උපුටා ගැනීම - අසංක හදිරම්පෑල www.facebook.com/asanka.hadirampela
interesting හෑල්ලක් හම්බුනා කිරි වැසියනි!
" ගමට ක්‍රිකට් ගෙනියන්න ඕන තමයි. ඒ වුනාට ගමේ බයි ගති ක්‍රිකට් වලට ගේන්න එපා. අපේ ක්‍රිකට් වලට හෙණ ගැහුවේ එතනින්.
පාලක මණ්ඩලවල ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න ලංකාවේ හැමදාම තිබුනා. '96 ලෝක කුසලාන දිනනකොටත් ලංකාවේ දරුණු යුද්ධයක් තිබුනා, දේශපාලන හොර නඩ විසින් ලංකාව පාලනය වෙමින් තිබුනා, මිනිස්සුත් සුපුරුදු දේශපාලනික අන්ධභාවයෙන් හිටියා. හැබැයි, අපි ලෝක කුසලාන දිනුවා.
එවකට ක්‍රිකට් සභාපති ආනා පුංචිහේවා ගැන බොහෝ දෙනා ගෞරවයෙන් කතා කරනවා. ඒ ඔහු මුදල් නැති පාලක මණ්ඩලයක් එක්ක ක්‍රීඩකයන්ව ගොඩ දාගන්න දරපු උත්සාහය නිසා. අනෙක් පැත්තෙන් අපි ලෝක කුසලාන දිනපු ක්‍රීඩකයන් ගැනත් ගෞරවයෙන් කතා කරනවා. රටේ මොන ප්‍රශ්න තිබුනත් හිතේ හයියට ක්‍රීඩා කරලා, ලෝකේ ලොකුම ක්‍රිකට් රාජ්‍යයන් එක්ක හැප්පිලා ලෝක කුසලාන දිනපු එකට.
ලෝක ශූර නායක අර්ජුන රණතුංග කියන විදියට පිට පළාත් ක්‍රීඩකයන්ට ජාතික මට්ටමට එන මඟ විවර කිරීමෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉහළට ගියා. ඒක ඇත්ත. හැබැයි මේ පිට පළාත් ක්‍රීඩකයන්ව ශිෂ්ටාචාර සම්පන්න කරන්න පුළුවන් යත තිබුනේ කොළඹ මිනිස්සු ළඟ. නැත්නම් මේ අද වෙන වැඩේ වෙන්නෙ ඊට ගොඩක් කලින්. ඒකයි වෙනස.
ඒක පරම්පරාවෙන් එන දෙයක්. වැදගත් මිනිස්සු වෙන්න ලේසි නෑ. ක්‍රිකට් කියන්නෙ එංගලන්තෙ "පොෂ් ස්පෝට්" එකක්. ක්‍රිකට් එතනින් පහළට යනවා අඩුයි. පාපන්දු තමයි ජනතාවගේ ක්‍රීඩාව. හැබැයි ක්‍රිකට් අයිති ඉහළ පැලැන්තියට. ඒකත් එක්ක හැදුණු සංස්කෘතියක් ඔස්සේ තමයි ක්‍රිකට් දුවන්නේ. "මහත්වරුන්ගේ ක්‍රීඩාව" කියන ටැග් ලයින් එක ක්‍රිකට් වලට එන්නේ ඒකයි.
මේකෙන් කියන්නේ හැමෝම මහත්තුරු කියලා නෙමෙයි. මුල්ම කාලේ ක්‍රිකට් ගහපු ශ්‍රීමත් විලියම් ගිල්බර්ට් ග්‍රේස් ගැන වුනත් ඉතිහාසයේ තියෙන්නේ, ඔහු දැවී ගියහම පිටියෙන් ඉවත්ව නොගිහින් හිටපු දඩබ්බර පිතිකරුවෙක් හැටියට. ඒ කියන්නෙ ඉස්සර ඉඳන්ම එහෙම තරගකාරීත්වයක් තිබුනා. එවැනි ක්‍රීඩකයන් රාශියක් ක්‍රිකට් වල හිටියා. ඒත් ඔවුන් ළඟ කොලිටි එකක් තිබුනා. ඒක සැලකුණේ රදළ සංස්කෘතියක් විදියට.
