සෞඛ්‍ය අමාත්‍යංශයේ වාහන 575ක් අතුරුදන්

Rochel

Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    සෞඛ්‍ය අමාත්‍යංශයේ වාහන 575ක් අතුරුදන්

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සතු වාහන 575 ක් සොයා ගැනීමට නොහැකි වී ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය කළ දැනුම්දීක් අනුව විමර්ෂන ආරම්භ වී ඇතැයි පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග කියයි.

    අමාත්‍යාංශයේ ලේකම්වරිය මේ පිළිබඳව වැඩබලන පොලිස්පතිවරයාට ලිඛිත පැමිණිල්ලක් කර ඇති අතර
    මේ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයා අපරාධ සංවිධානාත්මක අපරාධ, නිති, විනය හා කල්ක්‍රියා දිසාහාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී ඇතැයි පොලිසිය සිතයි.

    මෙම වාහන යම් පොලිසියකින් අත්අඩංගුවට ගෙන තිබේ ද යන්න ගැන සොයා බලා අගෝස්තු 10 වැනිදාට
    පෙර වාර්තාවක් සපයන ලෙස අපරාධ, සංවිධානාත්මක අපරාධ, නීතී, විනය හා කල්ක්‍රියා දිසාභාර නියෝජ්‍ය පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව,


    කොළඹ අපරාධ කොට්ඨාසය, ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය ඇතුළු විශේෂිත පොලිස් ඒකකවලටත්, සියලුම කොට්ඨාස භාර පොලිස් ස්ථාන වලටත් දැනුම් දී තිබේ.

    එම දැනුම් දීම සියලු පොලිස් ස්ථානාධිපතීවරුන්ට ද යොමුකර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය සතු වාහන සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුවද විශේෂ විමර්ෂනයක් සිදුකර විගණන වාර්තාවක් පසුගිය අප්‍රේල් මාසයේදී නිකුත් කර තිබිණි.

    වාහන 1794 අස්ථාන ගත වී තිබීමත්, අමාත්‍යාංශයෙන් බාහිර පාර්ශව වෙත පවරා තිබු වාහන 259 ක් අතුරෙන් 177 ක පැවරීම් වල නිත්‍යනුකූලතාව තහවුරු නොවීමත්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී තිබුණ ද අමාත්‍යාංශ ලේඛනයේ ඇතුළත් නොවූ වාහන 202 න් වාහන 171 ක භෞතික පැවැත්ම තහවුරු නොවීමත් හේතුවෙන් නිශ්චිතව ගණනය කළ නොහැකි අලාභයක් රජයට සිදුවී ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව එම වාර්තාවේ සඳහන් කර තිබිණි.


    ජනාධිපති ලේකම්වරයාගේ 2010 මැයි 14 දිනැති රාජ්‍ය වියදම් කළමනාකරණ චක්‍රලේඛය අනුව අමාත්‍යවරයෙකු


    වෙනුවෙන් වෙන් කළ හැකි වාහන සංඛ්‍යාව තුනක් වුව ද සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් අනුයුක්ත කර තිබූ වාහන සංඛ්‍යාව 15 ක් බවත්, ඇමැතිවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරියා වෙනුවෙන් එක් වාහනයක් පමණක් අනුමත වුව ද සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වාහන දෙකක් අනුයුක්ත කර ඇති බවත් විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සඳහන් වෙයි.

    නියෝජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් අනුමත වාහන සංඛ්‍යව තුනක් වුව ද සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් වාහන 11 ක් අනියුක්ත කර තිබුණු බව ද එහි සඳහන් වෙයි.

    අමාත්‍ය කාර්යාලයට අනුයුක්ත කර ඇති වාහන තුනක් 2017 ජනවාරි පළමු වැනිදා සිට 2017 ජුනි 30 දක්වා අතර මාස හයක පමණ කාලයේදී කිසිදු අවස්ථාවක අමාත්‍යාංශයට පැමිණ නොතිබූ බවත්, අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයට වැඩිපුර වෙන්කර ඇති වාහනවලට අමතරව 2017 වසරේ පළමු මාස හයේදී අවස්ථා 314 කදී අමාත්‍යංශය භාවිතයේ ඇති වාහන අනුයුක්ත කර ඇති බවත් ඒ සඳහා අවස්ථා 102 කදී කිලෝ මීටර 56,132 ක් සදහා රුපියල් 7,93,370 ක ඉන්ධන වැයකර තිබුණු බවත් විශේෂ විමර්ශන වාර්තාවේ දැක්වේ.

    විෂයභාර අමාත්‍යවරයාට,නියෝජ්‍ය අමාත්‍යවරයාට හා අදාළ කාර්ය මණ්ඩලයට චක්‍රලේඛවලට පටහැනිව වාහන හා ඉන්ධන ලබා දීමට වගකිව යුතු නිලධාරින්ට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කළ යුතු බව ද නිගමනය කර විගණකාධිපති දෙපාර්තුමේන්තුව පැවැත්වූ හඳුනාගත නොහැකි වාහන 171 සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැවරීම සුදුසු බවද නිර්දේශ කර තිබිණි.

    (තරිඳු ජයවර්ධන)



    source:gossiplankanews
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    චතුරගේ අම්මගෙන් ඇහුවනම් කියයි..:yes::yes:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ වාහන ඇත්ත වාහන නෙවෙයි මම හිතන්නෙ. වාහනයක් ගත්ත කියල බිල් දාල ඇති. ඒකයි හොයාගන්න බැරි
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    32710821_617479151956692_5722495076639178752_n.jpg
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    රාජිත ඔය කොයි ආණ්ඩුව ආවත් සෞක්‍ය ඇමති තමා. එක හින්ද ඔය විපක්ෂේ කට්ටිය සද්දේ වහල හිටියොත් මොකද.
    226 ට කඩේ යන්නේ නැති අපි වගේ අය නම් බැන්නත් කමක් නැ
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ආණ්ඩුවේ අන්ත දූෂිත තැනක් සෞඛ්‍ය අංශය.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අර සමහර අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග ගේන්න වුන අවස්ථාවල කළු මුදලාලි ලඟ උකස් කරලද දන්නෙ නෑ ආයිබෝං.....
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,519
    25,835
    113
    යකෝ සෞක්‍ය වාහන ගිනි පෙට්ටි සයිස් ද? අනෙක එක දෙක නැති වෙද්දී බුදියන් ඉඳලා දැන් ද නැගිට්ටේ....
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කෘත්‍රීම බුද්ධි තාක්ෂණයෙන් ගෙන්වපු සායනික අපද්‍රව්‍යද අර වැවක තිබිලා හම්බ වෙනවා කියන්නේ