හඞ්සන්_තල්මසුන්_රැළක්

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,999
    1,054
    113
    මගේම ලෝකෙක
    හඞ්සන්_තල්මසුන්_රැළක්

    Mirror - හඞ්සන් බොක්කේ මිදුනු අයිස් තට්ටු අතර සිර වී ඇති තල්මසුන් රැළක් පිළිබඳව කැනඩාවෙන් වාර්තා වේ.

    මෙම ඛේදනීය ඉරණමට ලක්වී ඇත්තේ ’කිලර් වේල්’ විශේෂයට අයත් තල්මසුන් රැළකි.

    දඩයක්කරුවෙකුට මෙම තල්මසුන් රැළ හමුවී ඇත්තේ පෙරේදා දිනයේදීය.

    අයිස් අතර ඇති වෑන් රථයක් පමණක් වන විශාලැති සිදුරකින් එළියට පැමිණෙන මොවුන් මාරුවෙන් මාරුවට හුස්ම ගන්නා බවත්, මෙම රැුළේ පැටවුන් ඇතුළු තල්මසුන් 11ක් පමණ සිටින බවත් විදෙස් වාර්තා වල දැක්වේ.

    කැනඩාවේ මොන්ටි‍්‍රයල් නගරයට සැතපුම් 900ක් පමණ උතුරින් පිහිටි ධීවර ගම්මානයක් වන Inukjuak ගම්මානයේ වැසියන් මේ පිළිබඳව කැනේඩියානු රජයට දන්වා ඇති අතර, ඝන අයිස් කැඞීම සඳහා යොදාගන්නා විශේෂඥ අයිස්බ්‍රේකර් නැව් යොදා මෙම සතුන් බේරාගන්නා ලෙස ඔවුන් ඉල්ලා සිටියි.

    කෙසේ වෙතත්, කැනේඩියානු රජය පවසා ඇත්තේ මෙම තත්ත්වය පිළිබඳව ඇගයීමට කණ්ඩායමක් අද දිනයේදී එම ප‍්‍රදේශයට පිටත් කර යවන බවයි.

    හදිසියේ ඇති වූ උෂ්ණත්ව පහළයාමක් සමග ඇති වූ අයිස් මිදීමක් හේතුවෙන් මෙම තල්මස් රැළ අයිස් අතර සිරවී ඇතැයි සැකකෙරෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

    සාගරයේ සිටින විශාලම ක්ෂීරපායි සතුන් වන තල්මසුන් හට දිය යට හුස්ම ගැනීමට නොහැකි අතර, අයිස් කඩා මොවුන් බේරාගැනීමට කඩිනම් පියවර නොගතහොත්, මෙම තල්මසුන් රැළ ඔක්සිජන් නොමැතිව මිය යා හැකි බව ගැමියන් අනතුරු අඟවයි.


    312350_494374057281349_385726185_n.jpg


    150961_494374017281353_844627663_n.jpg


    602750_494374013948020_805315995_n.jpg


    230725_494374020614686_1762294838_n.jpg