සෝවාන් වෙන්ඩ අමාරුද? මොකක්ද ක්‍රමය?

chamara0123

Member
Jul 4, 2016
13
3
0
අාචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතාගේ http://sadahama.blogspot.com/2014/06/blog-post_9085.html ලිපියෙන් උපුටා ගෙන ඇත,

බෞද්ධ නිර්වචනයට අනුව චක්ඛු ( ඇස), සෝත( කණ), ඝාණ ( නාසය), ජිව්හා ( දිව), කාය ( සම) හා මන (මනස) ඉන්ද්‍රියන් වලට යම්කිසි අරමුණක් ලැබීම නිසා ඒ ඉන්ද්‍රියන්හි ඇති වන මූලික අවදි ස්වභාවය අර්ථ දක්වා ඇත්තේ(සං) වේදනා (Sense) යන පදයෙනි. මේ වේදනා යනු පංච ඉන්ද්‍රියන්ගෙන් සමන්විත වූ ශරීරය හෙවත් රූප ස්කන්ධය ඇසුරු ඇති වන ඉන්ද්‍රියන්හි අවදි බව වන වේදනා ස්වභාවය මුල්ම මානසික ගති ලක්ෂණය ලෙස ද දැක්විය හැකි ය. මේ වේදනා මානසික ගති ලක්ෂණයෙන් පසුව ඇති වනුයේ සංඥාවයි. පාලි භාෂාවෙන් සඤ්ඤා ලෙස හැඳින්වෙන්නේ සංඥාව ; හැඳිනීම ; ලකුණ ; අදහසක් ඇඟවීමට කරන හස්ත විකාරාදිය ; අවබෝධය යන අර්ථ බව පැහැදිලි කර දී තිබේ. මේ අනුව පංචස්කන්ධයට අයත් සඤ්ඤාක්ඛන්‍ධ නම් හැඳිනීම් සමූහය වේ. සංඥා (Sanna) යනු ඉතා සියුම් ලෙස ඇති නැති වෙමින් පවතින විද්‍යුත් ධාරාවක් හා සමාන ස්නායු ආවේගයක් ලෙස දැක්විය හැකි ය. ඒ අනුව පාලි භාෂා ව්‍යවහාරයට අනුව Sanna යන්නේ Sense ; Perception ; Mark ; Name ; Recognition ; Gesture යන අර්ථ රාශිය අදහස් වේ. සඤ්ඤා නමින් පාලි භාෂාවෙන් අර්ථ දක්වන සංඥා නම් පදය ඉංග්‍රීසි භාෂාවෙන් Signals ලෙස අර්ථ දක්වා ඇත. පාලි භාෂාවෙන් සඤ්ජානන නමින් හැඳින්වෙන්නේ හැඳින ගැනීමයි. මේ අනුව සං+ඤා = නා = සඤ්ජානාති යන්නෙන් හැඳන ගනී ; මනා සේ දැන ගනියි යන්න අදහස් වේ. Sannana යන්න මේ අනුව ( Mark of Sign) සංඥාව හැඳිනීම ලෙස දක්වා ඇත.
මුළු මහත් සංජානන ක්‍රියාවලියම පාහේ සංඥා ලබා ගැනීමේ හා හුවමාරු කර ගැනීමේ ක්‍රියාකාරකම් සමූහයක් ලෙස අර්ථකථනය කළ හැකි ය. මූලිකව ඉන්ද්‍රිය අවදි බවට පත්වීමේ දැනීමේ ශක්තිය වේදනා වුවද සංඥාව ප්‍රබලය. වේදනාව පිළිබඳව දැනීම ස්නායු තන්තු දිගේ ගමන් කරනුයේ සංඥාවක් ලෙසය. මේ අනුව සංජානනය නම් සංඥා පිළිබඳව ඇති කර ගන්නා දැනීම ලෙස දැක්විය හැකි ය. සංඥා පිළිබඳව ප්‍රාථමික මට්ටමේ සිට ඉහළ මට්ටම දක්වා අවබෝධය ඇති කර ගැනීම සංජානන ක්‍රියාවළියට අයත් ය. සංජානනය නම් වේදනා වශයෙන් ලැබී පසුව එය සංඥාව දක්වා ද ඉන් අනතුරුව, සංඛාර දක්වා ද අවසාන වශයෙන් විඤ්ඤාණ දක්වා ද විකාශය වන මානසික අභිප්‍රේරණය නිවැරදිව වටහා ගැනීමේ ක්‍රියාවලියයි. අරමුණු හා ෂඩ් ඉන්ද්‍රියන් සම්බන්ධ නොවී තිබෙන තාක් සංජානන ක්‍රියාවළියක් සිදු නොවේ. අරමුණු හා ෂඩ් ඉන්ද්‍රියන් ස්පර්ශවීම සිතක් හට ගැනීමට අවශ්‍ය මූලික පදනම සකස් කර දෙයි. සචිත්තක බව නම් සංජානන ක්‍රියාවළියේ ආරම්භයයි. එසේම සචිත්තක බව මුලික සංජානන සීමාව ලෙසද අර්ථකථනය හැකි ය. අංගුත්තර නිකායේ සචිත්ත සූත්‍රය තුළ මේ පිළිබඳව ගැඹුරු විග්‍රහයක් අන්තර්ගතය. බුදුන් වහන්සේගේ ඕවාද පාතිමොක්ෂ දේශනාවේදී සචිත්ත පරියොදපනං යන්නෙන් හිත මනාව හික්මවා ගැනීම අදහස් වී තිබේ. එසේ නම් සචිත්තක නමැති ඉන්ද්‍රිය හා මානසික ස්වභාවය සම්බන්ධ කරන පුරුක වේදනා කොටස ලෙස වටහා ගත හැකි ය.

