සෞමයවන්තියේ

nuwanchaminda

Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    විශාරද ජානක වික්‍රමසිංහයන්ගේ සංගීත ජීවිතයට 25 වසරක්ස ම්පූර්ණ වීම නිමිත්තෙන් "සෞමයවන්තියේ" ප්‍රසංගය මාර්තු 31 නෙළුම්පොකුණ රඟහලේදී

    53856591_787662494943766_8014833171075956736_n.jpg


    53827127_366178600643171_8030628222544642048_n.jpg


    54770952_790863811290301_691376639577161728_n.jpg


    55840531_791976224512393_123511289359106048_n.jpg




    මගේ ගම පොළොන්නරුව. ගායනය ගැන කොහොම කැමැත්තක්‌ ඇතිවුණාද කියලා මට නිශ්චිතව කියන්න බැහැ. කොහොම හරි ඉස්‌කොලෙ 8- 10 පන්තිවලදී තමයි සිංදු කියන්න පටන් ගත්තේ. ඒ කාලෙ මම සුනිල් ශාන්ත, ගුණදාස කපුගේ, එඩ්වඩ් ජයකොඩි, සුනිල් එදිරිසිංහ යන ගායන ශිල්පීන්ගේ ගීත තමයි ගයන්නේ. මගේ මුල් පාසල තෝපාවැව මහා විද්‍යාලය. එතැනදී මට හමුවන සුමනදාස සර් මට සංගීතය ගැන මූලික අධ්‍යනයක්‌ ලබාදීලා තිබුණා. ඊට පස්‌සේ මම පොළොන්නරුව රාජකීය විද්‍යාලයට යනවා උසස්‌ පෙළ හදාරන්න. එතැනදී මට හමුවුණ සංගීත ගුරුතුමිය ඉන්ද්‍රණි විජයලතා මහත්මියයි. එතුමිය මාව පාසලේ සංගීත කටයුතුවලට යොමු කරනවා. ඔය කාලේ මම ඉතාමත් ආදරය කරන කෙනෙක්‌ අපේ පාසලට ආවා. එදා මට මතකයි මම හොරෙන් හොරෙන් හැමතැනින්ම රිංග රිංග ඔහු දිහා බැලුවා. මොකද ඒ වෙත්දී මම ඔහුගේ ගීතවලට ආදරය කරමින් ඔහුගේ ගීත ගයපු කාලය. මම හීනෙකින්වත් හිතුවේ නැහැ කවදාකවත් ඔහු සමග එකම වේදිකාව ගයන්න ලැබෙයි කියලා.

    එදා අපේ පාසලට ආපු සුවිශේෂ පුද්ගලයා තමයි සුනිල් එදිරිසිංහ මහත්මයා. එතුමා එදා අපේ පාසලට ආවේ මාදුරුඔය වේල්ල විවෘත කරන උත්සවයේ ගීතයකට අපේ පාසලේ ළමයි සහභාගි කරවා ගන්න. එදා විජයලතා මහත්මිය එක්‌ක ගීතය පුහුණුවෙලා බස්‌ එකක ගිහින් ඒ උත්සවයට ගිහින් ආපු මතකය අදටත් ලස්‌සන හීනයක්‌ වගේ මට මතකයි.

    පොළොන්නරුවේදී ගායකයෙක්‌ විදිහට මගේ දිවිය පටන් ගත්ත හැටි පුදුමයක්‌. මම නොහිතපු විදිහට ගීත ක්‌ෂේත්‍රයේ විශිෂ්ටයන් මට හමුවෙනවා. ඒකට මුල්ම හේතුව වන්නේ ගුණදාස කපුගේ මහත්මයා. ඔහු කසාද බදින්නේ පොළොන්නරුවෙන්. කපුගේ මහත්මයා කසාද බදින ප්‍රේම අක්‌ක පොළොන්නරුවේ. ඇය මගේ අක්‌කාගේ පාසල් යෙහෙළියක්‌. ඒ විතරක්‌ නෙවෙයි ප්‍රේම අක්‌කාගේ අයියගේ පුතා බන්දු මගේ පන්තියේ මිතුරෙක්‌. ඒ දැනහැදුනුම්කම් හරහා මම පාසලෙන් අයින් වුණ අලුත කොළඹ ගැන මෙලෝ හසරක්‌ නොදන්න කාලේ පොළොන්නරුවේ ඉදන් බස්‌ එකේ නැගලා පිළියන්දල එනවා සුනිල් ආර්. ගමගේ මහත්මයව හමුවන්න.

    මම ගුවන් විදුලියේ සරල ගී ශිල්පියෙක්‌ බවට පත්වෙන සිදුවීමත් අපූරු එකක්‌. සරල ගී පරීක්‍ෂණයේදී පරීක්‌ෂණ මණ්‌ඩලය අපිට පෙනෙන්නේ නැහැ. ඔවුන් ඉන්නේ තිරයකින් එහා. හැබැයි මම ගීත කිහිපයක්‌ ගයද්දී එක්‌කෙනෙක්‌ ඒ තිරය මෑත් කරල මා දිහා බලනවා මම දැක්‌කා. සාමාන්‍යයෙන් පරීක්‌ෂණයේදී එහෙම බලන්නේ නැහැ. මම ගීත හොදටම ගයන නිසයි එතුමා මේ කවුද කියල බැලුවේ. එදා ඒ විදිහට පරීක්‌ෂණ මණ්‌ඩලයේ ඉදල මා දිහා බැලුවෙ මහාචාර්ය සනත් නන්දසිරි මහත්මයා.

