තැපැල් සේවකයන් ට සැලකූ හැටි...
1) මාධ්‍ය ඉදිරියේ පරිපාලනය තැපැල් සේවකයන් බල්ලට දැමූවද ඇත්ත බෙහෙවින් තිත්තය.
2) තැපැල් සේවකයන් පීඩාවට පත් කරමින් සතුන්ගෙන් මෙන් වැඩ ගන්නා එකම දෙපාර්තමේන්තුව තැපැල් දෙපාර්තමේන්තුව පමණි.
3)ඔවුන්ගේ සේවාව කෙදිනක වත් පැය අටට සීමා වූයේ නැත .මහජනයා නොදන්නා කතාව නම් තැපැල් සේවකයෝ තමන්ට ඇති වැඩ වේලාවක් නොබලා ඉවර නොකොට ගෙදර නොයනා බවය.බොහෝ විට පැය අටට වඩා වැඩි කාලයක් ඔවුන් කාර්යාල තුල රැඳී සිටිති.පරිපාලන මෙය දනිති .
4)පැය දෙසිය හතලිහට එහා අතිකාල කරන අය ඕනෑ තරම් සිටිති.ඒ සේවයේ අවශ්‍යතාවය අනුවය.240 ට වඩා වැඩියෙන් වැඩ කරාට ඒවාට අතිකාල නොලැබේ.එහෙම සේවකයන් ඉල්ලන්නේද නැත .
5)රාත්‍රි සේවා වාර නිලධාරීන් රාජකාරි කරනුයේ අනන්ත දුක් විඳගෙනය. .පැය විසි හතරක් කාර්යාලය තුල රැඳෙන සේවකයන් හට නිසි ආහාරයක් හෝ නොමැතිව රාජකාරි කරන අය බොහෝය.
6)බොහෝ කාර්යාල වල රාත්‍රි කෙටි විවේකයන් ගත කරනුයේ මේස වල් මත තැපැල් මලු එලා ගෙන සැතපීමෙනි.පරිපාලනය කවදාවත් මේවා සොයා බැලුවේ නැත .
7)බොහෝ කාර්යාල වල කාන්තා නිලධාරීන් හට අවම වැසිකිළි පහසුකම් හෝ නැත .(මේවා බොහෝ විට කුලී පදනම මත පවත්වාගෙන යන ගොඩනැගිලි වේ)මේ නිසා හවස ගෙදර යන තුරු තම බහිශ්‍රාවී අවශ්‍යතා තද කරගෙන සිටින අය එමටය.
8)ජංගම දුම්රියේ රාජකාරි කරන පිරිස් එලිවෙන තුරු හිටගෙන නිදිමරාගෙන ගමන් කරන අතර ඔවුන්ට අධික තැපැල් මලු ප්‍රමානය නිසා ඒ තුල හැරෙන්නට වත් ඉඩ නැත .
9)සේවකයන් ලවා වැඩ ගන්නා තරම ලක් කරන පීඩනයේ තරම කොතෙක් ද යත් බොහෝ සේවකයන් ධූරය හැර යන අයුරු දක්නට ඇත .
10)පොඩ්ඩ එහෙ මෙහෙ උනොත් විමර්ශනයට යොමු කරන හෙයින් පීඩනය දරා ගත යුතුය.
11)සේවක හිඟයේ උග්‍ර භාවය සහ ඒ නිසා වූ මානසික පීඩනය කෙතෙක් ද යත් ඇතැම් සේවකයන් සිය දිවි හානිකර ගැනීමට උත්සාහ කර ඇති සේම ඇතැම් තැපැල් ස්ථානාධිපති වරු කාර්යාල තුලම මිය ගිය අවස්ථාද ඇත .
12)තැපැල් ප්‍රවාහන නිසි ලෙස කලමණාකරණයට පරිපාලනය අසමත්වී ඇත .මහජන දෝෂාරෝපණ වලට මුහුණ දීමට සිදුවී ඇත්තේ තැපැල් ස්ථානාධිපති වරුන්ටය.
13)පාලන කාර්යාල වල සේවකයන් පසුගිය දිනවල අතිකාල වලින් ඉවත් වී ඔවුන්ගේ සාමාන්‍ය සේවාවාර පමණක් කරනු ලැබූ අවස්ථාවේ ඔවුන්ට විමර්ශන පවත්වන බවට බිය වද්දවා බලහත්කාරයෙන් තමාට අයත් නොවන සේවා වාර වල වැඩ ගන්නා ලදි.
14)පසුගිය මැතිවරණය සඳහා ලැබෙන අතිකාල මුදල වැඩිය කියා වගකීම කෙරෙහි අවධානය ඉවත් කොට කෝටාව වෙනස් කරේ මේ තැපැල් පරිපාලනය වේ.දැන් අතිකාල රේටය අඩු වන විට ලබා ගත් මුදල් නැවත ගෙවිය යුතුය.එවිට අර කිව්ව විදියට වැඩි අතිකාලයක් ලැබේ දැයි සොයා බැලිය යුතුය.
15) 2013 බඳවා ගත් නිලධාරීන් වසර 3කින් ස්ථිර කළ යුතු වුවත් ඔවුන් හට පත් වීම් ස්ථිර කරන්නට වසර 5 කට වඩා ගත විය.2016 බඳවා ගත් නිලධාරීන්ටද ඉරණම එයමවිය ඔවුන්ගේ පත්වීම් ස්ථිර වීම 2023 දක්වාම සිදු නොවුනි.එනම් පත්වීම් ස්ථිර වීමට වසර 7ගොස් ඇත.ඔවුන් කිසිවෙකුටත් තවමත් ජ්‍යෙෂ්ඨ තා අංක නැත. තැපැල් සේවය වෙනුවෙන් අනන්‍යවූ සෙවා ව්‍යවස්ථාවක් ඉල්ලා සිටින්නෙ මීට වසර ගණනාවකට පෙර සිටය අවසානයේ එයද 2018 වෘත්තීය අරගලයේ ප්‍රතිඵල ලෙස එකඟ වූ නමුත් වසර 7ක් ගතවීත් සේවා ව්‍යවස්තාවක් නම් මේ වනතුරු නොමැත.ඉතින් පරිපාලනය කෙතරම් කාර්යක්ෂම දැයි බලන්න .2003 පසු සේවයට බැඳුණු කිසිවෙකුට ඊලඟ උසස් වීම පේන තෙක් මානයේ නැත .හැකියාවට තැනක් මෙහි ඇත්තේම නැත .දැනුම අවශ්‍ය නැත .අවශ්‍ය වන්නේ සේවා කාලය පමණි.
16)තැපැල් දෙපාර්තමේන්තුව උසස් වීම් විභාග ක්‍රමය අතිශයින්ම දූෂිතය.දන්නෝ දනිති... .
17)තැපැල් කරුවන් ඔවුන්ගේ අතින් තෙල් ගසා ලිපි බෙදති.ඔවුන්ට පාපැදිය නඩත්තු කිරීමට මසකට රු 250/=ගෙවති.මැහුම් කුලියද එසේය.හැබැයි සෞඛ්‍යය ට එය එක විදියකි.
18)ඇත්තම කතාව නම් සේවකයන් හට සලකන විදියට අප යා යුත්තේ කම්කරු උසාවියකට බවය.
මේක මගේ යාලුවෙක්, තැපැල් එකේ වැඩ කරන FB එකේ දාලා තිබ්බේ. මෙච්චර බොක්කෙන් වැඩ කරනවා, හැබැයි finger print එක දාන්න කැමති නෑ