වේදනාව විවිධ අයුරින් සූක්ෂම ලෙස කොටස් කර දැක්වේ. ප්‍රධාන වශයෙයන් සුඛ දුක්ඛ හා අදුක්ඛාසුඛ වේදනා වශයෙයන් තෙහැවිරිදි කොට පෙන්වා දී තිබේ. වේදනාව නිසා දැනීම ඇති වේ. ඊට ප්‍රතිවිරුද්ධව අචිත්තක වීම නම් සිත දැනීම් සංඥා විඳීම් රහිත (Senseless) බවට පත් වීමයි. නිරෝධ සමාපත්ති අවස්ථාවේදී ආයු සංස්කාර හා වේදනා ධර්මවල ක්‍රියාකාරීත්වය අනුව මෙය වටහා ගත හැකි ය. මෙය අසඤ්ඤක වීම ලෙස දක්වා ඇත්තේ එහි දී සංඥාව ඇති වීමට පදනම් වූ වේදනා නැමැති මානසික කොටස අක්‍රියාකාරී තත්වයෙහි පවතින බැවිනි. කළුරිය කිරීමත් සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට සමවැදීමේත් වෙනස සැලකිල්ලට ගැනීමෙන් නිරෝධයෙහි ගැබ් වන සුවිශේෂතා අධ්‍යයනය කළ හැකි ය. ත්‍රිපිටක බුද්ධ දේශනාවන්හි මුලික දැනීම් ලක්ෂණය වේදනා යන නමින් දක්වා තිබේ. ඒ අනුව සංජානනය යනු මේ දැනීම් ක්‍රියාවළියයි. සංජානන පිළිබඳව අධ්‍යයනකදී දැනීම පිළිබඳ කිසියම් විශ්ලේෂණයක් සිදු කිරීම මඟින් සංජානනය නිවැරදිව වටහාගත හැකි ය. මේ දැනීම යනුවෙන් අදහස් කරන්නේ යමක් නිවැරදි ලෙස දැන හඳුනා ගැනීමයි. වටහා ගැනීමයි. සිහිය ලෙස හැඳින්වෙන්නේ ද යමක් පිළිබඳව ඇති කරන්නා නිවැරදි දැනීමයි. සතිය හෙවත් සිහිය බොජ්ඣංගයක් ලෙස වර්ධනය කරගත හැකි ය. එය යමක් පිළිබඳ සවිඥානිකවීම (Consciousness) ලෙසද අර්ථ දැක්විය හැකි ය. මේ අනුව අරමුණු (Objectives) පිළිබඳව සිහි ඇතිව ක්‍රියාකිරීම සවිඥානික බව ලෙස හඳුනාගත හැකි ය. සිහිය යම් අරමුණක නිවැරදි අවබෝධය ලබා ගැනීමට උපකාරී වේ. එසේම දැනීම් ලක්ෂණ අරමුණු කිරීමේ දී එහි ඇති ක්‍රියාකාරී ස්වභාවය නිවැරදිව අවබෝධ කර ගැනීමට ඉඩ ලැබේ. අරමුණු පිළිබඳව දැනීම් ලක්ෂණ සංජානනය සඳහා පංච ඉන්ද්‍රියන් උපකාරී වේ. ඇස, කණ, නාසය, දිව හා සම යනුවෙන් හැඳින්වෙන්නේ අරමුණු සංජානනය කිරීමට උපකාරී වන බාහිර ඉන්ද්‍රියන්ය. මීට අමතරව මේ ඉන්ද්‍රියන් හා සම්බන්ධව මානසික ක්‍රියාකාරීත්‍වය පවත්වා ගැනීම පිණිස අරමුණත්, ඉන්ද්‍රියත් ගැටෙන ස්ථානයේදී ස්පර්ශය නමින් අර්ථ දැක්වෙන ක්‍රියාකාරී ස්වභාවයක් පවතියි. මේ ස්පර්ශය නිසා උත්තේජනයක් (Stimulation) ඇති වේ. මේ උත්තේජනය නිසා ඒ ස්ථානයෙහි දැනීම් විශේෂයක් හට ගනියි. මානසික ක්‍රියාකාරීත්‍වය ආරම්භවනුයේ මේ ස්ථානයේ දී ය. මනස මුල් වරට අරමුණු හා සම්බන්ධ වන ස්ථානය මෙයයි. එය සය වන ඉන්ද්‍රිය ලෙස දක්වා තිබේ. මනස බාහිර අරමුණු නිසා උත්තේජනයට පත් වීමෙන් ඒ අරමුණු පිළිබඳව දැනීම් ඇති කර ගනියි. එසේම බාහිර ඉන්ද්‍රිය මඟින් අරමුණු ගැනීමෙන් තොරව වුව ද මනසට පමණක්ම තනිව ක්‍රියාකාරී විය හැකි ය. එවිට මිනිස් මනසේ ඇති වන මානසික ධර්මතා හෙවත් මානසික අරමුණු ධම්ම යනුවෙන් හැඳින්වේ.

