හංස කණ්ඩායම නීති මගට
අසත්‍ය ප්‍රවෘත්තිවලට එරෙහිව හංස කණ්ඩායම නීති මගට
නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණා විසින් අවි ගණුදෙනුවක් සිදු කළ බවට ආණ්ඩුව විසින් පතුරවන අසත්‍ය තොරතුරුවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොදු අපේක්ෂක සම මාධ්‍ය ප්‍රකාශක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ අද (11) පොදු අපේක්ෂක මාධය ඒකකයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමිනි. මෙම ප්රවෘත්ති සාකච්ඡාව සඳහා පොදු අපේක්ෂක සම මාධ්‍ය ප්‍රකාශක මංගල සමරවීර, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක යන මහත්වරුන්ද සහභාගී වී සිටියහ.
මෙම අසත්‍ය තොරතුරු මත පුවත්පත් දැන්වීම් පළ කළ සියලු පුවත්පත්වලින් ද්වේශ සහගතව සාවද්‍ය තොරතුරු පළකිරීම සම්බන්ධයෙන් රුපියල් බිලියනය බැගින් වන්දි ඉල්ලා සෑම පුවත්පතකටම ෆොන්සේකා මහතාගේ නීතිඥයින් එන්තරවාසී යවා ඇතැයි ද දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.
මෙයට අමතරව විමල් වීරවංශ විසින් සිදුකරන ලදැයි කියන ප්‍රකාශයක් සම්බන්ධව විමල් වීරවංශගෙන් හා එය පළ කරන ලද ලේක්හවුස් ආයතනයෙන් හා විකාශය කරන ලද දෙරණ රූපවාහිනියෙන් රුපියල් කෝටි 100 බැගින් වන්දි ඉල්ලා තම නීතිඥ සමාගම විසින් එන්තරවාසි යවා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා ද පැවසීය. රවී කරුණානායක මහතා පැවසුවේ මෙම නීති ක්‍රියාමාර්ග මගින් තම් අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන බවත්, එහිදී ලැබෙන මුදල් ජනමාධය අංශයේ දියුණුව වෙනුවෙන් සෑම මාධ්‍ය ආයතනයකටම ලබා දෙන බවයි.
රවී කරුණානායක මහතා වැඩිදුරටත් පැවසුවේ විමල් වීරවංශ විසින් TNA සංවිධානය හා ජෙනරාල්වරයා අතර ඇති කරගත් රහස් ගිවිසුමක් රවි කරුණානායක මහතාගේ නිවසේදී විදේශ තානාපතිවරුන් දෙදෙනකු ඉදිරිපිටදී අත්සන් කළ බව පැවසූ බවත්, තමන් විමල් වීරවංශට මෙම කරුණ ඔප්පු කරන ලෙස අභියෝග කරන බවයි.
මේ අතර අදහස් දක්වමින් සම මාධ්‍ය ප්‍රකාශක මංගල සමරවීර මහතා මෙසේ පැවසීය. "හෙට (12)තැපැල් ඡන්දය පැවැත්වෙනවා. එම තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේදී සමහර යුද හමුදා කඳවුරුවල ප්‍රධානීන් ඉදිරියේදී සිය ඡන්දය පාවිච්චි කළ යුතුයි කියලා නියෝගයක් පනවල තියෙනවා. මේ වෙනුවෙන් මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා වගේම හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ කියන මහත්වරුන් මැදිහත්වෙලා තියෙන්නේ. අපි මේ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනව තමන්ගේ ඡන්දයේ රහස්‍යභාවය ආරක්ෂා කර ගන්න කියල.
රණවිරුවන් හරහා තැපැල් ඡන්දයට බලපෑම් කරල එතනින් නැවතිලා නැහැ. රාජපක්ෂ ආණ්ඩුව ජනරාල්වරයාගේ පෝස්ටර් ඇලවීමට කටයුතු කරපු, තමන්ගේ අබාධ නොතකා හැකි විදිහට ජෙනරාල්වරයාට සහය දක්වන්න ඉදිරිපත් වුණු ආබාධිත රණවිරුවන් තිදෙනෙකුට ආණ්ඩුවේ මැරයො කළුතරදී පහරදීල. ඔවුන් බරපතල තුවාල ලබල කළුතර මහ රෝහලට ඇතුල් කරල. එක් අයෙක් දැඩි සත්කාර ඒකකයේ. මේකයි රාජපක්ෂ ආණෟඩුවේ ප්රජාතන්ත්රවාදය.
ජනාධිපති රාජපක්ෂ මහත්තය "රට පෙරට යන ගමන"කියල පොත් පිංචක් මුද්‍රණය කරල බෙදල. මේකෙ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ආරම්භ කරපු කිසිදු ක්‍රියාමාර්ගයක් නැහැ. මේකෙ තියෙන්නෙ කලින් පැවති රජය යටතේ ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘතිවල තොරතුරු. හම්බන්තොට වරාය, නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය, මිලේනියම් කලාගාරය, කටුනායක විදුලි දුම්රිය ව්‍යාපෘතිය වැනි ව්‍යාපෘති සියල්ල පසුගිය රජයන්වල ව්‍යාපෘති. තවත් සමහර ව්‍යාපෘති සුනාමිය නිසා මෙරටට ලැබුණු ඒවා. අඩුම තරමේ පහුගිය දවසක ජනාධිපතිවරයා මහ ලොකුවට විවෘත කරපු ලංකාවේ දිගම පාලම වෙච්ච කින්නියා පාලම පවා සුනාමි නිසා මෙරටට ලැබුණු ආධාරයක්."