සෝවාන් වීමට නම්
හැම බෞද්ධයකුම වාගේ බලාපොරොත්තු වන්නේ සංසාර දුකින් මිදී නිවන් අවබෝධ කර ගැනීමට යි. නිවන් අවබෝධ කර ගැනීම සඳහා බොහෝ දෙනා විවිධ අන්දමේ කුසල කර්ම සිදු කරනවා. දැන් දීම, සිල් රැකීම, බුද්ධ පූජා පැවැත්වීම වැනි දේවල්, මේ කිසි දෙයක් කළාට විදර්ශනා භාවනාවක් නොකොට, නිවන් අවබෝධ කර ගන්නට බැහැ.
නිවන් අවබෝධ කර ගන්නේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අර්හත් යන මාර්ග හතරට සහ ඵල හතරට පිළිවෙලින් පත් වීමෙනු යි. යටත් පිරිසෙයින් සෝවාන් වීමටවත් උත්සාහ කරන කෙනකු ළඟ තිබිය යුතු අංග හතරක් බුදු රජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. ඒවාට සෝතාපත්ති අංග යැයි කියනවා.
එමෙන්ම සෝවාන් වූ කෙනකු ළඟ පවතින අංග හතරකුත් තිබෙනවා. ඒවාටත් “සෝතාපත්ති අංග“ කියා කියනවා. සෝවාන් වූ කෙනකු ළඟ තිබෙන අංග තමයි, “බුද්ධේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති, ධම්මේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති, සංඝෙ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති, අරියකන්තේහි සීලේහි සමන්නාගතෝ හෝති” යන අංග හතර.
බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රය කෙරෙහි කිසි දාක නොසැලෙන ශ්‍රද්ධාවක් ඇතිවීම සහ අපායගාමී අකුශලයක් කිසි දිනක නොකෙරීම යන කරුණු යි එයින් කියැවෙන්නේ.
මේ නො සැලෙන ශ්‍රද්ධාව ගැන කීවාම මේ අයට සිතෙන්නට පුළුවන්, අප ළගත් තිබෙන්නෙ නො සැලෙන ශ්‍රද්ධාවක් තමයි කියලා. එහෙම නො වෙයි, කවර කරුණක් යෙදුණත්, කුමන අවස්ථාවක වුනත් රත්නත්‍රය කෙරෙහි තිබෙන ශ්‍රද්ධාව සැලෙන්නේ නැහැ. අන් දෙයක් තබා මරණයෙන් පසුව අන් ආගමකට අයත් මව් කුසක, සෝවාන් වූ කෙනකු පිළිසිඳ ගත්තා නම්, එවැනි දරුවකු තුළ වුවත් රත්නත්‍රය කෙරෙහි තිබෙන ශ්‍රද්ධාව සැලෙන්නේ නැහැ.
අප විස්තර කරන්නට බලාපොරොත්තු වන්නේ එය නො වෙයි. සෝවාන් වීමට උත්සුකව කටයුතු කරන කෙනකු ළඟ තිබිය යුතු ගුණ ධර්ම හතර යි. ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කර තිබෙනවා.
“චත්තාරිමානි භික්ඛවේ සෝතාපත්ති අංගානි, කතමානි චත්තාරි ? සප්පුරිස සංසෝවෝ, සද්ධම්ම සවණං, යෝනිසෝ මනසිකාරෝ, ධම්මානු ධම්ම පටිපත්ති”
1.සප්පුරිස සංසේවෝ - කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය.
2.සද්ධම්ම සවණං - සද්ධර්මය ශ්‍රවණය කිරීම.
3.යෝනිසෝ මනසිකාරෝ - නුවණින් මෙනෙහි කිරීම.
4. ධම්මානු ධම්ම පටිපත්ති - ධම්මානු ධම්ම ප්‍රතිපත්තියේ යෙදීම.
1.සප්පුරිස සංසේවෝ - කල්‍යාණ මිත්‍ර සංසේවනය
මුළු බුද්ධ ශාසනයම කල්‍යාණ මිත්‍ර සම්පත්තිය මත රඳා පවතින බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. අප ඇසුරු කරන අය කල්‍යාණ මිත්‍රයන් විය යුතු යි. ඒ කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර නිස යි, අපට ශක්තිය ලැබෙන්නේ පාපයෙන් අත් මිදෙන්නට. කායික වාචසික, මානසික, දුශ්චරිත වලින් ඈත් වන්නට පුළුවන්කම ලැබෙන්නේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය නිස යි. එසේ ම කාය සුචරිත, වචී සුචරිත, මනෝ සුචරිත යන කයින්, සිතින්, වචනයෙන් කරන යහපත් ක්‍රියා කරන්නට හැකි වන්නෙත් සත්පුරුෂයන් හෙවත් කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීමෙනු යි.
ඊටත් අමතරව මේ භයානක සංසාර සාගරයෙන් මිදීමට අවශ්‍ය කරුණු දැන ගැනීමට හැකි වන්නේත්, සංසාරයෙන් මිදීමට අවශ්‍ය මාර්ගයේ ගමන් කිරීමට අත හිත දෙන්නේත් කල්‍යාණ මිත්‍රයනු යි.. කල්‍යාණ මිත්‍රයා යනු කවරේදැ යි තේරුම් ගැනීමට පාවිච්චි කළ හැකි මිනුම් දණ්ඩක් තිබෙනවා. එය බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි කියනවා නම්, යමකු ඇසුරු කිරීම නිසා, අපගේ සිත තුළ කලින් නො තිබූ ශීල සම්පත්තිය දැන් ඇති වෙනවා නම්, දැන් තිබෙන ශීල සම්පත්තිය තව තවත් වැඩි වෙනවා නම්, එය දිගටම ගෙන යන්නට පුළුවන් නම්, ඔඔහු කල්‍යාණ මිත්‍රයකු ලෙස සළකන්නට පුළුවන්.
අපි හිතමු, අප පන්සිල් ආරක්ෂා කරනවා කියා. මේ පන්සිල් දිගටම ආරක්ෂා කර ගැනීමට යම් කෙනකු ඇසුරු කිරීම නිසා හැකියාව ලැබෙනවා නම්, එසේ නැති නම් තමන් පන්සිල් නො රකින කෙනකු නම්, යමකුගේ ඇසුර නිසා තමා පන්සිල් රැකීමට පෙළඹෙනවා නම්, එවැනි කෙනෙක් කල්‍යාණ මිත්‍රයකු ලෙස සළකන්නට පුළුවන්.
තමා ශීල සම්පත්තියෙහි පිහිටුවන්නට හැකි කෙනෙක්, තමාගේ ශීල සම්පත්තිය පිරිහෙන්නට සළස්වන්නේ නැති කෙනෙක්, තමන්ගේ ශීල සම්පත්තිය දියුණු කරගන්නට උපකාර වනන කෙනෙක් තමයි කල්‍යාණ මිත්‍රයා.
ඊ ළඟට බුදු රජාණන් වහන්සේ දක්වනවා, ත්‍යාග සම්පත්තිය පරිත්‍යාගශීලී භාවය, යමකු ඇසුරු කිරීමෙන් තමාගේ පරිත්‍යාගශීලී භාවය දියුණු කර ගැනීමට පුළුවන් නම්, තිබෙන පරිත්‍යාගශීලී භාවය තව දුරටත් පවත්වාගෙන යන්න පුළුවන් නම්, එවැනි කෙනෙක් කල්‍යාණ ඳත්‍රයකු හැටියට හඳුන්වන්නට පුළුවන්.
මෙහි අනෙක් පැත්ත, එනම් තමාගේ පරිත්‍යාගශීලී භාවය යම් කෙනකු ඇසුරු කිරීම නිසා නැතිවෙනවා නම්, ඔහු කල්‍යාණ මිත්‍රයකු වශයෙන් ගණන් ගන්නට බැහැ.
ඊළඟට යම් කෙනකු ඇසුරු කිරීමෙන් තමාගේ ප්‍රඥාව දියුණු වෙනවා නම්, එවැනි කෙනෙක් කල්‍යාණ මිත්‍රයකු වශයෙන් සළකන්නට ඕනෑ.
