සෞදියට_නිදහස

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
සෞදි රාජ්‍ය වෙනස් වෙයි.

5c0b8a7e5ba749059749a22ad2d3ee6c_18-735x400.jpg

සෞදි අරාබියාව මැද පෙරදිග කලාපයේ ධනවත්ම සහ බලවත්ම රාජ්‍ය ලෙස සැලකේ. සෞදි රාජ්‍යයේ පවතින්නේ දැඩි නීතිරීති වලට යටත්ව ගෙන යන පලන තන්ත්‍රයකි. නමුත් මේ වන විට එම දැඩි නීති රීති යම් තාක් දුරට ලිහිල් වෙමින් රටේ පාලන ක්‍රමවේදය වෙනස්වන්නට පටන්ගෙන තිබේ. ඒ සෞදි අරාබියාවේ ඔටුන්න හිමි කුමාරයා වන මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ ආගමනයත් සමගය. තවමත් 32 හැවිරිදි වියේ පසුවන සල්මාන් කුමරුගේ ආගමනය සෞදියේ තරුණ පරම්පරාවේ ප්‍රසාදයට හේතුවී ඇත. සෞදි අරාබියාවේ මෙතෙක් කල් රාජ්‍ය පාලනය ගෙන ගියේ වයස 70 – 80 අතර පසුවූ රජවරු විසිනි.

සෞදි කාන්තාවන්ට රජු විසින් රිය පැදවීම සඳහා අවසර ලබාදීම සෞදි නීතියේ සිදුවූ ප්‍රදාන වෙනසක් ලෙස සැලකිය හැකිය. නීති අංශයෙන් උපාධිය ලබා ඇති සල්මාන් කුමරු පවසන්නේ සාම්ප්‍රදායි ඉස්ලාම් නීති රීති ලිහිල් කිරීම මගින් රටේ විශාල සංවර්ධනයක් අපේක්‍ෂා කල හැකි බවය. නව විදේශීය ආයෝජන අවස්ථා සහ රැකියා උත්පදනයන් මෙම නීති ලිහිල් කිරීම මගින් රටට ලබා ගත හැකි බව කුමරුගේ අදහස වේ. මේ වන විට ඉතිහාසයේ කවදාවත් නොදුටු අයුරින් සෞදි පාලනය වෙනස් වෙමින් පවතින බව දැකිය හැක.

1979 දී සිදුවූ ඉරාන විප්ලවය තුලින් ඉරානයේ ආර්ථික, සමාජයීය හා සංස්‌කෘතික පුළුල් විපර්යාසයක්‌ හටගත්තේය. මේ ඉරාන විප්ලවයෙන් පසුව මැද පෙරදිග සියලුම රටවල් ඉරාන පාලන ක්‍රමවේදය අනුකරණය කරන්නට පටන් ගත්තේය. එම අනුකරණ කල රටවලින් එකක් ලෙස සෞදි අරාබියාව හැදින්විය හැකිය. ” අපිට හරි හැටි අවබෝධයක් නැහැ කොහොමද මේ පාලන ක්‍රමවේදයත් එක්ක ගනු දෙනු කරන්නේ කියල. මෙම ක්‍රමව්දය ලෝකය පුරාම ප්‍රශ්න ඇති කළා. මේ පාලන ක්‍රමය වෙනස් කිරීමට හොඳම කාලය තමයි මේ ඇවිත් තියෙන්නේ යනුවෙන් සල්මාන් කුමරු පවසයි.

deputy_crown_prince_and_zuckerberg_2.jpg
576d1009f2d95.jpg

මොහොමඩ් බින් සල්මාන් කුමරු ඇමරිකාවේ සිලිකන් වැලිහී පිහිටි ෆේස්බුක් කාර්යාලයේදී සකර්බර්ග් හමුවූ අවස්ථාව.

