හංසයාට-සහය-දක්වන්න-කලාකරුවෝ-එක්වෙති
හංසයාට සහය දක්වන්න කලාකරුවෝ එක්වෙති
නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය දක්වීමට කලාකරුවන් රැසක් එක්වී ඇත. මෙම කලාකරුවන්ගේ හමුවක් පසුගිය 07 දා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වුණු අතර, මෙයට ප්‍රවීන කලාකරුවන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
ප්‍රවීන රංගන ශිල්පී සිර්ල ධර්ඹවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුව සඳහා එක්සත් ජාතික පෙරමුණ හා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එම පක්ෂ ප්‍රධානීන් ද සහභාගී වී සිටියහ. මෙහිදී ප්‍රවීන රංගන ශිල්පී සිරිල් ධර්මවර්ධන, ඩබ්ලිව්.ජයසිරි ඇතුළු කලාකරුවන් රැසක්ද, එක්සත් ජාතික පෙරමුණේ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාව ඇමැතූ අතර, සියලු දෙනා මෙවර ජනාධිපතිවරණයේදී නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා ලෙස ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය දැක්වීමට තීරණය කළහ.

Last edited:
කලාකරුවෝ කියන්නේ රගපාන නලු නිලියෝ විතරක්ම නෙවෙයි.