ප්‍රඥාව යනුවෙන් හඳුන්වන්නේ බාහිර විෂයයන් සම්බන්ධ දැනුම නො වෙයි. බාහිර විෂයයන් සම්බන්ධ දැනුම ඇති අය ලෝකයේ අනන්තවත් සිටිනවා. ඒ අය නො වෙයි මෙතන කල්‍යාණ මිත්‍රයන් ලෙස සළකන විට ප්‍රඥා සම්පත්තියෙහි ලා ගැනෙන්නේ. මෙහි ප්‍රඥා සම්පත්තිය කිඩන්නේ , සංස්කාර ලෝකයේ යථාා තත්ත්වය තමාට පෙන්වා දෙන කෙනෙක් සිටිනවා නම්, “මේ සියල්ල අනිත්‍ය යි, දුක යි, අනාත්ම යි, මේවා මම හෝ මගේ නො වෙයි. සත්ත්වයෙක් නො වෙයි.
පුද්ගලයෙක් නො වෙයි. මේ සංසාරයේ රැඳී සිටින එක මහා දුකක්, මේවා හේතු ඵල මිස වෙනත් දෙයක් නො වෙයි, මේ සියල්ල සංස්කාර ධර්ම” ආදී වශයෙන් නිවන් යෑමට, සංසාර විමුක්තිය ලබා ගැනීමට අවශ්‍ය ප්‍රඥාව, ය මමකු ඇසුරු කිරීමෙන් ඇති වෙනවා නම්, තමා ළඟ තිබෙන ප්‍රඥාව තව තවත් වැඩිවෙනවා නම්, ඔහු කල්‍යාණ මිත්‍රයකු ලෙස සළකන්නට කියා බුදු රජාණන් වන්සේ දේශනා කර තිබෙනවා.
යමකු ඇසුරු කිරීමෙන් තමා තුළ තිබෙන ශ්‍රද්ධාව වැඩිවෙනවා නම් , ඔහු කල්‍යාණ මිත්‍රයෙක්. එසේම යමකු ඇසුරු කිරීමෙන් තමා තුළ තිබෙන ශ්‍රද්ධාව නැතිවෙනවා නම් ඔහු කල්‍යාණ මිත්‍රයකු නො වෙයි.
කෙටියෙන් කියතොත් තමාට සංසාර දුකින් මිදී නිවන් දැකීමට, පරලොව යහපතට, තමාගේ ගුණ ධර්ම දියුණු කර ගැනීමට, අත හිත දෙන කෙනෙක් සිටිනවා නම් ඔහු කල්‍යාණ මිත්‍රයකු ලෙස සැළකිය යුතු යි.
අප අනෙක් අය ඇසුරු නො කළ යුතු යැයි මෙයින් අදහස් කරන්නේ නැහැ. අද සිටින බොහෝ අය කල්‍යාණ මිත්‍ර ගණයට ඇතුළු කරන්නට බැහැ. ඒ අය ඇසුරු කළා කමක් නැහැ. අතේ දුරින් තබා ගෙන. ඒ අයගේ නරක ගතිගුණවලට ඇබ්බැහි නො වී ඔවුන් ඇසුරු කිරීමේ වරදක් නැහැ. ලෝකයේ ජීවත් වීමට අවශ්‍ය නිසා, සමාජයෙන් කොන් වන නිසා, ඔවුන් ඇසුරු කළත් ඒ අය කල්‍යාණ මිත්‍රයන් වශයෙන් කිසිසේත් සළකන්නට බැහැ. බොහෝ දෛනෙක් සිතන්නේ මෙවැනි වැරදි දේ වලට තමා පොළඹවන අය කල්‍යාණ මිත්‍රයන් කියල යි. මේ කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ඉතාමත් අවශ්‍ය යි, සංසාර දුකින් මිදීමට. එවැනි කෙනෙක් පමණ යි. මේ සංසාරයේ භයානකකම පෙන්වා දෙන්නේ.
2.සද්ධම්ම සවණං - සද්ධර්මය ශවණය කිරීම.