සෞදි අරාබියාව තුල ඉතා වේගයෙන් සිදුවන වෙනස්කම් නව සෞදි විප්ලවයක් ලෙසද සැලකිය හැකිය. දැඩි අන්තවාදී නීති රීති ඉවත් කර සෞදි ජනතාවට නිදහසේ විදේශ රටවල සැරි සැරීමට , තරුණ පරම්පරාවට නිදහසේ අධ්‍යාපනය ලැබීම , කාන්තාවන්ට රිය පැදවීමට අවස්ථාව ලැබීම ඉතා සර්වශුභවාදී ලෙස දැකිය හැකි බව විචාරකයින්ගේ අදහසයි.

මෙයට අමතරව රාජ්‍ය දුෂණ වංචා වැලක්වීමටද සල්මාන් කුමරු විසින් සිය දායකත්වය ලබා දෙමිනි සිටියි. පසුගිය දිනවලදී සල්මාන් කුමරුගේ නියෝගයෙන් රාජ කුමාරවරු, ව්‍යාපාරිකයින් සහ ඇමතිවරුන් විශාල පිරිසක් අත්අඩංගුවට ගනු ලැබීය. මෙම අත්අඩංගුවට ගැනීම් සම්බන්ධව සෞදි රාජ්‍යයේ නීතිපති ෂේක් සෞද් අල් මොජෙබ් පවසා සිටින්නේ මෙය සෞදි රාජ්‍යයේ දුෂණ වංචා පිටු දැකීමේ මුල් අවදියේ එක් අවස්ථාවක් පමණක් බවය. සල්මාන් කුමරුගේ සහ නව සෞදි රාජ්‍යයේ ක්‍රියාකාරකම් පිළිබඳව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ප්‍රසාදය මෙන්ම සහයද හිමිවන බව ට්‍රම්ප් විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කොට සිටී.
සෞදි රජ පෙළපත

e2c0ee92857f47f3b36df26a0dba5c0e_6.jpg

source lokapuwath.com
 
reddit

Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    දැන්වත් නාකින්ව ලොකු පුටු වලට යවන එක නැති කරානම් හරි මෙහෙත් :baffled:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    boru ragapam wennath puluwan, oya saudi karayo marala hari rajakam ganna kattiya, muthawwo innakan lesi na.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙහෙ ඉන්න බහුතරයක් වෙච්ච ගතානුගතික ෂරිය මූලික හම්බ රැලට රෙවිල ඇති දැන්. මූ වෙන ආගම් වල දේවස්ථාන, විහාරස්ඨාන වලට අවසර දෙන්න යන කතාවකුත් මම ඇහුව කොහේ හරි. මෝඩ හැතිකරේ පොඩ්ඩක් මොලේ පාදල ගත්තොත් නියමයි. නැත්නම් ලෝකෙටම පිළිලයක් ඔය රට.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මෙහෙ ඉන්න බහුතරයක් වෙච්ච ගතානුගතික ෂරිය මූලික හම්බ රැලට රෙවිල ඇති දැන්. මූ වෙන ආගම් වල දේවස්ථාන, විහාරස්ඨාන වලට අවසර දෙන්න යන කතාවකුත් මම ඇහුව කොහේ හරි. මෝඩ හැතිකරේ පොඩ්ඩක් මොලේ පාදල ගත්තොත් නියමයි. නැත්නම් ලෝකෙටම පිළිලයක් ඔය රට.

    මෙහෙමයි මචන් ඩුබායි හෙවත් එක්සත් එමීර් රාජ්‍ය දියුණු උනේ තෙල් වලින් නොවෙයි. ඩුබායි වලට තෙල් නැහැ. උන් දියුණු උනේ පිටරට අයෝජනා වලින්. ඒවගේම සංචාරක කර්මන්තය තුලින්

