හතර හිනා....

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    අප දුරාතීතයේ සිට අසා දැනගත්තා වූ හතර හිනාව ආගම ධර්මය සහ සම්බන්ධ වූ එකක්‌ බැව් කිව යුතුය. සමහර විට මෙය ලෝක ධර්මය පිළිබඳව වූ විග්‍රහයක්‌ හැටියටද යම් කෙනෙකුට ඉදිරිපත් කළ හැකිය.

    හතර හිනාව මෙසේය,

    පළමුවන සිනාව වන්නේ · යම් යම් පුද්ගලයන් දනට පිනට යමක්‌ නොදී, මසුරුකමින් මඩිගසමින් හරි හම්බ කරන විට · මාරයා ඒ දෙස බලා කොක්‌හඬ ලමින් සිනාසෙමින් · අනේ තොපි ඔය හරි හම්බ කරන්නේ මැරෙන්නට ඉඩනොදී ජීවත් වුණොත් නේදැයි කියන අයයි.

    දෙවන සිනාව නම්, ඉං ගං වලට නඩුහබ කියා ඉනුත් නො නැවතී අයෙක්‌ ගහ මරා ගනී. එවිට මහී කාන්තාව අනේ මුන් මගේ දේට වලිකමින් ගහ මරා ගන්නා හැටි · කියමින් හක හක ගා සිනාසේ. ඉනට නූල්පටක්‌වත් නැතිව ඉපදෙන අප හරි හම්බ කරමින් මගේ මගේ යෑයි කියමින් ගහමරා ගන්නට ඕනෑද? මහීකාන්තාව හිනාවෙන්නේ උරුමකම්වලට රණ්‌ඩු හබ කරගන්නා උන්ටය.

    තුන්වන හිනාව
    දියුණුවන මිනිසුන් දෙස බලමින් එයට හූල්ලමින් ඊර්ෂ්‍යා කරන මිනිසුන් දෙස බලා මහ හඬින් හිනාවන ශ්‍රියාකාන්තාව ඇයි කම්මැලි යකුනේ තොපටත් දියුණු වෙන්නට ආශාවක්‌ නැතිදැයි අසයි. තුන්වන හිනාව ශ්‍රියාකාන්තාවගේය.

    අප අතර සිටින බොහෝ දෙනා අන් අයගේ සැපතට දියුණුවට ඊර්ෂ්‍යාකරන පිරිස්‌ බව අපි දනිමු. එයට ඕනෑතරම් උදාහරණ උපයා සපයා ගත හැකිය. අන් අයට ඊර්ෂ්‍යා කරන්නා තමා විසින්ම දැවී විනාශ වී යයි යනුවෙන් ධර්මයේ ඉගැන්වෙන්නේ ඒ නිසාය. එය හිනාවට කාරණයකි. එසේම සිතා බැලිය යුතු දෙයකි.

    මාරයා හිනා වෙද්දී, පොළව මහීකාන්තාව හිනා වෙද්දී, ශ්‍රියා කාන්තාව හිනාවෙද්දී අවසාන වශයෙන් හතර හිනාව සම්පූර්ණ වන්නට හිනා වන්නේ කව්රුන්දැයි බලමු.

    හතරවැනි හිනාව

    හොර සැමියකු නිසා තමාට ලැබෙන දරුවා නලවමින් ගී කියමින් මගේ පුතා මගේ පැටියා කිරිබට්‌ටියා කියමින් උඩ පැන පැන අන් අයගේ දරුවන් සුරතල් කරන ගොන් ස්‌වාමිපුරුෂයන් දෙස බලා අනේ මෝඩ හරකෝ බය තොගේ දරුවාද? ඔය මගේ හොර මිනිහාගේ දරුවා නේදැයි හිතින් හිතමින් හක්‌ හක්‌ ගා ඔම්පාවට හිනාවන අනාචාරී ස්‌ත්‍රියගේ හිනාව හතරවැනි හිනාවයි.



    Source:
    http://www.divaina.com/2013/06/16/nimna04.html