සෞදී අරාබිය සියළු ආගම් වලට වීවෘතවේ

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    සෞදී අරාබිය සියළු ආගම් වලට වීවෘතවේ

    සෞදී අරාබිය අන්තවාදී ඉස්ලාමිය නොවන රාජ්‍යයක් බවට පත්කිරීමට කටයුතු කරන බවට හා මධ්‍යස්ථ ඉස්ලාමිය රටක් බවට නැවතත් පත්කරීමට කටයුතු කරන බවට සෞදී අරාබියේ ඔටුන්න හිමි කුමාරයා පවසා ඇත.
    1-1.jpg


    සෞදී අරාබියේ ඔටුන්න හිමි කුමාරයා වන මොහොමඩ් බින් සල්මාන් (Mohammed bin Slaman ) කුමාරයා මෙසේ පවසා ඇත්තේ සෞදී අරාබියේ රියාද් නගරයේ පැවැත්වූ Future Investment Initiative සම්මන්ත්‍රණයේ සමාරම්භක දේශනය පවත්වමිනි.

    මෙහිදී මොහොමඩ් බින් සල්මාන් වැඩිදුරටත් ප්‍රකාශකර සිටියේ සෞදී අරාබිය තුළ පවතින අන්තවාදී ඉස්ලාමිය මුලින් උපුටා දමා මධ්‍යස්ථ ඉස්ලාමිය රටක් බවට සෞදී අරාබිය පත්කළ යුතුබවත් අනෙකුත් ආගම් සදහා සෞදී අරාබිය වීවෘත කළ යුතුබවටද සෞදී අරාබිය ඈත අතීතයේ මෙලෙස අන්තවාදී ඉස්ලාමිය රටක් නොවූ බවද අන්තවාදී ඉස්ලාමය රට තුළ පැවති හෙයින් සෞදී අරාබිය ලෝකයට විවෘත නොවූ බවත්

    රට තුළ නව ප්‍රතිසංස්කරණ ඇතිකර සෞදී අරාබිය ලෝකයට විවෘත කිරීමට තමා සුදානම් වන බවද ඔහු පවසා ඇත.

    සෞදී අරාබියේ ඔටුන්න හිමි කුමාරයා වන මොහොමඩ් බින් සල්මාන් ව්‍යාපාරික අධ්‍යනය පිළිබද උපාධිධාරියකු වේ

    සෞදී කුමාරයාගේ මෙම ප්‍රකාශය සෞදී අරාබියේ දැඩි මතධාරී සම්ප්‍රදායික ඉස්ලාමිය නායකයන්ගේ දැඩි විවේචනයට භාජනය වී ඇත

    එහෙත් දැනට සෞදී අරාබියේ තරුණ ජනගහනය 80% පමණ අගයක් ගන්නා බැවින් සෞදී අරාබියට අන්තවාදී ඉස්ලාමිය නොවන රාජ්‍යයක් බවට පත්කිරීමේ මෙම වැඩ පිළිවෙල සාර්ථක වනු ඇත
     
    • Like
    Reactions: BlueBat

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,333
    1
    13,266
    113
    Gotham City
    තරුණ එවුන් ගොඩාක් ඔය අන්තවාදී සීන් වලට කැමති නැහැ
    උන් ෆන් එකෙ ඉන්න කූල් ඩයල් .පරණ නූගත් එවුන්ගෙ තමා ඔය අන්තවාදි ලයින් වැඩි .
     
  • Jul 12, 2012
    447
    74
    28
    යන්න එපා.හොරා වගේ අනිත් ආගම් අදහන කට්ටිය සෞදියට ගෙන්නගෙන බෙල්ල කපන්න හදන්නෙ. අපි අහුවෙයි ඕවට.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කවුද බෝයි;22436226 said:
    යන්න එපා.හොරා වගේ අනිත් ආගම් අදහන කට්ටිය සෞදියට ගෙන්නගෙන බෙල්ල කපන්න හදන්නෙ. අපි අහුවෙයි ඕවට.

    ado.. mata kawuda boyge voice ekekn ohoma kiyanawa mawila pewuna(ahuna) ban... :lol: