[FONT="]අපි හැගුම් වලට ඉඩ දි මොහොතක්, ඉඩ ලබා ගනිමු තරමින් වියතක්............[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අඹ ගස් යට මල් හැලිලා තිබුණ ඒ දවසේ, අම්මා නැති මට කිරි අම්මා වී සිටි අක්කා ගේ නෙත් වහලා, අපි ඈතට ඈතට පා නැගූ අයුරු කොතරම් සොදුරුද? අරුණලු පැතිරෙන හිමිදිරි යාමේක,බක් මී මලේ බඹරු නටන මොහොතක, දිනෙක හුරු බැස යන වෙලාවක, හද පායාලා තිබුන ඉසව්වක, මගේ හෙවනැල්ල වගේ ඔබ මගේ ළගින් සිටි හැටි..........!!!! ඔබ මගේ හිත ගාව දග කලා. කුරුල්ලන්ට ගි ගයන්න මට කියා දුන්න ඔබ, මගෙ හද ඔබ ළග කියල කිව්වේ, මගේ මනෝ මන්දීරේ, පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ මදු රස වෑහෙනා ආදර නැකත ගැන හීන හතක් මගේ හද තුල මවලා.හිනැහෙන්න රෝමියෝ මමයි කියල මම හිතුවේ ඒ මොහොතෙදී.........!!! නමුත්, හෝපලු වන පෙත කම්පිත කරවන තරම් හදේ සුසුමක් රදවලා, පෙම්බර මධූ මගේ ඔබ මගෙන් වෙන් ව ගියේ, තනි තරුවේ-ඔබත් ඔහොම ඔතැන ඉන්න කියලවත් නෙවෙයි. ඔබෙ දෙතොලග සිනහා සදට අහස ආදරේ දෝ කියල අහද්දිත් අපේ ප්‍රේම පරාදීසේ මැකිල ගිය හැටි............අහිමි වුණත් නුඹ ළදේ-මට අඩන්න අවසර නෑ කියල මම දන්නවා. තරු අත් අකුරින් ඔබට ලියා එව්ව හීන තොටුපල අයිනේ බිදෙන දිය රැල්ලක් වගේ බිදිල ගිය හැටි......!!!!ඉතින් තනි වෙන්නට මගේ ලොවේ මට ඉඩ දීල, කණ කැස්බෑ නෙත බලා ඉදිනවා වගේ ඔබ ගැන පැතුම් පතන්නට මට ඉඩදීල ඔබ කුරුල්ලන්ට ගී ගයන්න ගියත්, එපා හිරු පායන්න - අදින් පසු මගෙ ලොවට - අදයි අවසන් දවස කියන්නට තරම් මම බොළද වෙන්නේ නෑ........ සද හිරු තරු මැද පොකුරු ගැහී යන සලෝලයිඩ් ලෝකයක් නොවන මේ ජීවිතේ, සිහිල් සුලං රැල්ලේ පාවෙලා යන්න, මම ඉඩ දෙන්නේ නෑ........ දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ වගේ මේ පොළවේ මිනිස්සුන් ගේ දෙනෙතින් සෝක සැනසුම් වේදනාවන් පිසදා දාන්න කෙනෙක් නැති නිසා ම, මෝහෙන් මුලා වෙලා ඉන්නේ නැතුව මම යනවා අපි ඔක්කොම රජවරු වෙන දිනයක් ගැන වෙහෙසෙන්න. ඒක මියුරු කල්පනාවක් නොවුණත් මම දන්නවා නංගියේ-මල්ලියේ, රූකඩ මඩු යාග පොලේ වගේ අපට බහුරූ කෝලම් පෙන්නන උන්ට සගවා ගනු මැන ඔබෙ රුව කියල අභියෝග කරන්න.නීල නුවන් යුගින් බලන් කිව්වට මීනලට එහෙම බලන්න බැරි බව මම දන්නවා. මාලනියේ නුඹලා කී දාහක් මේ ගොළු මූදේ මුතු ඇටේ මත දුක් විදිනවද? හත් වලල්ල කන්ද කපා එන වෙලාවක, සෝක සැනසුම් වේදනාවන් තුරන් කරලා දාන්න, හිත මිතුරු සුලග- ළග එන වැහි වලාවට කියන් පුලුවන් තරම් වහින්නට කියලා. උදා ලා හිරු වගේ අදුර බිදින්ට රැයක් දවාලූ කාලය ඇවිල්ලා...........[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]වැවකට මුලයි දාසෙන් ලා බිහි වීම[/FONT]
[FONT="]දුකකට මුලයි බුදදස් ලා නොලැබීම[/FONT]
[FONT="]සාගතයට මුලයි දහඩිය නොසැලීම[/FONT]
[FONT="]පැරකුම්බා දවස සිහලුන් නැතිවීම[/FONT]
[FONT="]2012/06/30 වන දින පැවැත්වෙන ආචාර්ය වික්ටර් රත්නායකයන් ගේ අවසන් "ස" පුසංගයට සහ වසර 50ක් අඛණ්ඩව ම මේ ප්‍රසංගය පවත්වමින් අප රස මනස ඥාණනය කළ ආචාර්ය වික්ටර් රත්නායකයන් හට එළකිරියේ "සුන්දර ගීයක ඇරඹුම" සහ "හද විල කළඹන ගී ජල රේඛා" හුයයන්ගෙන් සහ ශ්‍රාවක සහෘද කැල වෙතින් කෙරෙන ගෞරව බහුමාන පූර්වක උත්තමාචාරයයි මේ.............
[/FONT]
©dath
[email protected]
කරුණාකර උපුටා ගන්නා විට සහ නැවත පල කරන විට "උපුටා ගන්නා ලද්දේ ElaKiri.com හි හද විල කලඹන ගී ජල රේඛාවෙන්" යන්න සදහන් කිරීමට කාරුණික වන්න.