හංසයා ලකුණට කතිරය ගැසූ හොර ඡන්ද | SF Hora Chanda
හංසයා ලකුණට කතිරය ගැසූ හොර ඡන්ද කාඩ්
22,000ක් පිටකොටුවෙන් අල්ලති
තවත් ලක්*ෂ තිහක් බෙදාහරින සූදානමක්
පුත්තලම ප්*රදේශයට ඉතා සූක්*ෂම ලෙස රැගෙන යාමට සූදානම් කර තිබූ ව්*යාජ ඡන්ද පත්*රිකා 22,000 ක් පිටකොටුව පොලිසිය මගින් පසුගිය 19 දා අත්අඩංගුවට ගෙන තිබේ.
මේ ව්*යාජ ඡන්ද පත්*රිකාවල “හංසයා” ලකුණ ඉදිරියේ කතිරයක් සටහන් කර තිබූ බවත්, මේ වන විට මෙවැනි ව්*යාජ ඡන්ද පත්*රිකා ලක්*ෂ 30 ක් පමණ මුද්*රණය කර රට පුරා බෙදාහැරීමට සූදානමක් ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්, මැතිවරණ කටයුතු භාර ජ්*යෙෂ්ඨ නියෝජ්*ය පොලිස්පති ගාමිණි නවරත්න මහතා පැවැසීය.
පිටකොටුව මාළු වෙළෙඳපොළ අසල රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු මේ ව්*යාජ ඡන්ද පත්*රිකා තොගය සොයාගෙන තිබේ.
සැකකටයුතු පුද්ගලයන් දෙදෙනකු රැගෙන යමින් සිටි පෙට්ටි දෙකක් මේ පොලිස් නිලධාරීන් දෙදෙනා විසින් පරීක්*ෂා කිරීමේදී මේ පත්*රිකා තොගය සොයා ගත් බව ඊයේ (21) කොළඹ පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්*ය හමුවකදී ජ්*යෙෂ්ඨ නියෝජ්*ය පොලිස්පති නවරත්න මහතා කීය.
මෙවැනි කාරණා සම්බන්ධයෙන් පොදු ජනතාව විමසිල්ලෙන් සිටිය යුතු බව මෙහිදී කියා සිටි ජ්*යෙෂ්ඨ නියෝජ්*ය පොලිස්පති නවරත්න මහතා, මෙවැනි වංචනික ක්*රියා සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව ද කීය.
මෙම ව්*යාජ ඡන්ද පත්*රිකා සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් කීප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පිටකොටුව පොලිසිය වැඩිදුර පරීක්*ෂණ පවත්වාගෙන යයි.
පොලිස්පති මහින්ද බාලසූරිය මහතාගේ ප්*රධානත්වයෙන් මෙම මාධ්*ය හමුව පැවැත්විණි.
Source : http://www.dinamina.lk/2010/01/22/_art.asp?fn=n1001221