ධම්ම යනුවෙන් දැක්වෙන මානසික අරමුණු හුදෙක් බාහිර ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්‍වයෙන් පරිබාහිරව මනස විසින් ඇති කර ගත් අරමුණු වේ. මේ අරමුණු විවිධාකාරය. මීට කලින් අවස්ථාවලදී බාහිර ඉන්ද්‍රිය මඟින් ලබා ගන්නා ලද අරමුණු ගබඩා කර තබා ගැනීමක් පසු අවස්ථාවක දී යළි මනස වෙත ආපසු කැඳවීමක් ලබන අවස්ථා ද තිබේ. එවිට ධම්ම යන මානසික අරමුණු ලෙස ඉදිරිපත් වනුයේ ඊට පූර්ව අවස්ථාවකදී බාහිර ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්‍වය නිසා ලබා ගත් ගබඩා කර තිබූ ස්මරණ බව දැක ගත හැකි ය. තවත් අවස්ථාවල දී මනස විසින්ම යම් යම් දේ නිර්මාණශීලීව සකස් කර ගන්නා අවස්ථා ද තිබේ. එනම් නිර්මාණශීලීත්‍වය ලෙස හැඳින්වෙන යම් යම් මානසික හැඩතලයන් මනස විසින්ම නිර්මාණය කර ගැනීම් ධම්ම වශයෙන් මනසට අරමුණු වේ.

