අාචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතාගේ http://sadahama.blogspot.com/2014/06/blog-post_9085.html ලිපියෙන් උපුටා ගෙන ඇත,
බෞද්ධ නිර්වචනයට අනුව චක්ඛු ( ඇස), සෝත( කණ), ඝාණ ( නාසය), ජිව්හා ( දිව), කාය ( සම) හා මන (මනස) ඉන්ද්‍රියන් වලට යම්කිසි අරමුණක් ලැබීම නිසා ඒ ඉන්ද්රියන්හි ඇති වන මූලික අවදි ස්වභාවය අර්ථ දක්වා ඇත්තේ(සං) වේදනා (Sense) යන පදයෙනි. මේ වේදනා යනු පංච ඉන්ද්‍රියන්ගෙන් සමන්විත වූ ශරීරය හෙවත් රූප ස්කන්ධය ඇසුරු ඇති වන ඉන්ද්රියන්හි අවදි බව වන වේදනා ස්වභාවය මුල්ම මානසික ගති ලක්ෂණය ලෙස ද දැක්විය හැකි ය. මේ වේදනා මානසික ගති ලක්ෂණයෙන් පසුව ඇති වනුයේ සංඥාවයි. පාලි භාෂාවෙන් සඤ්ඤා ලෙස හැඳින්වෙන්නේ සංඥාව ; හැඳිනීම ; ලකුණ ; අදහසක් ඇඟවීමට කරන හස්ත විකාරාදිය ; අවබෝධය යන අර්ථ බව පැහැදිලි කර දී තිබේ. මේ අනුව පංචස්කන්ධයට අයත් සඤ්ඤාක්ඛන්ධ නම් හැඳිනීම් සමූහය වේ. සංඥා (Sanna) යනු ඉතා සියුම් ලෙස ඇති නැති වෙමින් පවතින විද්‍යුත් ධාරාවක් හා සමාන ස්නායු ආවේගයක් ලෙස දැක්විය හැකි ය. ඒ අනුව පාලි භාෂා ව්‍යවහාරයට අනුව Sanna යන්නේ Sense ; Perception ; Mark ; Name ; Recognition ; Gesture යන අර්ථ රාශිය අදහස් වේ. සඤ්ඤා නමින් පාලි භාෂාවෙන් අර්ථ දක්වන සංඥා නම් පදය ඉංග්‍රීසි භාෂාවෙන් Signals ලෙස අර්ථ දක්වා ඇත. පාලි භාෂාවෙන් සඤ්ජානන නමින් හැඳින්වෙන්නේ හැඳින ගැනීමයි. මේ අනුව සං+ඤා = නා = සඤ්ජානාති යන්නෙන් හැඳන ගනී ; මනා සේ දැන ගනියි යන්න අදහස් වේ. Sannana යන්න මේ අනුව ( Mark of Sign) සංඥාව හැඳිනීම ලෙස දක්වා ඇත.
මුළු මහත් සංජානන ක්‍රියාවලියම පාහේ සංඥා ලබා ගැනීමේ හා හුවමාරු කර ගැනීමේ ක්‍රියාකාරකම් සමූහයක් ලෙස අර්ථකථනය කළ හැකි ය. මූලිකව ඉන්ද්රිය අවදි බවට පත්වීමේ දැනීමේ ශක්තිය වේදනා වුවද සංඥාව ප්රබලය. වේදනාව පිළිබඳව දැනීම ස්නායු තන්තු දිගේ ගමන් කරනුයේ සංඥාවක් ලෙසය. මේ අනුව සංජානනය නම් සංඥා පිළිබඳව ඇති කර ගන්නා දැනීම ලෙස දැක්විය හැකි ය. සංඥා පිළිබඳව ප්‍රාථමික මට්ටමේ සිට ඉහළ මට්ටම දක්වා අවබෝධය ඇති කර ගැනීම සංජානන ක්‍රියාවළියට අයත් ය. සංජානනය නම් වේදනා වශයෙන් ලැබී පසුව එය සංඥාව දක්වා ද ඉන් අනතුරුව, සංඛාර දක්වා ද අවසාන වශයෙන් විඤ්ඤාණ දක්වා ද විකාශය වන මානසික අභිප්‍රේරණය නිවැරදිව වටහා ගැනීමේ ක්‍රියාවලියයි. අරමුණු හා ෂඩ් ඉන්ද්‍රියන් සම්බන්ධ නොවී තිබෙන තාක් සංජානන ක්‍රියාවළියක් සිදු නොවේ. අරමුණු හා ෂඩ් ඉන්ද්‍රියන් ස්පර්ශවීම සිතක් හට ගැනීමට අවශ්‍ය මූලික පදනම සකස් කර දෙයි. සචිත්තක බව නම් සංජානන ක්රියාවළියේ ආරම්භයයි. එසේම සචිත්තක බව මුලික සංජානන සීමාව ලෙසද අර්ථකථනය හැකි ය. අංගුත්තර නිකායේ සචිත්ත සූත්‍රය තුළ මේ පිළිබඳව ගැඹුරු විග්‍රහයක් අන්තර්ගතය. බුදුන් වහන්සේගේ ඕවාද පාතිමොක්ෂ දේශනාවේදී සචිත්ත පරියොදපනං යන්නෙන් හිත මනාව හික්මවා ගැනීම අදහස් වී තිබේ. එසේ නම් සචිත්තක නමැති ඉන්ද්රිය හා මානසික ස්වභාවය සම්බන්ධ කරන පුරුක වේදනා කොටස ලෙස වටහා ගත හැකි ය.
