හංසයින්ගේ වසර

shonax

Member
Oct 7, 2009
824
33
0
2010 වසර හංසයින්ගේ වසර බව ජාතික රූපවාහිනියත් පිළිගනී





R300.jpg
ජාතික රූපවාහිනිය මගින් 2010 වසර වෙනුවෙන් නිකුත් කළ සුභ පැතුම්පතට නිර්පාක්ෂික පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාගේ ඡන්ද ලකුණ වන හංසයා ලකුණ යොදා ගනිමින් සුභ පැතුම් පතක් නිර්මාණය කර ඇති අතර, මේ සම්බන්ධයෙන් ජාතික රූපවාහිනී පාලනාධිකාරිය දැඩි සේ කලබල වී ඇති බව වාර්තා වේ.

මෙම සුබ පැතුම්පත ජාතික රුපවාහිනය මගින් නිර්මාණය කර මුද්‍රණය කර ඇත.මෙහි මුද්‍රණ වියදම් වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් වැය වී ඇත. මෙපමණ මුදලක් වැය කර මුද්‍රණය කළ මෙම සුබ පැතුම් පත් ජාතික රූපවාහිනී සංස්ථාවේ සේවකයින්ට බෙදා දී පසුව එම සුබ පැතුම්පත් අළෙවි කිරීමට ද කටයුතු යොදා ඇත.

මෙසේ සුබ පැතුම්පත් බෙදා හැරීමෙන් පසුව ජාතික රූපවාහිනී පාලනාධිකාරය විසින් මෙම සුබ පැතුම්පතේ හංස ලකුණ දැක ඇති බවත්, ඒ මොහොතේම එම බෙදා හරින ලද සුබ පැතුම් පත් නැවත එකතු කිරීමට නියෝග කර ඇති බවත්, වැඩිදුරටත් වාර්තා වේ. මෙම නියෝගයට අනුව සුබ පැතුම්පත් බෙදා දුන් දිනම සවස ජාතික රූපවාහිනියේ ගේට්ටුවට විශේෂ ආරක්ෂක නිලධාරීන් යොදවා බෙදාහරින ලද සුබ පැතුම්පත් සියල්ලම නැවත එකතු කර ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධව අදහස් දැක්වූ ජාතික රූපවාහිනියේ සේවකයින් පවසා ඇත්තේ ජාතික රූපවාහිනියත් 2010 වසර සුභ වරක් ලෙසත්, හංසයා‍ගේ වසර ලෙසත් පිළිගෙන ඇති බවයි.

R01.jpg