එකග නෑ. පළිගන්න චේතනාවෙන් යම් කිසි කෙනෙක්ට දඩුවම් කරන එකට මම කොහොමවත්ම එකග නෑ. අපි කාට හරි දඩුවමක් දෙන්න ඕනේ ඒ දඩුවමට යටත් වෙන කෙනාට තමන් කරපු දේ වරදක් බව අවබෝධ කරලා දීම සදහායි. එහෙම කරලා ඒ මනුෂ්‍යයාව යහමගට යොමු කරවලා අනෙක් අයගෙන් ඒ මනුෂ්‍යාට හිරි හැර වෙන එක වැලැක්වීමට සහා ඒ මනුෂ්යයාගේන් අනෙක් අයට හිරි හැර වීම වැලැක්වීම සදහායි. නමුත් මරණීය දණ්ඩනය මගින්, ජීවිතාන්තය දක්වා හිර දඩුවම් කරන එකෙන්, අතී දීර්ඝ කාලයක් හිරේ දාන එක මගින්, ශරීර අවයව කපා කොටා දාන එක මගින් මේ කියපු දේ වෙන්නේ නෑ. ඉතින් මේ කිසිමකාරයේ දඩුවමකට මම එකග නෑ. පළිගැනීම කියන්නේ ප්‍රාථමික ඔළුවක ලක්ෂණයක්. දැන් ගොඩක් බටහිර රටවල් ,යුරෝපේ වගේ කෘර දඩුවම් වලින් ඉවත් වෙලා ලිහිල් දඩුවම් දෙන්න පෙළබෙන්නේ මේ නිසයි. අපරාධයක් වෙන්නේ යම් කිසි හේතුවක් නිසයි හේතු එල දහම කියන්නේ ඒකටයි. ඉතින් ඒකට අපරාධය වුනාට පස්සේ අපරාධකාරයාව එල්ලලා හරියේන්නේ නෑ මොකද හේතුව තවම සමාජයේ පවතින නිසා. හේතුව සමාජයේ පවතින තාක් කල් අපරාධ වෙනවා. අපරාධ වෙන එක නවත්වන්න බෑ. ඉතින් මිනිස්සු කරන්න ඕනේ ඒ හේතුව අදුන ගෙන ඒක සමාජයෙන් ඉවත් කිරිමට වැඩ කටයුතු යෙදීමයි.
උදාහරණයකට කිව්වොත්. හොරකම් වෙන්නේ දුප්පත් කම, නූගත් කම, විරැකියාව, ස්වයං පාලනය නැති කම,සහා හොරකම වැරැද්දක් ලෙස දක්වන්නේ නැති නිසයි. එතකොට දුප්පත් කම රටේ අඩු කරලා, මිනිස්සුන්ට අධ්‍යාපනය දීලා, රැකියා දීලා, ආධ්‍යාත්මික සංවර්ධනයක් දුන්නා දීලා (භාවනාව වගේ) ,හොරකම වැරැද්දක් බව මිනිස්සුන්ට ඒත්තු ගැන්වූවා නම්. එතකොට හොරකම් නිකම්ම අඩු වෙනවා. එහෙම නැතුව මේ ප්‍රශ්ණ විසදන්නේ නැතුව හොරු අල්ලගෙන උන්ට දඩුවම් කර පමණින්. හොරකම් නවතින්නේ නෑ. හොරකම් දිගින් දිගටම වෙනවා මේ හේතුව පවතින තාක් කල්. ඒකයි අද පවා මෙච්චර සැර දඩුවම් තියෙන අරාබියේ වුනත් දරුණු අපරාධ වෙන්නේ.
බෞද්ධාගමේ හේතු එලදහම කියන්නේ මේකටයි.