හතර වැනි තට්ටුවෙන් වැටෙන්න ගිය දරුවා බේර&#3535

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    හතර වැනි තට්ටුවෙන් වැටෙන්න ගිය දරුවා බේර&#3535

    හතර වැනි තට්ටුවෙන් වැටෙන්න ගිය දරුවා බේරාගත් ‘‘ ස්පයිඩර් මෑන් ’’


    කුඩා දරුවකුගේ ජීවිතය බේරා ගත් අප්‍රිකානු ස්පයිඩර් මෑන්

    ගසාමා දරුවා බේරාගන්නා ලද අවස්ථාව

    image_21bd13bd62.jpg


    ස්ථානය ප්‍රංශයේ මාක්ස් දොර්මි වීදියේ මහල් නිවාසයකි. පසුගිය 26 වැනි සෙනසුරාදා රාත්‍රියේ තට්ටු අටකින් යුත් එම මහල් නිවාස ඉදිරිපිට විශාල පිරිසක් රැස්ව උපකාර ඉල්ලා කෑ ගසමින් සිටිනා අයුරු දැකගත හැකි විය. එම ගොඩනැගිල්ලේ සිව් වැනි මහලේ සිව් හැවිරිදි දරුවෙක් එල්ලී සිටියේය. ඔහු හඬමින් ඉතා අසීරුවෙන් ගොඩනැගිල්ලේ බැල්කනියක එල්ලී සිටි අතර යම් හෙයකින් අත ලිහිල් වූයේ නම් අනිවාර්යයෙන්ම ඔහුගේ ජීවිතය අවසන් වන්නට ඉඩ තිබිණි. කිසියම් පුද්ගලයෙක් එම මහලේ සිටි දරුවා ගලවා ගැනීමට උත්සාහ කළද දරුවා එල්ලී සිටි ආකාරය අනුව ඔහුට එය කළ නොහැකි විය.


    ඉහත කී සිදුවීම වන අවස්ථාවේ මාර්ගයේ ගමන් කරමින් සිටි කළු ජාතික තරුණයෙක් ඝෝෂාව ඇසී වහා ගොඩනැගිල්ල දෙසට දිව ආයේය. එල්ලී සිටින දරුවා දුටු තරුණයාට මොහොතකින් දරුවාගේ ජීවිතය අවසන් විය හැකි යැයි අවබෝධ විය. වහා ක්‍රියාත්මක වූ තරුණයා ගොඩනැගිල්ලේ ඉදිරිපසින් ස්පයිඩර් මෑන් කෙනෙකු මෙන් බැල්කනියෙන් බැල්කනියට එල්ලෙමින් ඉහළට නගින්නට වූයේ බලා සිටියවුන් විස්මයට පත් කරමිනි. ඒ සඳහා ඔහුට මිනිත්තු දෙක තුනකට වඩා ගත වූයේ නැත. මොහොතකින් සිව් වැනි මහලට ළඟා වූ ඔහු දරුවා ඔසවා බැල්කනියෙන් ඇතුළට ගන්නා ආකාරය විශාල පිරිසක් විසින් විඩියෝ ගත කර තිබිණි.


    දරුවාගේ ජීවිතය ගලවා ගන්නා ලද්දේ මමෝඩු ගසාමා නමැති 22 හැවිරිදි තරුණයෙකි. කලක් ප්‍රංශ යටත් විජිතයක් වූ මාලි රාජ්‍යයේ උපන්නකු වූ ඔහු යහපත් දිවියක් සොයා 2013දී තමා උපන් දේශයෙන් පිට වී තිබිණි. දීර්ඝ චාරිකාවකින් පසු මධ්‍යධරණී මුහුද ඔස්සේ බෝට්ටුවකින් ඉතාලියට පැමිණි අතර එහි ටික කලක් නිත්‍යනුකූලව වාසය කළේය. ඔහු ප්‍රංශයට පැමිණ තිබුණේ අනවසර සංක්‍රමණිකයකු ලෙසිනි. තම සොහොයුරා දිගු කලක් ප්‍රංශයේ වාසය කළ හෙයින් 2017දී ඔහු ප්‍රංශයට පැමිණ තිබිණි.


    ඔහුගේ වික්‍රමාන්විත ක්‍රියාව ඇතුළත් විඩියෝව ලක්ෂ ගණනින් නරඹා තිබිණි. ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් පසුගිය සඳුදා ජනාධිපති මැදුරට ගසාමා කැඳවා ඔහුට ජාතික වීර පදක්කම පිරිනැමීමට පියවර ගත්තේ ඔහු කළ වීර ක්‍රියාව අගය කරමිනි. අනවසර සංක්‍රමණිකයකු වූ ඔහුට ප්‍රංශයේ පුරවැසිභාවය හා ගිනි නිවන හමුදාවේ රැකියාවක් ලබා දීමට ද ජනාධිපතිවරයා කටයුතු කළේය. ඔහු දැනට පදිංචිව සිටිනුයේ මොන්ත්‍රොයිල් නගරයේය. එම නගර සභාව ඔහුට නිදන කාමර දෙකකින් යුතු රජයේ නිවෙසක් ලබා දීමට ද පියවර ගෙන තිබේ.


    දරුවා බැල්කනියෙන් පිටතට වැටෙන අවස්ථාවේ ඔහුගේ මව්පියන් නිවසේ සිට නොමැත. මව කිසියම් රාජකාරියක් සඳහා පැරිසියෙන් පිටත වෙනත් නගරයකට ගොස් සිටි අතර දරුවා පියාගේ රැකවරණය යටතේ පසු විය. දරුවා නිවසේ තනි කර පියා සාප්පු සවාරියේ යෙදී සිටි අතර අපේක්ෂා කළ වෙලාවට යළි නිවසට පැමිණීමට ඔහු අපොහොසත් විය. දරුවා නිවෙසින් පිටතට පැමිණ ඇත්තේ ඒ අතරය. අනාරක්ෂිත ලෙස දරුවා තනිකර දමා යෑමේ චෝදනාව මත පියා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.


    අනවසර සංක්‍රමණිකයකු ලෙස මාස කිහිපයකට ඉහත ප්‍රංශයට පැමිණ තම ජීවිතයද නොතකා දරුවාගේ දිවි ගලවා ගත් මමෝඩු ගසාමා අද එරට ජාතික වීරයෙකි. ප්‍රංශ වැසියන් අතර ඔහු ප්‍රචලිත වී ඇත්තේ ‘18 වැනි වීදියේ ස්පයිඩර් මෑන්’ ලෙසිනි.

    image_51a1c4a93c.jpg




    ජනාධිපති මැක්රෝන් හමුව

    image_a095dfb806.jpg




     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    බොරුවක් නේද වීඩියෝ එක ළමයා ගාව මිනිහෙක් බලාගෙන ඉන්නවා නේද

    කාමර දෙක වෙන්කරලා තියෙන රේලින්ග් එක නිසා එයාට ලමයාව උස්සන්න තරම්ලගට එන්න බෑ.