ක්‍රිකට් වලට සල්ලි ආවට පස්සේ ගොඩක් දේවල් වෙනස් වුනා. සුද්දොත් අඩුකුලේට වැටුනා. ඒත් ඊට කලින් ආසියාවට ක්‍රිකට් ආවට පස්සේ ඒ රදළ කොලිටි එක බිමට නොවැටෙන්න හේතු වුනේ ආසියාවේ ක්‍රිකට් අයිති වුනේ රදළයන්ට වීම. සුද්දො ගණුදෙනු කළේ රටේ රදළයන් එක්ක වීම.
ඒ සුද්දන්ගෙන් ලංකාවට ආපු ක්‍රිකට්, ලංකාවේ රදළයන් අතෙත් තියෙන සලකුණක් වුනා. රාජකීය, සා.තෝමස්, සා.පීතර, සා.ජෝසෆ්, ආනන්ද, නාලන්දා වගේ ඉස්කෝලවලට ක්‍රිකට් ගැහුවේ වදගත් මිනිස්සු. විනෝද වෙන්න ගියහම සීමාවක් නැති ක්‍රීඩකයන් ඒ කාලෙත් හිටියට, මානව සම්බන්ධතා වලදී ඔවුන් වැඩ කරපු විදිය හරි ඩිප්ලොමැටික්. ඒක එන්නෙ පරම්පරාවෙන්. පෞද්ගලික ජීවිත වල මොන ප්‍රශ්න තිබුනත් ඔවුන් ලෝකෙ ඉස්සරහදි හැසිරුනේ මහත්වරුන් හැටියට.
ලංකාවේ ක්‍රිකට් ලෝකේ ඉස්සරහ බැබලුනේ ඒකයි. ගාමිණී ගුණසේන, ෆ්‍රෙඩ්රික් ද සේරම්, ලක්ෂ්මන් කදිරගාමර් වගේ ලංකාවේ "පොෂ් කොල්ලෝ" එංගලන්තෙටත් ගිහින් එහෙත් නම තියලයි ආයෙ ලංකාවට ආවේ. ඒ "පොෂ්නස් එක" (තීකා කිව්වත් වගේ "ඩීසන්සි" තමයි වචනෙ) ලංකාවේ කොල්ලන්ට තිබුනා.
අනුර රණසිංහලා, මයිකල් තිසේරලා වගේ මිනිස්සු, දුලිප් මෙන්ඩිස්ලා, රෝයි ඩයස්ලා වගේ මිනිස්සු, රන්ජන් මඩුගල්ලේලා, රුමේෂ් රත්නායකලා වගේ මිනිස්සු හැදුනේ පරම්පරාවෙන් පරම්පරාවට එන කොලිටීස් එක්ක. ගුණවත්කම් එක්ක. ඔවුනුත් ආතල් දාපු කොල්ලො වුනාට ලෝකෙට විහිළුවක් වෙන්නෙ නැති පරිණතභාවයක් ඔවුන්ට තිබුනා. ඒ පරිණතභාවය ලංකාවේ ගංකන්ට නෑ. ඒකයි ඇත්ත. කොටින්ම ඕක තමයි ලංකා දේශපාලනයේ රනිල්-මහින්ද පිල් දෙක.
'90 දශකයෙන් පස්සේ ගමෙන් ක්‍රීඩකයන් කොළඹට ආවට ඔවුන්ට හිතෙන හිතෙන සෙල්ලම් දාන්න දුන්නෙ නෑ. ජ්‍යේෂ්ඨයන් ඔවුන්ව මකලා හැදුවා. මහත්තුරු හැටියට ඉන්න ඉගැන්නුවා. ටුවර් එකක් ගියත් මේ ගමේ අංකුර ක්‍රීඩකයන්ව එළියට යැව්වේ ජ්‍යේෂ්ඨයන් දෙතුන් දෙනෙක් එක්ක. ඒකට වෙනම ක්‍රීඩකයන් හැම කාලෙම හිටියා. '96 ලෝක ශූර කණ්ඩායමේත් එහෙමයි. අසංක ගුරුසිංහයි රොෂාන් මහානාමයි තමයි කණ්ඩායමේ තරුණ ක්‍රීඩකයන්ව අයාලේ නොයා තබාගත්තු ජ්‍යේෂ්ඨයන් දෙන්නා.