ෂඩ් ඉන්ද්‍රියන්ට හසු වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හා ධම්ම යන අරමුණු පිළිබඳව ඇති කර ගන්නා දැනුම විජානනයි. එය විඤ්ඤාණ නමින් හැඳින්වේ. මෙය කල්පනා කිරීමෙන් විකෘති නොවූ නිර්විකල්පක දැනුමකි. මේ ආකාරයෙන් ලබන විජානන සවිස්තරව ග්‍රහණය කර ගැනීම සංජානනය ( සඤ්ඤා) යන නමින් හැඳින්වේ. එය කාල්පනිකව ඇති කර ගත් අවස්ථාවක් ලෙස සැලකිය හැකි ය. ෂඩ් ඉන්ද්‍රිය අනුසාරයෙන් ලබන දැනුම සවිකල්පක වන විට යථාර්ථය දැක ගැනීමේ අවස්ථාව අහිමි වී යයි. පුද්ගල ඉන්ද්‍රිය ප්‍රතිභාසයන් එනම් වැටහීම් හා බාහිර ලෝකයේ යථාර්ථ ස්වභාවය යනු දෙකකි. එය එසේ සිදු වන්නේ පුද්ගලයාගේ ඉන්ද්‍රිය ශක්තියේ ගැබ්වන සීමිත බවත් පුද්ගලයාගේ ඡන්ද රාගය ආදී තත්වයන් අනුව අරමුණු විනිශ්චනය කරන බවත් නිසාය. මේ අනුව යම් පුද්ගලයෙකුගේ ඉන්ද්‍රිය දැනුම බොහෝ අවස්ථාවලදී විපරීත සංඥා ස්වභාවයක් ගන්නා බව පෙනී යයි. පුද්ගලයෙකුගේ සාමන්‍ය දෛනික ජිවිතයේදී ව්‍යවහාරික පැවැත්ම ආරක්ෂා කර ගැනීමට ඉන්ද්‍රිය දැනුම අවශ්‍යය. නමුදු යථාර්ථ අවබෝධයේදී ඉන්ද්‍රිය දැනුම පුද්ගලයා මුළාවට පත් කරවන බව වටහාගත යුතුය. සංජානන ක්‍රියාවළිය ගොඩනැඟී ඇත්තේ වේදනාව හැඳිනීම හෙවත් වටහා ගැනීම මතය. මූලිකව ඇතිවන වේදනාව හඳුනා ගැනීමට පුද්ගලයා දක්වන දක්ෂතාව මත සංජානන ක්‍රියාවළියේ සාර්ථකත්වය රැඳී පවතියි. එසේම වේදනාවට අනුරූපව මනසෙහි ඇතිවන සංඥාව පුද්ගල භේදය අනුව විවිධාකාර ස්වභාවයක් දරයි. සංජානනය විවිධ වීමට හේතුව සංඥාව හඳුනා ගැනීමේ පවතින මේ විවිධත්වයයි. මේ විවිධ බව පුද්ගල අනුබද්ධව මෙන්ම සමාජ අනුබද්ධව ද ඇති විය හැකි ය.

https://www.facebook.com/NivanaBoho...41827.345858942256110/609682499207085/?type=3
 

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    සෝවාන් මාර්ගය | සෝතාපන්න වීමට කල යුත්තේ කුමක්ද?



    අභිධර්මයේ මූලික කරුණු,





    https://www.facebook.com/NivanaBohoDuraNowe/


     

    chamara0123

    Member
    Jul 4, 2016
    13
    3
    0
    13718579_627879864054015_8038853800583259249_n.jpg




    සම්මුති යනු, ලෝකයාගේ පිළිගැනීම ය. හෙවත්, ලෝක සම්මතය යි. ඒ අනුව, සම්මුති දේශනාව යනු, ලෝකයාගේ පිළිගැනීමෙහි පිහිටා පවත්වන දේශනාවට ය.

    මේ සම්මුති දේශනා දෙවි, මිනිස්, ස්ත්රිහය, පුරුෂයා, ඇත්, අස්, ගව, මැසි, මදුරු ආදී කුඩා මහත් සියලු සතුන් හා පස්, ගල්, දිය, සුළං, ගස්, වැල් මේ ආදී සියලු වස්තුන් වශයෙන් ද ව්ය්වහාරයේ පිහිටා එය නොඉක්මවා කරනු ලබන දේශනාව ය.

    බුදුරජාණන් වහන්සේ පිළිබඳවත්, උන්වහන්සේ ද ඇතුළත් කොට මෙසේ වදාළ සේක. “ඒක පුද්ගලෝ භික්ඛවේ ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති, බහුජන හිතාය-බහුජන සුඛාය- ලෝකානුකම්පාය-අත්තාය හිතාය- සුඛාය දේව මනුස්සානං-තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ” මහණෙනි ලෝකයේ එකම උතුමෙක් උපදී. එනම්, සියලු දෙනාගේ යහපත පිණිස, හිතසුව පිණිස, බොහෝ දෙනාට අනුකම්පා පිණිස එනම්, තථාගත නමැති සම්බුදු පියාණන් වහන්සේ නමක්. එහි ද, පුද්ගල ව්යතවහාරයේ පිහිටා බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කර ඇත. තථාගත නමැති පුද්ගලයෙකු සිටී යයි එම දේශනාවේ ද අන්තර්ගත ය. එසේම, උපාසක, උපාසිකාවන්, භික්ෂුනවක්, භික්ෂුේණියක් ආදී වශයෙන් සලකා යමක් වදාරයි නම්, දේශනය කරයි නම් එය ද සම්මුති දේශනාවකි. ලෝක ව්ය්වහාරයේ පිහිටා කරනු ලබන දේශනාවකි.