    ඩුබායි වල මිනිස්සුන්ට අවශ්‍ය නිදහස ලබා දුන්නා. තමන් කැමති විදිහට අඳින්න පළදින්න අවස්ථාව දුන්නා. ඉස්ලාම් ධර්මයේ පවතින දැඩි නීති රීති ක්‍රියාත්මක කලේ නැහැ. ඒකේ ප්‍රතිපලයක් විදිහට ලෝකයේ නන් දෙසින් ආයෝජකයෝ ආවා. සංචාරකයෝ ආවා. ඩුබායි වල ඌරු මස් පවා සුපර් මාර්කට් වල තියනවා.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ ඔය කියන කතාව ඩුබායි (ප්‍රාන්තය = Emirates) සඳහා පමණයි. නමුත් අපි මේ කතා කරන සවුදි අරාබිය UAE වල කොටසක්. බොහොම දරුණු නීති රීති තියෙන කොටසක්. අන්න ඒ කොටස තමයි මේ බලු නීති වලින් පොඩ්ඩක් නිදහස් වෙන්න යන්නේ.

    මෙහෙමයි මචන් ඩුබායි හෙවත් එක්සත් එමීර් රාජ්‍ය දියුණු උනේ තෙල් වලින් නොවෙයි. ඩුබායි වලට තෙල් නැහැ. උන් දියුණු උනේ පිටරට අයෝජනා වලින්. ඒවගේම සංචාරක කර්මන්තය තුලින්

    ඩුබායි වල මිනිස්සුන්ට අවශ්‍ය නිදහස ලබා දුන්නා. තමන් කැමති විදිහට අඳින්න පළදින්න අවස්ථාව දුන්නා. ඉස්ලාම් ධර්මයේ පවතින දැඩි නීති රීති ක්‍රියාත්මක කලේ නැහැ. ඒකේ ප්‍රතිපලයක් විදිහට ලෝකයේ නන් දෙසින් ආයෝජකයෝ ආවා. සංචාරකයෝ ආවා. ඩුබායි වල ඌරු මස් පවා සුපර් මාර්කට් වල තියනවා.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මෙහෙමයි මචන් ඩුබායි හෙවත් එක්සත් එමීර් රාජ්‍ය දියුණු උනේ තෙල් වලින් නොවෙයි. ඩුබායි වලට තෙල් නැහැ. උන් දියුණු උනේ පිටරට අයෝජනා වලින්. ඒවගේම සංචාරක කර්මන්තය තුලින්

    ඩුබායි වල මිනිස්සුන්ට අවශ්‍ය නිදහස ලබා දුන්නා. තමන් කැමති විදිහට අඳින්න පළදින්න අවස්ථාව දුන්නා. ඉස්ලාම් ධර්මයේ පවතින දැඩි නීති රීති ක්‍රියාත්මක කලේ නැහැ. ඒකේ ප්‍රතිපලයක් විදිහට ලෝකයේ නන් දෙසින් ආයෝජකයෝ ආවා. සංචාරකයෝ ආවා. ඩුබායි වල ඌරු මස් පවා සුපර් මාර්කට් වල තියනවා.

    dubai oya kiyana tharam free na prasiddaye kiss karanna be, poddak hoyala beluwoth godak suddo amaruwe watila thiyenawa shariya law eka thiyenawa habai media eken wahala thiyenne. eth ai suddo mekata adenne? hethuwa Tax free, one tharam hamba karath Tax ekak gewanna one na ekai. ape ratata Hambakarana watupata danenna tax gahuwe nathi unata suddonta unge ratawal wala danenna tax gahanawa eth dubai ehema na ekai mee masso wage dubai walata adenne kochchara prashna thibbath
     
    යුරෝපා රටවල තියන නිදහස නම් කොහොමත් අපේක්‍ෂා කරන්න බැහැ. මම සන්සන්දනය කලේ සෞදි අරාබියාවත් එක්ක.

    දැන් සෞදියත් හදන්නේ ඩුබායි වගේ වෙන්න. ටැක්ස් කපා හැරීම මගින් විදේශීය ආයෝජන අවස්ථා වැඩි කරගන්න.
     
    Last edited: