහොතක් යනු ආර්යන් වහන්සේ නමක් ඇසුරේදී පමණක් පෘතක්ජනයෙක් තුල ඇතිවන පංචනීවරණ තාවකාලිකව යටපත් වූ අවස්ථාවකි. මෙසේ ඇතිවන විනීවරණ මොහොතක් තුළ කරන ලද යෝනිසෝමනසිකාරය මගින් අරිහත් ඵලය ලැබූ උතුමන්ද අපේ බෞද්ධ සාහිත්‍ය තුල දක්නට ලැබේ. සුනීත සෝපාක, බාහිය දාරුචීරිය වැනි රහතන් වහන්සේලා ඊට උදාහරණය.
යෝනිසෝමනසිකාරය ත්‍රිපිටකයේ මෙසේ සඳහන් වෙයි:
එහි අධ්‍යාත්මයෙහි යෝනිසො මනසිකාරය කවරෙ යත්: අධ්‍යාත්මයෙහි යොනිසො මනසිකාර නම් : යමෙක් දහම් දෙසන කල්හි බාහිර අරමුණු නො ගෙන නුවණින් මෙනෙහි කෙරේ ද මේ අධ්‍යාත්මයෙහි යෝනිසො මනසිකාර යී කියනු ලැබේ. යම් සේ පුරුෂයෙක් තෙත පහවැගිය වියළි කාෂ්ඨයෙක මතුයෙහි වියළි උත්තරාරණියකින් මදිනුයේ ගිනි ඉපැදවීමට සුදුසු වෙයි, කවර හෙයින යත් ගිනි ඉපැදවීමට කාරණ වන හෙයිනි. එපරිදි මැ හෙ දුක්ඛ–සමුදය–නිරොධ–මග්ගයන්ගේ අවිපරීත ධර්මදේශනාව මෙනෙහි කෙරෙයි. මේ අධ්‍යාත්මයෙහි යොනිසො මනසිකාර'යි කියනු ලැබේ.
මෙයින් අපට පෙනෙන කරුණක් නම් යෝනිසෝමනසිකාරය දහම් දෙසන විටක සිදුවිය යුතු බවයි. කලින් පැහැදිලි කල පරිදි මෙයට හේතුව වන්නේ ධර්මාවබෝධයට විනීවරණ මොහොත අත්‍යාවශ්‍ය නිසාය. මෙහි යෝනිසෝමනසිකාරය යනු හේතු එහෙමත් නැත්නම් කෙලෙස් උප්පති ස්ථාන (රාග ද්වේශ සහ මෝහ), කෙලවර කිරීමේ අරමුණින් විනීවරණ මොහොත තුල, ආර්යන් වහන්සේගෙන් අසා දැනගත් චතුරාර්ය සත්‍ය මෙනෙහි කිරීමයි. තවද මෙමගින් ධම්මානුධම්ම පටිපදාව හෙවත් ප්‍රඥාව පූර්වාංගම වූ සීලයක් දහම් අසන්නා තුල පිහිටයි.
මෙසේ සෝවාන් ඵලය පසක් කරන අයුරු ත්‍රිපිටකයේ පහත සඳහන් වෙයි..

Last edited: