හතුරුසිංහගෙන් ප්‍රශ්න පත්තරයක්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හතුරුසිංහගෙන් ප්‍රශ්න පත්තරයක්

    1514283508234.jpg


    හතුරුසිංහ දැන් ලංකාවේ ක්‍රිකට් හදන වැඩේ පටන් අරන් තියෙන්නේ. මුලින්ම බංගලාදේශ, සිම්බාබ්වේ, ශ්‍රී ලංකා තුන්කොන් සටනට කණ්ඩායම තෝරන්න පුහුණු කදවුරක් තියනවා.


    ඊට පස්සේ එක්දින කණඩායමේ නායකත්වයත් වෙනස් කරන්න කටයුතු කරමින් ඉන්නවා. ගොඩක් වෙලාවට චන්දිමාල්ට නායක්තවය දේවි කියලා ක්‍රිකට් අාරංචි මාර්ග කියනවා.


    ක්‍රිකට් වල මැජික් පෙන්නපු හතුරුසිංහ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මානසික මට්ටම පරීක්ෂා කරන්නත් අපූරු වැඩක් කරලා තිබ්බා. එ් තමයි පුහුණු කඳවුරකට තෝර ගත්ත ක්‍රීඩකයන්ට ප්‍රශ්න පත්තරයක් දීලා.


    එ්කේ අහලා තියෙන්නේ ඔවුන් කැමති සහ අකමැති දේවල්. ඒ වගේම සාමාන්‍ය ජිවිතයට සම්බන්ධ ප්‍රශ්න වගේ දේවල් ටිකක්. ඊට පස්සේ හතුරු එ් ප්‍රශ්නපත්‍ර සේරම මනෝ වෛද්‍යවරයෙක්ට යවලා තිබ්බා.


    එක් එක් ක්‍රීඩකයාගේ මානසික මට්ටම මොනවගේද කියලා වාර්තාවක් හතුරු ඉල්ලලා තියෙනවා. හතුරුසිංහ වෛද්‍යවරයාට කියලා තිබ්බේ බැනලා හදන්න පුළුවන් කවුද, හොඳින් කතා කරලා හදන්න පුළුවන් කවුද කියලා තමන්ට වාර්තාවක් දෙන්න කියලා.ඒ වගේම මේ මනෝ වෛද්‍යවරයාත් සරින් සැරේට හතුරුගේ පුහුණු සැසි වලට සහභාගී වෙන්න නියමිත වෙලා තියෙනවා.හදන්න බැරි තරමටම ලංකාවේ ක්‍රිකට් වැටිලා තියෙන්නේ. එ්ත හතුරුසිංහ කියන්නේ බැරි දේවල් කරන්න පුළුවන් කියලා ක්‍රියාවෙන්ම ඔප්පු කල පුහුණුකරුවෙක්.ලංකාවේ ක්‍රිකට් වලත් මුලේ ඉඳන්ම හදන්න තමයි හතුරු මේ ලෑස්ති වෙන්නේ. එ්කට ඔහු කරනා සියුම් සැලසුම් ගැන නම් අැත්තටම පුදුමයි.




    hearttv1.com
     
    • Like
    Reactions: Ultron

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔය වගේ හොද සැලසුම් මාධය වලින් එලියට දාන එක අපරාදෙ...ඔය මනුස්සය ක්‍රිකට් හැදුවම අපේ සක්කිලියන්ට ඔය මනුස්සයව නරක් වෙනව....අරක කරා මේක කරා මෙච්චරක් පඩි ගන්නව ඕන්න බලපන් වෙන දේ...