    පරමත්ථ දේශනා යනු,සම්මුති වශයෙන් නොලැබෙන, සම්මුතිය බිඳ හැර, ලෝකයේ සාමාන්යම එබඳු ව්යකවහාරයක් නොකරන දේ පිළිබඳ වදාළ දේශනාවන් ය. ලෝකයේ පුද්ගලයෙකු පිළිබඳව කථා කිරීමේ දී ලෝක සම්මතයේ ආකාරයට රූප-වේදනා-සංඥා-සංඛාර-විඤ්ඤාණ යන දේ පිළිබඳ කථා නොකෙරේ. උදාහරණ හැටියට, “අසවලා නමැති රූපය මෙහි පැමිණියා” කියා ලෝකයා නොකියත්. සාමාන්යා ලෝකයේ “අසවලා මෙහි පැමිණියා” යනුවෙන් කථා කරයි. එසේ ලෝක සම්මතයේ සැටියෙන් කථා කළ ද, ව්ය වහාර කළ ද, යථාභූත වශයෙන්, ඇති සැටියෙන්, සත්යල වශයෙන් බලන කල පුද්ගලයෙකු කියා සත්ය, තත්ත්වයක්, පරමාර්ථෙ තත්ත්වයක්, භූත තත්ත්වයක් ලෝකයේ නොමැත. ඇති තතු යනු එය යි.

    බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද දේශනා පිළිබඳ සැලකීමේ දී, උන්වහන්සේ පුද්ගල ව්ය වහාරයේ පිහිටා කළ දේශනා ද ඇත. එසේම උන්වහන්සේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ආදී පංචස්කන්ධය වශයෙන් ද, ද්වාදශායතනය, අටලොස් ධාතු, ඉන්ද්රිාය, පටිච්ච සමුප්පාදය ආදී වශයෙන් ධර්ම ද දේශනා කොට ඇත. රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ආදී වශයෙන් දේශනා කර ඇත්තේ සම්මුති දේශනා නොවේ, පරමාර්ථම දේශනා ය. රූපය නමැති පරමාර්ථ ය ය, මේ ආදී වශයෙන් සඳහන් කළ ද මූලික ඉගෙනීමේ යෙදෙන අයෙකු හට කාරණය නොවැටහේ. එබැවින්, මෙය පැහැදිලි කළ යුතු ය. එම නිසා සම්මුතිය හා පරමාර්ථෙය වෙන් කොට හඳුනා ගැනීමක් කළ යුතු ය. ඒ සඳහා මුලින්ම මෙසේ ගනිමු. අප එකකැයි කියා සලකා කරනු ලබන ව්යණවහාරය එකක් ම වශයෙන් යොදා බලන විට නොලැබේ නම්, එම එකකැයි කියා කරනු ලබන ව්යයවහාරය සම්මුති ව්යහවහාරයක් වශයෙන් පිළිගත යුතුව ඇත. උදාහරණයක් මෙසේ ය. මිනිසා යනුවෙන් වූ වචනය අප හට ඇසෙන විට, හිසක්, අත්දෙකක්, කඳක් හා පා දෙකක් ඇති පුද්ගලයෙකු හැඟී අප සිතට හැඟී යයි. හිතට යමක් හැ‌ඟේ නම් අර්ථයක් ඇත. එසේ නම් මිනිසා යන අර්ථය සිතට හැඟී යයි. එසේ නම්, මෙම මිනිසා යන අර්ථය අප බෙදා බැලුවහොත්, එනම්, එම පෙනුණ මිනිසාගේ රූපය බෙදා බැලුවහොත්, මුලින්ම හිස ගැන බලන්න. හිස මත කෙස් සමූහයක් ඇත. ඊට පහළින් සිවියක් බඳු සමක් ඇත. මේ ආකාරයෙන් බෙදන විට කෙස්, ලොම්, නිය, දත්, සම් වශයෙන් ප්ර්ධාන වශයෙන් මතුපිට පෙනී යන දේවල් 05 ක් ඇත. එය ඇතුළත මස් ආදී වෙනත් දේවල් ඇත. එසේ බෙදුවහොත්, අප හට පෙනී යනුයේ මුලින් මිනිසා කියා එකක් වශයෙන් ගත් ශරීරයෙහි කෙස් ආදී වශයෙන් කොටස් 32 කට කුණප වශයෙන් ම වෙන් කොට ගත හැකි ය. එම කුණප වශයෙන් බෙදා දක්වන කොටස් ද පරමාර්ථො නොව, එය ද ලෝකයේ පිළිගැනීමකි. ලෝක සම්මතයකි. එවිට කේශය පිළිබඳ යමක් දේශනා කොට ඇත්නම්, එම දේශනාව ද සම්මුතියේ පිහිටා කරන ලද දේශනයකි. එම කෙස් ගසක් ගෙන කෙස් ගස බෙදීමට හැකි නම්, සුළු කරන්නට පුළුවනි නම්, ඇසට නොපෙනෙන සේ සුළු කළ හැකි ය. එසේ ගත්ත ද අප හට පෙනී යයි දූවිලි වශයෙන් ය. එය ද පරමාර්ථනය නොවේ.