මේ අය කල්පනා කරන්නට පුළුවන්, අද සද්ධර්මය අසන්නට ඕනෑ තරම් තැන් තිබෙනවා. අවස්ථා තිබෙනවා කියා. ගුවන් විදුලියෙන් බණ කියනවා. රූපවාහිනියෙන් බණ කියනවා. ලංකාවේ තරම් බණ අසන්නට ලැබෙන රටක් ලෝකයේ තවත් තිබෙනවා ද කියා සිතන්නට බැරි තරම්. මේ විවිධාකාර ධර්ම දේශනා ඇසීම නො වෙයි මෙහි දී අදහස් කරන්නේ.
අද අපට අසන්නට ලැබෙන සමහර ධර්ම දේශනා ලෞකික පැත්තට නැඹුරු වූ ඒවා. සංසාර ගමන දිග්ගැස්සීමට හේතු වන ධර්ම දේශනා බොහෝ විට ඇසෙනවා. සමහර විට තමා තුළ නො තිබූ තණ්හාව, ආශාව, දියුණු වන, වෛරය, ක්‍රෝධය දියුණු වන ඒවා තමයි අසන්නට ලැබෙන්නේ. නැති නම් තමා මුළාවට පත් කරන දේශනා, වැරදි දේශනා ඉදිරිපත් කරනවා. ධර්ම ශ්‍රවණය යනුවෙන් අදහස් කරන්නේ. බුදුරජාණන් වහන්සේ විසින් “සද්ධම්ම සවණං” යනුවෙන් ප්‍රකාශ කරන ලද්දේ, අන් කිසිවක් නො වෙයි, නිවන් යෑමට අවශ්‍ය වන ආකාරයේ, සංසාර විමුක්තිය ලබා ගැනීමට අවශ්‍ය ආකාරයේ ධර්ම දේශනා.
බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා .”තථාගත භාසිතා, ගම්භීරා, ගම්භීරත්ථා, ලෝකුත්තරා, නිබ්බාණ පටිසංයුත්තා, සූඤ්ඤත පටිසංයුත්තා” කියන වචන.
“තථාගත භාසිතා” :- බුදුරජාණන් වහන්සේ විසින් ම දේශනා කරන ලද දේ.
“ගම්භීරා “ :- ගැඹුරු දේ.
“ගම්භීරත්ථා” :- ගැඹුරු අර්ථ ඇති දේ.
“නිබ්බාණ පටිසංයුත්තා” :- නිර්වාණය විදහා දක්වන, නිර්වාණය මතුකර දක්වන දේශනා.
“සුඤ්ඤත පටිසංයුත්තා :- හිතේ ශූ®න්‍ය භාවය, හිස් භාවය, ඇති කර දීමට හේතු වන දේශනා.
මෙවැනි නිවන් යෑමට අවශ්‍ය වන ආකාරයේ දේශනා තිබෙනවා. එ නම් පංචස්කන්ධය පිළිබඳ දේශනා, රූප, වේදනා, සංඛාර, විඤ්ඤාණ යන මේවා ඇති වීමේ හේතු,, නැති වීමේ හේතු , මේවා අනිත්‍ය බව දුක් බව, අනාත්ම බව දක්වන දේශනා.
ආයතන ගැන කථා කරනවා නම් චක්ඛායතන, සෝතායතන, ඝානායතන, ජිව්හායතන, කායායතන, මනායතන යන ආයතන. ඇස, කණ, නාසය, දිව, ශරීරය, මනස යනන හයට යි, මේ ආයතන යන වචනය එකතු කර චක්ඛායතනය ආදී වශයෙන් ඉදිරිපත් කළේ. මේ ආයතනයන්ගේ ස්වරූපය, මේ ආයතන හුදු අනාත්ම ධර්ම බව, මේවා හේතුන්ගෙන් හටගත් සංස්කාර ධධර්ම බව, මේවා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බව, ආදී කරුණු දැක්වෙන දේශනා.
නැති නම් ධාතු වශයෙන්, තමන්ගේ රූපය ගත්තොත්, “මේවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ධාතු, මේ විඤ්ඤාණ ධාතුව, මේ ආකාස ධාතුව, ධාතු හැර සත්වයෝ නො වෙයි. පුද්ගලයෝ නො වෙයි. ආත්ම නො වෙයි. ධාතු කියන්නේ යම් කිසි ක්‍රියා මාත්‍ර පමණ යි. ඇතිවෙමින්, නැතිවෙමින්, යන ක්‍රියා දාම. මේවා තමයි සත්වයෝ, පුද්ගලයෝ කියා අල්ලන්නේ. ලෝක සත්වයා මුලා වෙලා පැටලිලා සිටින්නේ” ආදී වශයෙන් ධාතු සම්බන්ධයෙන් නිර්වාණයට යොමු කරමින් කරන දේශනා.
එසේ නැති නම් ස්කන්ධ , ධාතු, ආයතන, පටිච්ච සමුප්පාද දේශනා පටිච්ච සමුප්පාද කියන්නෙ. හේතුන්ගෙන් හටගත් ධර්ම විදහා දක්වන දේශනා මේවා “මේ මේ හේතුන් නිසා හටගත් මේ මේ ඵල ධර්ම” යනුවෙන් දක්වන දේශනා.
“අපේ ශරීරය - රූපය ගත්තත්, හේතූන් නිසා හට ගත් ඵල විනා අන් කිසිවක් නො වෙයි. සිත ගත්තත් යම් යම් හේතූ®න් නිසා හටගත් ඵළ ධර්මයක්” ඒ වාගේ ලෝකයේ තිබෙන පටිච්ච සමුප්පාද ධර්මයන්, හේතූ®න් නිසා හටගත් ඵල ධර්මයන් විදහා දක්වන දේශනා.
විශේෂයෙන්ම සංසාරය දිගින් දිගට යන ආකාරය දක්වන පටිච්ච සමුප්පාද චක්‍රයක් බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙනවා. ඒ සමගම එහි අනෙක් පැත්ත - සංසාර චක්‍රය නතර කරන ආකාරයත් දක්වා තිබෙනවා.
“අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාරා පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා නාම රූපං....” ආදී වශයෙන් ඒ පටිච්ච සමුප්පාදය විදහා දක්වන දේශනා.
අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව දක්වන දේශනා.
විදර්ශනා ඥාන මතු කර දක්වන දේශනා.
කලකිරීම ඇති කරවන දේශනා - නිබ්බිදාය, විරාගාය, නිරෝධාය, වූපසමාය යන වචන බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙනවා.
නිබ්බිදාව කියන්නේ සංසාරයෙ තිබෙන සියලු ම සංස්කාර කෙරෙහි ඇලීම නැති කරන දේශනා.
නිරෝධාය - සංස්කාර ධර්මයන් නිරුද්ධ කිරීමට හේතු වන දේශනා.
මේ ආදී වශයෙන් නිවන් යෑමට හේතු වන ධර්ම දේශනා ඇසිය යුතු වනවා. සෝවාන් වීමට බලාපොරොත්තු වන අය. මෙවැනි දේශනා අසන්නට ලැබෙන්නේ කලාතුරකින්, ඒ නිසා කොහේ හෝ තිබෙන තැනකට ගොස් මෙවැනි ධර්ම දේශනා අසන්නට පුරුදු විය යුතු යි. නැති නම් මේ පිළිබඳව ලියැවුණු පොත පත කියවා හෝ දන්නා අය සමග සාකච්ඡා කර හෝ කරුණු අවබෝධ කර ගත යුතුයි. ධර්මය පිළිබඳව යම් කිසි කරුණු ටිකක් අවබෝධ කර ගන්නකොට, ඒ අවබෝධය තමාට නිවන් ලැබීමට ඈතින් සිට උපකාර වෙනවා. උදාහරණයක් වශයෙන් අපි සිතමු.