    මුලදී මම වෙන වෙන දේවල කරමින් ගායනය බාහිර දෙයක්‌ විදිහටයි කරගෙන ගියේ. හැබැයි කෙටි කලකින් ජනප්‍රියත්වය මා කරා ගලා එන්න පටන් ගත්තා. මම හිතන්නේ මගේ තියන ගැමි හඩ හැමෝටම වෙනස්‌ රසයක්‌ බවක්‌ ගෙනදුන්නා කියාලා. අපි ගීත කලාවට පයගහන කාලේ ගීත ලියන්න තනුවක්‌ යොදන්න සල්ලි ගණන් කතා කළේ නැහැ. ශබ්දාගාරයට අපි කට්‌ටිය එකතුවෙලා එච්. එම්. ජයවර්ධන මහත්මය කිරුළ මුතු ලිහි ගීතය හදනවා. ගුණදාස කපුගේ මහත්මය අපි කතා නොකර ඉමු ගීතය හදනවා. තව ගීතයක්‌ රත්න ශ්‍රී මහත්මය ලියනවා. ඒවට මුදල් ගනුදෙනු කතා කළේ නැහැ. ඒ නිසයි ඒ ගීත මේ තරම් රහවුණේ. හවසට මිතුරු සමාගමේ යෙදෙන අතරේ අපි නිර්මාණ ගැන කතා කරනවා නිර්මාණ කරනවා.

    එක දවසක මමයි කපුගේ මහත්මයයි මාතලේ පැත්තේ සංගීත ප්‍රසංගයකට ගියා. ප්‍රසංගය පටන් අරගෙන ඉදිරියට යනවා අපිට ගීත ගයන්න ඇරයුම් කරන්නේ නැහැ. මම ගිහින් නිවේදන ශිල්පියාගෙන් ඇහුව ඇයි අපිට ගීත ගයන්න දෙන්නේ නැත්තේ කියලා. එතකොට නිවේදන ශීල්පියා කියනවා මේ සංගීත කණ්‌ඩායමට මුදල් ගෙවලා නැහැ. මම තමයි සංගීත කණ්‌ඩායම ගෙනාවේ. ඔයාලා දෙන්න ගීත ගයන්න දැම්මොත් සංගීත කණ්‌ඩායමට මුදල් ගෙවන්න විදිහක්‌ නැහැ කියලා. මම බොහොම තරුණ කාලේ අත්දැකීම් අඩුයි. මම කපුගේ අයියට කිව්වා අපි යමු යන්ඩ කියලා. එතකොට කපුගේ අයිය කියනවා නෑ නෑ අපි එහෙම යන එක හොද නැහැ. මිනිස්‌සු ඇවිත් ඉන්නේ ගීත අහන්න. මිනිස්‌සුන්ට ගීත නොගයා යන එක හොද නැහැ කියලා. අපි පැයක්‌ විතර හිටියා. අපිව ගීත ගයන්න දාන පාටක්‌ නැහැ. පස්‌සේ කපුගේ අයියා කිව්වා ගිහින් අහපං කීයක්‌ ගෙව්න්න තියෙනවද කියලා. බොහොම පුංචි ගාණක්‌ සංගීත කණ්‌ඩායමට ගෙවන්න තිබුණේ. අපි දෙන්නා ඒ හිග මුදල ගෙවලා මිනිස්‌සු වෙනුවෙන් සින්දු කිව්වා. මට මතකයි මම කපුගේ අයියට කිව්වා සිංදුවක්‌ කියලා බහින්න කියලා. හැබැයි එතුමා එදා එතැන හිටිය මිනිසුන් වෙනුවෙන් ගීත හයක්‌ ගායනා කරලයි වේදිකාවෙන් බැස්‌සේ. මටත් කිව්වා මල්ලි ඔන්න ඔහේ සිදු හතර පහක්‌ කියපං මේ මිනිස්‌සු පව් කියලා. එදා ඒ ප්‍රසංගයේ නිවේදන කටයුතු කළේ අද වෙද්දී අපේ රංගන ක්‌ෂේත්‍රයේ ප්‍රවීණයෙක්‌ වෙලා සිටින කෙනෙක්‌.

    පස්‌සෙ දවසක අර සංගීත ප්‍රසංගය සංවිධානය කරපු පුද්ගලයා මුදල් හොයාගෙන කපුගේ මහත්මය මුණගැහෙන්න ඇවිත් තිබුණා. එතුමා මට පණිවිඩයක්‌ එවලා තිබුණා එන්න කියලා. එතැනදීත් ඔහු පැවසුවේ ඔයාට සල්ලි නැත්නම් ඔය සල්ලි තියාගන්න කියලා.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    supirma gayakaya mchn.. innawada nadda na. sadda na paduwe innawa. methumage putha mage insta innawa.. ohutath demapiyange gathi guna himi wela thiyana paatayi... supiri gayakaya...