    එසේ නම් පරමාර්ථග යනු කුමක් ද ? එය සොයා ගත හැකි වන්නේ මෙම මිනිසා යන ශරීර කොටස් සෑදී තිබෙන්නේ යම් මූල ධාතූන්ගේ වශයෙන් නම් පරමාර්ථ වන්නේ ඒවා ය. එවිට පරමාර්ථ සෙවීමේ දී, අප හට අල්වා ගත හැක්කේ මුලින්ම එහි තද ගතිය එයට හඳුන්වන්නේ පඨවි වශයෙනි. එහි ඇති උෂ්ණ ගතියක් වේ නම් එය හඳුන්වන්නේ තේජෝ වශයෙනි. එය පුම්බවාලන ගතියක් වේ නම් එය හඳුන්වන්නේ වායෝ වශයෙනි. එය විසිර යා නොදී බැඳ තබන්නා වූ තත්ත්වයක් වේ නම්, එනම්, ‌පඨවි, තේජෝ, වායෝ යන මුලින් සඳහන් කළ මූල ධාතු තුන අලවා තබන තත්ත්වයක් වේ නම්, එය හඳුන්වනුයේ ආපෝ වශයෙනි. මෙසේ මෙම ස්වභාවයන්ගේ වශයෙන් බෙදා දැක්වීම යම් උපකරණයකින් කළහැක්කක් නොවේ, එය කළහැක්කේ නුවණින් ම ය.

    දුකක් ම ඇත්තේ ය, දුක් විඳින කෙනෙක් නැත්තේ ය. ක්රිළයාවක් ඇත්තේ ය, කරන කෙනෙක් නැත්තේ ය. නිවීමක් ඇත්තේ ය. නිවුණා වූ (නිවන් ගිය) කෙනෙක් නැත්තේ ය. මාර්ගයක් ඇත්තේ ය. යන්නෙක් නැත්තේ ය. එය ආර්ය සත්යද වශයෙන් දැක්වෙන කියවෙන්නක් ය.
    දුකක් ම ඇත්තේ ය. එම දුක නම් කවරේ ද? දුඃඛන්ති පංචස්කන්ධාන: දුක නම් පංචස්කන්ධය යි. දුක නම් මම නොවේ. දුක නම් ඔබ නොවේ, දුක නම් මිනිසා නොවේ. දුක නම් සත්ත්වයා නොවේ. එසේ නම් දුක යනු, පංචස්කන්ධ ය යි. එසේ නම් පංචස්කන්ධුයේ තිබෙන්නේ මොනවා ද? එහි ඇත්තේ රූපයන් හා නාමයන් ය. ඒවා පරමාර්ථ්යෝ ය. මුලින් ම රූපයන් මොනවාදැයි විමසිය යුතු ය. රූපයන් වශයෙන් පඨවි, ආපෝ, තේජෝ, වායෝ, චක්ඛු, ශ්රෝනත, ඝාණ, ජිව්හා, කායෝ, ස්ත්රී්භාවය, පුරුෂ භාවය ආදී වශයෙන් වූ පරමාර්ථී 28 ක් දැක්වේ.

    මීළඟට සත්ත්වයා ය, පුද්ගලයා ය කියා වන නාම-රූපයන් කොටස් දෙකෙන් කලින් සඳහන් කළ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන රූප කොටස් සමඟ වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන කොටස් 04 ය. වේදනාව ය (විඳීම) යනු, චෛතසිකයකි. සංඥා යනු ද චෛතසිකයකි. එබඳු චෛතසික 50 කි. එනම්, වේදනා හා සංඥා ආදී කොට ඇති චෛතසික 50 කට සංඛාර ගොන්නකි. එසේ නම්, ඉතිරි වන විඤ්ඤාණස්කන්ධණය යනුවෙන් හැඳින්වෙනුයේ අරමුණු දැනගැනීම් වශයෙන් පවත්නා සිත්වලට ය. මේ සියල්ලම එක්කොට ගත්ත ද, මේ සියල්ල වෙන් කොට ගත්ත ද සත්ත්වයෙකු වශයෙන් කිව නොහැකි ය. ඒවායේ ඇති පරමාර්ථ් ස්වභාවය සලකත් නම්, ඒවායේ ඇත්තේ ඒ ඒ ධර්මයන්ට අයත් ස්වභාව ය යි. ඒවාට අයත් වෙන වෙන ම ස්වභාවයන් ඇත. ඒවාට අයත් ලක්ෂටණ ඇත. ඊට අයත් ධර්මයෝ වෙත්. එකිනෙක වශයෙන් වෙන වෙන ම විමසුව ද සත්ත්වයෙක් හෝ පුද්ගලයන් වශයෙන් වෙන් කළ නොහැකිය. නමුත් ඒ සියල්ල එකක් හැටියට ගෙන කථා කරන විට සත්ත්වයෙක් හෝ පුද්ගලයෙක් පිළිබඳ කථාව මතු වන්නේ. එය නිකම් ම වැටහෙන්නක් පෙනෙන දෙයක් නොවේ, බෙදා බැලිය යුතු ය. මෙය තේරුම් ගන්නේ යම් කිසි ආකාරයක් ගන්නා වස්තුවකට ය. උදාහරණයක් වශයෙන් අප මේසය යන ව්යලවහාරය ගෙන පුටුවකට මේසය යනුවෙන් ව්ය්වහාර කරමු. සමහර විට මේසය යන වස්තුව හදාගත්තා වූ ද්රාව්යක ම යොදා ගෙන පුටුව ද නිපදවා ඇත. නැතිනම්, එම මේසය ම ගලවා, එම ද්රසව්යස සම්භාරයම යොදා පුටුවක් ද හැදිය හැකි ය. මේසයේ සටහන වෙනස් කොට පුටුවක සටහන තනා ඇත. එනමුත්, එසේ වුව ද, ඊට අප ඉන් පසුව මේසය යනුවෙන් නොකියමු. එහි සටහන දැක ඊට පුටුව වශයෙන් කථා කරමු. නමුත්, මේසයේ තිබුණු ද්ර ව්ය් සම්භාරය වශයෙන් ගත්ත ද, පසුව එහි සටහන වෙනස් කොට පුටුවක් සැදුව ද, මෙයට මේසය වශයෙන් නොසලකන්නේ අප දැන් දකින සටහන සලකා ගෙන ය. එහි ඇති ද්රටව්ය සලකා ගෙන නොවේ. එහි ඇති ආකාරය සලකා ගෙන ය එයට අපි නම් කරන්නේ. මෙසේ සිතින් කඩා බිඳ බැලීමේ පුරුද්දක් නොව අපට ඇත්තේ, දකින දේ බලා ඇති කරගන්නා දැනුමක් ය. සම්මුතිය බිඳ බැලිය යුතු ය පරමාර්ථපය දැකීමට. සම්මුතිය හාරා අවුස්සා බැලිය යුතු ය. එය නිකම්ම දැකිය නොහැකි ය. තවත් උදාහරණයක් වශයෙන්, ඈත සිට බලන විට මාර්ගායක ඈතින් ජලය ගලා යන්නාකාරයෙන් දකින්නට ලැබේ. එයට මිරිඟුව සේ සටහන් වේ. නමුත්, එහි ගොස් බැලීමේ දී මෙසේ වතුර ගලා යාමක් දක්නට නොලැබේ. එසේ ගොස් ඇත්ත විමසා බැලීමේ දී එසේ එහි වතුරක් නොමැති බව පෙනී යයි. ඒ ආකාරයෙන් සත්ත්ව පුද්ගලයන් ගැන විමසීමේ දී ද මෙසේ එම රූපයන් තුළට එබී බැලිය යුතු ය. සොයා බැලිය යුතු ය.