තමා ගේ ඇඟ හා සිත ගත්තාම “මේවා පංචස්කන්ධ ධර්ම, අනිත්‍ය දුක්ඛ අනාත්මයට බඳුන් වන ධර්ම,, මේවා හේතුඵල ධර්ම, මේවා ගැහැණියක් පිරිමියෙක් කියා ගන්නට බැහැ. කිසිම සත්වයෙක් නැහැ” කියා යම් කිසි දේශනාවක් කරුණු සහිතව ඉතා මැනවින් ඔප්පු කර පෙන්නුවා ය කියා. මෙය ඇසුවාට පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. තමාටම අවබෝධ වන්නට ඕනෑ. “මේක මෙහෙමම යි, වෙන ආකාරයක් නො වෙයි” කියා. “මේවා අනිත්‍ය යි, කිසි සේත් නිත්‍ය නො වෙයි “ කියා තමාට අවබෝධ වන්නට ඕනෑ. “මේවා පවතින තාක් දුක්, සැපක් කියා හිතුවාට කවදාවත් සැපක් නො වෙයි. “ ඒ වාගේම “මේවා අනාත්ම යි - කිසිසේත්ම ආත්ම නො වෙයි” කියා තමාටම අවබෝධ වන්නට ඕනෑ. මේ අවබෝධය ලබා ගැනීමට අර විධියට සද්ධර්මය ශ්‍රවණය කර තිබීම ඉතාම ප්‍රයෝජනවත්.
එසේ නැති කෙනකුට මේවා එක පාරටම තමාගේම ඥානයෙන් සොයා ගන්නට බැහැ. පසේ බුදු කෙනකුට පුළුවන්. සම්මා සම්බුදු කෙනකුට පුළුවන්. බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අහලා, ඒවා භාවිතා කරලා, ඒවායින් අත්දැකීම් ලැබූ යම් කිසි ශ්‍රාවකයකුගෙන් අනෙක් අයට ඒ ගැන දැන ගන්නට පුළුවන්. ඒ හැර කිසිම දෙවියකුගෙන් හෝ බ්‍රහ්මයකුගෙන් හෝ වෙනත් කිසි ම සත්වනයකුනගෙන් දැන ගන්නට බැහැ. ඒ නිවැරැදි ආකාරයේ ධර්ම ශ්‍රවණය ඉතාම අවශ්‍ය වෙනවා සංසාර විමුක්තිය සඳහා. විශේෂයෙන්ම සෝවාන් වීම සඳහා එපමණක් නො වෙයි. සකෘදාගාමි, අනාගාමි හා අර්හත් වීමටත් මේවා අවශ්‍ය යි. පසසේ බුදු වීමටත් අවශ්‍ය යි. සම්මා සම්බුදු වීමටත් අවශ්‍ය යි. එහෙත් පහළම මට්ටමින් කථා කරන විට මේවාට සෝතාපත්ති අංග යැයි කියනවා.
ධර්ම ශ්‍රවණය කරන විට පිළිපැදිය යුතු කරුණු කිහිපයක් තිබෙනවා. විශේෂයෙන්ම ඒ ධර්මය කනින් නොව හදවතින් අසන්නට පුරුදු වන්නට ඕනෑ. මෙය තායිලන්තයේ හාමුදරු නමක් කී කථාවක්. එය සත්‍ය කථාවක්. එයින් අදහස් කරන්නේ, හදවතින් දැක දැක ධර්මය ඇසීම යි. කනින් අසනකොට මේ කනින් අසනවා අනෙක් කනින් අසනවා. අනෙක් කනින් ඉවතට යනවා එපමණ යි. අප අදහස් කරන්නේ කියන දේ ඒ ආකාරයෙන් දකිමින්, අවබෝධ කර ගනිමින් අසන එක යි. එදා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ශ්‍රවණය කර බොහෝ දෙනෙක් නිවන් ලැබුවා. දැන් කාලයේ මොන තරම් ධර්ම දේශනා ඇසුවත්, ධර්ම ශ්‍රවණය කරද්දී නිවන් දුටු කෙනකු ඔබ අසා තිබෙනවා ද ? මා නම් දන්නවා. 15 - 20 ක් පමණ දෙනා මේ කාලයේ ධර්ම ශ්‍රවණය කරද්දී සෝවාන් ආදී මාර්ග ඵල ලැබූ අවස්ථා. එසේ වන්නේ කරුණු දෙකක් මත.
සෝවාන් වීමට නම්...