වේදනාව විවිධ අයුරින් සූක්ෂම ලෙස කොටස් කර දැක්වේ. ප්‍රධාන වශයෙයන් සුඛ දුක්ඛ හා අදුක්ඛාසුඛ වේදනා වශයෙයන් තෙහැවිරිදි කොට පෙන්වා දී තිබේ. වේදනාව නිසා දැනීම ඇති වේ. ඊට ප්රතිවිරුද්ධව අචිත්තක වීම නම් සිත දැනීම් සංඥා විඳීම් රහිත (Senseless) බවට පත් වීමයි. නිරෝධ සමාපත්ති අවස්ථාවේදී ආයු සංස්කාර හා වේදනා ධර්මවල ක්‍රියාකාරීත්වය අනුව මෙය වටහා ගත හැකි ය. මෙය අසඤ්ඤක වීම ලෙස දක්වා ඇත්තේ එහි දී සංඥාව ඇති වීමට පදනම් වූ වේදනා නැමැති මානසික කොටස අක්‍රියාකාරී තත්වයෙහි පවතින බැවිනි. කළුරිය කිරීමත් සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට සමවැදීමේත් වෙනස සැලකිල්ලට ගැනීමෙන් නිරෝධයෙහි ගැබ් වන සුවිශේෂතා අධ්‍යයනය කළ හැකි ය. ත්‍රිපිටක බුද්ධ දේශනාවන්හි මුලික දැනීම් ලක්ෂණය වේදනා යන නමින් දක්වා තිබේ. ඒ අනුව සංජානනය යනු මේ දැනීම් ක්රියාවළියයි. සංජානන පිළිබඳව අධ්‍යයනකදී දැනීම පිළිබඳ කිසියම් විශ්ලේෂණයක් සිදු කිරීම මඟින් සංජානනය නිවැරදිව වටහාගත හැකි ය. මේ දැනීම යනුවෙන් අදහස් කරන්නේ යමක් නිවැරදි ලෙස දැන හඳුනා ගැනීමයි. වටහා ගැනීමයි. සිහිය ලෙස හැඳින්වෙන්නේ ද යමක් පිළිබඳව ඇති කරන්නා නිවැරදි දැනීමයි. සතිය හෙවත් සිහිය බොජ්ඣංගයක් ලෙස වර්ධනය කරගත හැකි ය. එය යමක් පිළිබඳ සවිඥානිකවීම (Consciousness) ලෙසද අර්ථ දැක්විය හැකි ය. මේ අනුව අරමුණු (Objectives) පිළිබඳව සිහි ඇතිව ක්‍රියාකිරීම සවිඥානික බව ලෙස හඳුනාගත හැකි ය. සිහිය යම් අරමුණක නිවැරදි අවබෝධය ලබා ගැනීමට උපකාරී වේ. එසේම දැනීම් ලක්ෂණ අරමුණු කිරීමේ දී එහි ඇති ක්‍රියාකාරී ස්වභාවය නිවැරදිව අවබෝධ කර ගැනීමට ඉඩ ලැබේ. අරමුණු පිළිබඳව දැනීම් ලක්ෂණ සංජානනය සඳහා පංච ඉන්ද්‍රියන් උපකාරී වේ. ඇස, කණ, නාසය, දිව හා සම යනුවෙන් හැඳින්වෙන්නේ අරමුණු සංජානනය කිරීමට උපකාරී වන බාහිර ඉන්ද්රියන්ය. මීට අමතරව මේ ඉන්ද්‍රියන් හා සම්බන්ධව මානසික ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීම පිණිස අරමුණත්, ඉන්ද්‍රියත් ගැටෙන ස්ථානයේදී ස්පර්ශය නමින් අර්ථ දැක්වෙන ක්‍රියාකාරී ස්වභාවයක් පවතියි. මේ ස්පර්ශය නිසා උත්තේජනයක් (Stimulation) ඇති වේ. මේ උත්තේජනය නිසා ඒ ස්ථානයෙහි දැනීම් විශේෂයක් හට ගනියි. මානසික ක්‍රියාකාරීත්වය ආරම්භවනුයේ මේ ස්ථානයේ දී ය. මනස මුල් වරට අරමුණු හා සම්බන්ධ වන ස්ථානය මෙයයි. එය සය වන ඉන්ද්රිය ලෙස දක්වා තිබේ. මනස බාහිර අරමුණු නිසා උත්තේජනයට පත් වීමෙන් ඒ අරමුණු පිළිබඳව දැනීම් ඇති කර ගනියි. එසේම බාහිර ඉන්ද්රිය මඟින් අරමුණු ගැනීමෙන් තොරව වුව ද මනසට පමණක්ම තනිව ක්‍රියාකාරී විය හැකි ය. එවිට මිනිස් මනසේ ඇති වන මානසික ධර්මතා හෙවත් මානසික අරමුණු ධම්ම යනුවෙන් හැඳින්වේ.