    https://www.facebook.com/NivanaBohoDuraNowe/

     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    ස්තුතියි , හොදලිපියක් !!!:yes:

    :nerd:මේ කාරණය ගැන මගේ පුද්ගලික අදහස කියන්නම්:

    සෝවාන් වීම පවා ඉතා අමරුකාර්යක් ද ?:confused::confused:

    අද සමාජයේ ජිවත් වන මම ඔබ වගේ පුද්ගලයෙකුට ඉතාමත් අමාරු කාර්යයකි !!!

    තනිකරම ද්‍රව්‍ය-මුලික (Objective ) සමාජයක ලොකුමහත්වූ, ආලක්ප මේරූ අපට ලෝකෝත්තර තත්වයන් ලගකරගැනීම හෝ එවන් මගකට පිළිපන් වීමට මනස සකසගැනීම පවා ලෙහෙසි පහසු කාරයක් නොවේ... මක්නිසාදයත් සැබෑ උත්සහයකින් මෙය ලගකරගැනීමට පවා ක්‍රියාකරන බොහෝදෙනෙක් මෙවැනි කාර්යයන් තෙරුම් ගැනීමට උත්සහ කරන්නේ අපි දැනට අත්විදින ලෝකයේ පවතින "ඉන්ද්‍රීය -ගෝචර " ප්‍රත්‍යක්ශයෙනි. එයට හොදම උදහරනයනම් මෙමෙ ලිපිය ලියන සහෝදරයා පවා එය පැහැදිලිකිරීමට යොදාගන ඇති උදාහරණ සියල්ල ගෙන ඇත්තේ අපගේ පන්චේන්ද්රියන්ට දැනෙන හා පවතින ලෝකයේ පවතින දේ අනුසාරයෙනි. ලෝකෝත්තර දෙයක් ලෞකික උදාහරණයන් ගෙන් තෙරුමගනිමට යාමම අරුත් සුන් උත්සාහයකි. :(:(

    මෙමෙ අදහස ගෙනාවිට ඔබ මගෙන් අස්වි "එසේනම් මෙමෙ පවතින ලෝකයේ ජිවත් වෙන අපි ලෝකෝත්තර තත්වයක් ලගාකරගැනීමට උත්සහ ගන්නේ කෙසේද? කියා ..

    නමුත් එයට මටද උත්තරයක් නොමැත !! මක්නිසාද යත් බුද්දදර්මය එතරම්ම සංකීර්ණ බැවිනි.

    **සංකීර්ණ හා ඉතා අපහසුයි යන වචන දෙකේ අර්ථය කෙසේවත් කලනොහැකිය යන්න නොවන බවද සදහන් කලයුතුය !

    mn ekaga naa mcn hari kalyana mithuru asura thinawanm 1year walin hoo
    eka digata paya 17 k witara dawsa gane 3 month witara adinna puluwannm bahana ahana gaman waradi hadagena oka lesi deyk,
    amaruma de kalayana mithraya thama,

    rahtah bhawaya tama godk amaru de oya atharamadi dewal echara dewal neme labunat labichcha kena ewagana hita hita inne na eke thiyena adupadu dakinawa, anagami wat wenna puluwanm sartahakay

    uthsaya thinawanm oya dewal hoyagena wade karanna puluwan,
    oni taram swaminwahansela innawa dura atha hoyagen ynna oni

    me samajaya hodtama galapenawa wadeta me minissu onawata wada dewal passe yanawa eka ekaparak dakkoth e ka epawenawa, itapsse tama dharama maragaya hoynne,

    anika sowanwechcha kenek eliyen balala hoyaganna bane eyath oya kiyna samaje jiwat wenawa, samaje neme parashna tinne oya sitha kiyana eke,

    eliyen wadak na athula hadaganna