හතර රියං සහ දෙරියං - කාටද මතක

SinhaRuba

Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    හතර රියං සහ දෙරියං - කාටද මතක

    ඉස්කෝලෙ යන කාලෙ කියවපු "හතර රියං සහ දෙරියං"..

    හතර රියන් සහ දෙරියන් එකම ගමේ යහළුවෝය
    මේ දෙන්නා කලෙක පටන් බොහොම එකමුතුයි
    දවසක්දා මේ දෙන්නා දෙමංසලේ මුණගැහිලා
    හවුලෙ වැඩක් අරඹන්නට කතිකා කෙරුවා

    අපි දෙන්නා හවුල් වෙලා සම පමණට මුදල් යොදා
    හොඳ කිරි එළදෙනක ගනිමු දෙරියන් කිව්වා
    ඒ අදහස බොහොම අගෙයි මගෙන් මුදල් අඩක් ලැබෙයි
    හතර රියන් එක වරටම සතුට පළ කළා

    හවුලෙ ගත්ත මේ එළදෙන අප අතරේ බෙදිය යුතුය
    ඒත් කොහොමදැයි බෙදන්නෙ පැනයක් නැගුණා
    අපොයි ඒක සුළු දෙයක්නෙ ඔබ මොකටද පසුතැවෙන්නෙ
    දෙරියන් ඌ බෙදන අයුරු මෙසේ පැවසුවා

    වැඩිම වටිනකම තියෙන්නෙ කොයි දේකත් ඉදිරි පැත්තෙ
    ඒක නිසා ඉදිරි පැත්ත හතර රියන්ටයි
    වටිනකමින් අඩු වුණාට පසුපස මට හොඳටම ඇති
    ඔබට හොඳම කොටස දීම මගේ යුතුකමයි

    දෙරියන්ගේ කපටි බහට හතර රියන් රැවටුණේය
    එදා පටන් කිරි එළදෙන හවුලෙ වැඩෙනවා
    එළදෙන බැඳ තබන කඹය කරපට සහ තණ පුනක්කු
    හතර රියන්ගෙන් සැපයේ ගිවිසුම එහෙමයි

    එළවළු කොරටුවට වෙලට හේනට පැන්නොත් එළදෙන
    වගා පාළුවට දඩයත් හතර රියන්ගෙන්
    දෙරියන් වියදමක් නැතුව කිරි ටික නොමිළයේ ලබයි
    පොහොරට ගොම ටික ලැබුණා පැටවත් ලැබුණා
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    :lol::lol::lol: Adoo athithata giyaaa TFS

    You must spread some Reputation around before giving it to SinhaRuba again. :sorry:
     
    • Like
    Reactions: SinhaRuba

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    Dan inna lamainta me wage dewal na,

    Ape School life eka gana aththatama godak santhsai,

    Saho Meka Share karata godak thanks..
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    YES... උඹ මොන අවුරුද්දෙද මචං ඉපදිලා තියෙන්නෙ..??
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕක කිය්වස්රේද බන් තිබුනේ

    උබලට මතකද කුරුටු පුවක් පුවක්
    3 වසරේ තිබුඑන්

    4 වසරේ තිබුනා පිජජ්ජරාවෝ ගැන

    මතක් වෙනකොටත් ආසයි බන්
     

    blue_in_rio

    Well-known member
  • ඕක කිය්වස්රේද බන් තිබුනේ

    උබලට මතකද කුරුටු පුවක් පුවක්
    3 වසරේ තිබුඑන්

    4 වසරේ තිබුනා පිජජ්ජරාවෝ ගැන

    මතක් වෙනකොටත් ආසයි බන්

    හතර වසරේ කොහෙද යකෝ පිජන්ජරාවෝ ගැන තිබුනේ ? ඒක තිබුනෙ 8 වසරේ. :dull::dull:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හතර වසරේ කොහෙද යකෝ පිජන්ජරාවෝ ගැන තිබුනේ ? ඒක තිබුනෙ 8 වසරේ. :dull::dull:

    ගන්වතුවර ගැන තිබුන

    ප්‍රවෘත්ති- ගැන තිබ්බේ 5

    6 මදොල්දුවේ මුල් කොටසක් තිබුනා නේද

    7 තිබුනා ස්විටර්ලනත්ය ගැන

    8 මතක නැහැ

    9 තිබ්බ කේයස් ගේ කවි

    10 11 නම් අනම්මනම් ගොඩක් තිබ්බ
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    4 වසරේ තිබුනා පිජජ්ජරාවෝ ගැන. මතක් වෙනකොටත් ආසයි බන්

    :):) අපේ පන්තියෙ ඒකෙකුට අපි නමක් දාලා තිබුනා ''පිජංජරාවා'' කියලා. මට මතක විදියට 9 වසර පන්තියෙදි..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :):) අපේ පන්තියෙ ඒකෙකුට අපි නමක් දාලා තිබුනා ''පිජංජරාවා'' කියලා. මට මතක විදියට 9 වසර පන්තියෙදි..

    දතක් නැති එකකටද:lol: