හතුන් වැනි සිරිපා කරුණාව❤ සහ උඩ මළුව පිරිසිදු කිරීම

yasi_rumesh

Member
Oct 28, 2020
14
14
3
උඩ මාලිබොඩ පාරෙන්
❤

දහතුන් වැනි සිරිපා කරුණාව
❤

සහ උඩ මළුව පිරිසිදු කිරීම
පැය 17කට වැඩි කාලයක් සොඳුරු මතක ගොන්නක්
❤

කතාව ආරම්භ වුණේ මෙහෙමයි කොළඹ කොටුවෙන් මධ්‍යම රාත්‍රියේ දොළහට අපි පිටත් වෙලා උඩ මාලිබොඩට පාන්දර 3.45 වෙද්දි අපට ළඟා වෙන්න පුළුවන් උනා පාරේ තිබූ අවහිරතාවය නිසා කිලෝමීටර් 8 මෙහායින් අපේ රථය නවත් වීමට සිදු වුණා එතන ඉඳන් තමයි අපේ කතාව ලියැවෙන්නේ
❤

වැඩි කල් නොගෙන අවශ්‍ය බෑග් සපත්තු කෑම බීම සූදානම් කර ගත්තෙ බෑග් මල්ල කරේ දාගෙන අපි ගමන පිටත් උනා ඝණ කළුවර නිසා විදුලි පන්දම් ආලෝකය නැතුව ගමන් කිරීමට අපහසු තරම් පරිසරය කළුවර වැටිලා තිබුනා ගමනක මහත්සේ බාධා කරමින් හල්මිල්ල ගස් වල සිට පහළට ඇදෙන දහස් ගාණක පණ හමුදාවක් නිසා (නූල් වලින් ගස් වල සිට පහලට එල්ලෙන) ආරම්භයේම ගමන දුෂ්කර කලා
කිලෝමීටර අටක් පමණ අපි ගමන් කළ පසු අඳුර කෙමෙන් පහව යන විට ශ්‍රී පාද කන්ද ඔලිඳ ඇටයක ප්‍රමාණයෙන් ඈතින් පෙනෙන්නට පටන් ගත්තා කඳු පල්ලම් ගංගා ඇළ දොළ පසු කරමින් බිස්කට් වැලි තලප පාන් වැනි සැහැල්ලු ආහාර වලින් කුස පුරවා ගනිමින් අතිශය වෙහෙසකර වුණත් ඉතාමත් සුන්දර පරිසරයක් මැදින් රස කතා ගොන්නක් එක්ක කිලෝමීටර 27 ක දුරක් ගෙවා රාත්‍රී දහය පමණ වන විට (අන්තිම කෙනා පැමිණි වෙලාව
😅
)පැය දහ අටකට වැඩි වේලාවක පා ගමනක් අවසන් කොට උඩ මළුව වෙත අපි පැමිණියා
රාත්‍රී 7.30 වන විට උඩ මළුවට පැමිණි ඈයෝ ද නැතුවාම නෙමෙයි
😁