ධම්ම යනුවෙන් දැක්වෙන මානසික අරමුණු හුදෙක් බාහිර ඉන්ද්රිය ක්‍රියාකාරීත්වයෙන් පරිබාහිරව මනස විසින් ඇති කර ගත් අරමුණු වේ. මේ අරමුණු විවිධාකාරය. මීට කලින් අවස්ථාවලදී බාහිර ඉන්ද්රිය මඟින් ලබා ගන්නා ලද අරමුණු ගබඩා කර තබා ගැනීමක් පසු අවස්ථාවක දී යළි මනස වෙත ආපසු කැඳවීමක් ලබන අවස්ථා ද තිබේ. එවිට ධම්ම යන මානසික අරමුණු ලෙස ඉදිරිපත් වනුයේ ඊට පූර්ව අවස්ථාවකදී බාහිර ඉන්ද්රිය ක්‍රියාකාරීත්වය නිසා ලබා ගත් ගබඩා කර තිබූ ස්මරණ බව දැක ගත හැකි ය. තවත් අවස්ථාවල දී මනස විසින්ම යම් යම් දේ නිර්මාණශීලීව සකස් කර ගන්නා අවස්ථා ද තිබේ. එනම් නිර්මාණශීලීත්වය ලෙස හැඳින්වෙන යම් යම් මානසික හැඩතලයන් මනස විසින්ම නිර්මාණය කර ගැනීම් ධම්ම වශයෙන් මනසට අරමුණු වේ.
ෂඩ් ඉන්ද්‍රියන්ට හසු වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හා ධම්ම යන අරමුණු පිළිබඳව ඇති කර ගන්නා දැනුම විජානනයි. එය විඤ්ඤාණ නමින් හැඳින්වේ. මෙය කල්පනා කිරීමෙන් විකෘති නොවූ නිර්විකල්පක දැනුමකි. මේ ආකාරයෙන් ලබන විජානන සවිස්තරව ග්‍රහණය කර ගැනීම සංජානනය ( සඤ්ඤා) යන නමින් හැඳින්වේ. එය කාල්පනිකව ඇති කර ගත් අවස්ථාවක් ලෙස සැලකිය හැකි ය. ෂඩ් ඉන්ද්රිය අනුසාරයෙන් ලබන දැනුම සවිකල්පක වන විට යථාර්ථය දැක ගැනීමේ අවස්ථාව අහිමි වී යයි. පුද්ගල ඉන්ද්රිය ප්රතිභාසයන් එනම් වැටහීම් හා බාහිර ලෝකයේ යථාර්ථ ස්වභාවය යනු දෙකකි. එය එසේ සිදු වන්නේ පුද්ගලයාගේ ඉන්ද්රිය ශක්තියේ ගැබ්වන සීමිත බවත් පුද්ගලයාගේ ඡන්ද රාගය ආදී තත්වයන් අනුව අරමුණු විනිශ්චනය කරන බවත් නිසාය. මේ අනුව යම් පුද්ගලයෙකුගේ ඉන්ද්රිය දැනුම බොහෝ අවස්ථාවලදී විපරීත සංඥා ස්වභාවයක් ගන්නා බව පෙනී යයි. පුද්ගලයෙකුගේ සාමන්‍ය දෛනික ජිවිතයේදී ව්‍යවහාරික පැවැත්ම ආරක්ෂා කර ගැනීමට ඉන්ද්රිය දැනුම අවශ්‍යය. නමුදු යථාර්ථ අවබෝධයේදී ඉන්ද්රිය දැනුම පුද්ගලයා මුළාවට පත් කරවන බව වටහාගත යුතුය. සංජානන ක්රියාවළිය ගොඩනැඟී ඇත්තේ වේදනාව හැඳිනීම හෙවත් වටහා ගැනීම මතය. මූලිකව ඇතිවන වේදනාව හඳුනා ගැනීමට පුද්ගලයා දක්වන දක්ෂතාව මත සංජානන ක්රියාවළියේ සාර්ථකත්වය රැඳී පවතියි. එසේම වේදනාවට අනුරූපව මනසෙහි ඇතිවන සංඥාව පුද්ගල භේදය අනුව විවිධාකාර ස්වභාවයක් දරයි. සංජානනය විවිධ වීමට හේතුව සංඥාව හඳුනා ගැනීමේ පවතින මේ විවිධත්වයයි. මේ විවිධ බව පුද්ගල අනුබද්ධව මෙන්ම සමාජ අනුබද්ධව ද ඇති විය හැකි ය.
https://www.facebook.com/NivanaBoho...41827.345858942256110/609682499207085/?type=3

මේ කාරණය ගැන මගේ පුද්ගලික අදහස කියන්නම්: 