බෞද්ධ සිංහල ජනතාව තම ඤාතියකු මිය ගිය විට හත්දවසේ බණක් කියා දානයක් දීමේ චාරිත්‍රයක් පවත්වාගෙන එයි. මේ හත් දවස ගණනය කිරීමට ගොස් ඤාතිකම් අවසන් වූ අවස්ථාත් සොයාගැනීමට අපහසු නැත. එතරම් ම එය සිංහල බෞද්ධයන්ට ඇඟට දැනෙන චාරිත්‍රයකි.
හින්දු ජනතාව අතර ද මෙවැනි චාරිත්‍රයක් වෙයි. එය ආරම්භ වූයේ මහා බ්‍රහ්මයාගෙන් බව කියනු ලැබේ. මේ පිළිබඳව රාමායණයේද සඳහන් ය. මෙකී චාරිත්‍රය හඳුන්වන්නේ ‘පිණ්ඩ දාන්’ ලෙසිනි. හින්දු විශ්වාසයට අනුව ඤාතියකු මිය ගිය විට ඔහුගේ ආත්මය අවම වශයෙන් දින 10 ක් අවට පරිසරයේ සැරිසරමින් නැවත ඉපැදීම සඳහා සිරුරක් සොයමින් සිටී. ඒ වන විට ඒ ඤාතියාගේ භෞතික සිරුර දවා හළුකර ඇත. මරණයෙන් දින 10 - 13 අතර කාලයේ දී ගංගාවක් අසල පිණ්ඩ දානය සිදු කරනු ලබයි.
රාමායණයේ සඳහන් වන පිණ්ඩ දානය සිදුවන්නේ නේරංජනා ගං තෙරදී ය. නේරංජනා ගඟ, ෆලගු ගඟ ලෙසද හඳුන්වයි. දශරථ රජු වෙනුවෙන් සීතා වැලි වලින් හැදූ පිඬු පූජා කරනු ලබයි. මේ නේරංජනා ගඟ බෞද්ධයන් අතර ද ප්‍රසිද්ධය. ඒ වෙනකක් නිසා නොවේ. සිදුහත් තවුසානෝ දුෂ්කර ක්‍රියා කරනු ලැබුවේ නේරංජනා ගඟ අසබඩ ය. බුද්ධත්වයට පත් විමට පෙර ස්නානය කරනු ලැබුවේ ද නේරංජනා ගඟෙනි.
ලංකාවට හින්දු සංස්කෘතිය පැමිණීමේ දී මේ පිණ්ඩ දාන චාරිත්‍රයද පැමිණ ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. පෙර සඳහන් කල හත් දවසේ බණ සහ දානය මෙහි දිගුවකි. නමුත් එය අප සිදු කරන්නේ බෞද්ධ උරුවට ය. එහි වරදක් පෙනෙන්නේ ද නැත. දින 7 පැමිණ ඇත්තේ සමහර මියගිය බෞද්ධයන් දුගතියේ ඉපිද දින 7 කින් පසු සුගතිගාමී වූ බවට කියැවෙන නිසාවෙනි. මෙසේ දින 7 ක දුගතිගාමී වී පසුව සුගතිගාමී වූ ප්‍රසිද්ධ චරිත ලෙස කොසොල් රජ බිසව වූ මල්ලිකා දේවිය, ධර්මාශෝක රජු හැඳින්විය හැක. මෙනිසා හින්දූන් මෙන් දින 10 ක් බලා නොසිට බෞද්ධයන් දින 7 කින් පිං කම කරනු ලබයි.