ගොවීන් දාස් ගාණක් පාරට බස්සලා
හෙක්ටයාර ගාණක කුඹුරු පුරන් වෙන්න ඉඩ ඇරලා
එළවලු හාල් හැම දේකම මිල දෙගුණ කරවලා
කාබනික පොහොර කියලා මඩ මිශ්ර කරපු බෝතල් කටු රට පුරා බෙදා ඇරලා
නයිට්රො දියර පෝර ගෙන්නන්න ගිහින් ඇස්තමේන්තු වියදමින් 50%ක් මාටියාගත කරලා
මහජන බැංකුව බ්ලැක් ලිස්ට් කරවලා
මහ කන්නය පාළු වෙන්න ඉඩ ඇරලා
වාරිමාර්ග වලින් ජලය මුදා හැරලා නිකන් අපතේ යන්න සලස්වලා
ගූ පෝර නැවකට මිලියන ගණනක වන්දියක් ගෙවන්න සිද්ධ කරලා
අවුරුදු විස්සක් තිහක් අරන් දිගුකාලීනව කරන්න ඕන වැඩක් වසංගතයකුත් අස්සේ අවුරුදෙන් එක කන්නෙන් කරන්න ගිහින් ලංකාවේ ගොවියන්ව පරීක්ෂණාගර මීයෝ කරවලා, නටපු තොවිලෙකුත් නැති බෙරේ පලුවකුත් නැතිවෙච්චි කාබනික නාඩගම එසේ නිමාව දුටු වගයි!
#අපිතමෛහොඳටමකරේ
copied from FB