කෙසේ වෙතත් උඩමළුවේ අධික සීතල හමු වේ වෙව්ලමින් හමුව පුංචි ඉඩකඩ තුළ හැකිතාක් ගුලි වී කුසගින්න නිවා ගැනීමට තිබු බිස්කට් නැවතත් රස බලමින් අපගමනය ප්‍රධාන කාර්යය පහුවදා පාන්දර ආරම්භ කිරීමට අධිෂ්ඨානයෙන් අපි නින්දට වැටුනා.
උදෑසන අවදි වී උඩමළුවේ වතාවත් සිදු කොට මුහුණ කට සෝදා හෙට සේවය නරඹා අවසානයේ අපි උඩ මළුව පිරිසිදු කිරීම ආරම්භ කළෙමු
ශ්‍රද්ධාවන්ත බැතිමතුන් රැගෙන ගිය ඉටිකොළ හඳුන් කූරු පැකට් බෝතල් මෙකී නොකි අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අපි එකතු කර ගනිමින් garbage bag වලට පුරාවා ගත්තෙමු.
ඔව් ඒක ලේසි පහසු කාර්යයක් නෙමෙයි සෑහෙන දුරක් පයින් ඇවිද තිබූ විඩාව නිසාත් හරි හැටි ආහාරයක් නොගෙන ගත කරන දෙවැනි දවස නිසාත් කිලෝ 20 50 අතර කුණු මලු විශාල ප්‍රමාණයක් අපි රැගෙන පහළට ගමන් කළේ අපි අපේ යුතුකම ඉෂ්ට කරමිනි.
කෙසේ වෙතත් නැවත කිලෝමීටර් 6 කට ආසන්න ප්‍රමාණයක් අපද්‍රව්‍ය බෑක් සමග අප පහළට කරුණා කොට අවශ්‍ය ස්ථානවලට අපද්‍රව්‍ය භාරදී කිලෝමීටර් 33 ක් අවසානයේ අපේ යුතුකම ඉටු කළෙමු
අනිත් විශේෂ සිද්ධිය වන්නේ සමන් දෙවි පිහිටෙන් කොතරම් අසීරු වුණත් කොතරම් අපහසු වුණත් කොතරම් බඩගිනි තිබුනත් අප පිරිස කිසිම කෙනෙකුට කලාන්තයක් හෝ කිසිම කිසිම උපද්‍රවයක් සිදු නොවීමයි.
අවසාන වශයෙන් ඉල්ලන්නම් පොඩි දෙයක් මේ සිරිපා සමයේ ඔබ සිරිපා කරුණා කිරීමට අපේක්ෂාවෙන් සිටී නම් ඔබ ගෙනියන පුංචි හෝ දෙයක් උඩ මළුවේ දමා හොයන්න පුංචි පුංචි දේ එකතු වී දිනක විශාල කුණු කන්දක් බෞද්ධයින්ගේ හදවතේ ගොඩගැසෙනු නොඅනුමානව නොඅනුමානය.
පුළුවන්නම් ඔබ සිරිපා කරන සෑම වාරයක ම කිසිවකුගේ අවධානයට පාත්‍ර නොවෙන උඩ මළුවේ පහළ කොටසේ එකතුවී ඇති කුණු කන්දෙන් ඔබට හැකි ප්‍රමාණයක් රැගෙන පහළට පැමිණෙ පහල අවශ්‍ය ස්ථාන වලට භාරදෙන්න මේ ශ්‍රීපාද සමයේ අපි හදමු රැල්ලක් මතු පරපුර වෙනුවෙන්. අප සියලු දෙනා එකතු වුණොත් අපට එය කළ හැකියි.
 

Attachments

  • 83326137_616061319233060_7432810418944344064_n.jpg
    83326137_616061319233060_7432810418944344064_n.jpg
    93 KB · Views: 92
  • 83786883_616061722566353_81328839292092416_n.jpg
    83786883_616061722566353_81328839292092416_n.jpg
    173.2 KB · Views: 97
  • 83855937_616061575899701_2368913873811013632_n.jpg
    83855937_616061575899701_2368913873811013632_n.jpg
    141 KB · Views: 97
  • 83881629_616060849233107_256441025386512384_n.jpg
    83881629_616060849233107_256441025386512384_n.jpg
    130.3 KB · Views: 98
  • 83883771_616061159233076_2823661583727591424_n.jpg
    83883771_616061159233076_2823661583727591424_n.jpg
    132.7 KB · Views: 96
  • 83990266_616061545899704_1128230742644490240_n.jpg
    83990266_616061545899704_1128230742644490240_n.jpg
    71.7 KB · Views: 97
  • 83999656_616061449233047_1270197768467513344_n.jpg
    83999656_616061449233047_1270197768467513344_n.jpg
    188.7 KB · Views: 94
  • 2a94f1b9-e98d-4592-bce6-69820040321f.jpg
    2a94f1b9-e98d-4592-bce6-69820040321f.jpg
    216.7 KB · Views: 87
  • 2e801c11-96b9-41f4-9e18-5204d98c9406.jpg
    2e801c11-96b9-41f4-9e18-5204d98c9406.jpg
    128.5 KB · Views: 93
  • 7e30890a-009f-45a6-aebd-9314e5e368b1.jpg
    7e30890a-009f-45a6-aebd-9314e5e368b1.jpg
    260 KB · Views: 85
Last edited:

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    එළිසම රැකගෙන කියපන් වෙඩි වගෙ බයිලා..
    හුත්තො කලිසම ඉරිලා ඕනෙ නම් බලපන් නැවිලා..
     
    • Haha
    Reactions: yasi_rumesh