නැත්නම් සනත් ජයසූරිය වගේ දරිද්‍ර පරිසරයකින් ක්‍රිකට් වලට ආපු කෙනෙක්, ඉන් පස්සේ ලැබුණු මුදල් එක්ක මේ දැන් ඉන්න ටික් ටොක් මල්ලිලා ටික වගේම අනාථ වෙන්න ඉඩ තිබුනා. එහෙම නොවුනේ ජ්‍යේෂ්ඨයන් ඒක වෙන්න නොදුන් නිසා. මොන නාඩගම නටලා හරි කමක් නෑ ක්‍රිකට් හරියට ගහන හැටි ඔවුන් ආධුනිකයන්ට ඉගැන්නුවා.
ලංකාවේ ක්‍රිකට් පාලනය වුනේ අගනුවර පාසල් වලින්. මේ පාසල් වලින් එන වෙනම හොඳ පුරුදු ටිකක් තියෙනවා. ගියපු අය දන්නවා ඇති. ඒවා පරම්පරාවෙන් පරම්පරාවට විකාශනය වීම අතිශය වැදගත්. ඒත් සනත්-මාවන් යුගයෙන් පස්සේ ඒක එහෙම වුනේ නෑ. ක්‍රීඩකයන්ව කළමනාකරුවන් අතට පත්වුනා.
ඒ කළමනාකරුවන් මේ ක්‍රීඩකයන්ට වැදගත් වෙන්න ඉගැන්නුවේ නෑ. සංගා-මහේල ඊළඟ පරපුර හැදුවේ නෑ කියලා අර්ජුන හැමදාම කියන්නෙ ඔන්න ඔය දිග කතාව. එහෙම නැතුව ටැලන්ට්ස් හැදුවෙ නෑ කියලා නෙමෙයි අර්ජුන කියන්නෙ. සංගා-මහේල විශ්වාස කළේ වෘත්තීය ක්‍රීඩකයන් ගැන. තමන්ගෙ වෘත්තීය තියෙන්නේ තමන්ගේ අතේ කියන එක.
ඒත් ලංකාව වගේ දුප්පත් රටකින් එන ක්‍රීඩකයන්ට, ජාත්‍යන්තර මට්ටමට ආවයින් පස්සේ මාසෙකට කෝටියක විතර ආදායමක් එනකොට ඔවුන්ට කරන්න ඕන දේවල් කියලා දෙන්න ඕනමයි. නැත්නම් ගොංපාට් දානවා. ඒත් ඒකට කලමනාකරුවන් මහන්සි වෙන්නෙ නෑ. ඒකට පරණ ක්‍රමය අත්‍යාවශ්‍යයි. ඔවුන්ව තාත්තලා වගේ පිටිපස්සෙන් ඉඳලා හදන්න ඕන. ලංකාවේ අධ්‍යාපන ක්‍රමයෙන් වැදගත් මිනිසෙක් වෙන්න උගන්වන්නෙ නැති හින්දා ඒක වෙන්න ඕන ජ්‍යේෂ්ඨයන් අතින්. ඒත් දැන් ඒක වෙන්නෙ නෑ.
එතකොට කුසල් මෙන්ඩිස් ඊයෙ කරපු වැඩේ වගේ ඒවා වෙන එක අහන්න දෙයක් නෙමෙයි. මෙන්ඩිස්ගෙ හිතේ තිබුනෙ, "අපි මෙතෙන්ට ආවෙ බංග්ලාදේශයට එරෙහි තරගය ගැන කතා කරන්න. ඇයි එතනදි ඔයා කෝලිගෙ ශතක ගණන ගැන අහන්නෙ?", කියලා වුනාට, ඔහුගේ ඉංග්‍රීසි දැනුමේ අඩුව හින්දා කියවුනේ වෙන එකක්. ඩිප්ලොමැටික් නෑ. ඒක ලෝකයක් ඉස්සරහදි කැතයි. එක්කො ඔවුන්ට ඉංග්‍රීසි උගන්නන්න ඕන. එක්කො මාධ්‍ය සාකච්ඡා වලට ඔවුන්ව නොයවා වෙන කවුරුහරි යවන්න ඕන. (මොරටුව කියන්නෙ ගමක්ද අහනවා දැන්. මේ කියන්නෙ කල්චර් එකක් ගැන. සංස්කෘතියක් ගැන)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හැම කාලෙකම හොඳින් ඉංග්‍රීසි දැනුමැති ක්‍රීඩකයෙක් දෙන්නෙක් හිටියා. ඉන්දියා පාකිස්තාන නායකයො ගොත ගහද්දී මේ අඹ ගෙඩියේ කවුරුත් මයික් ඉස්සරහ ගොත ගැහුවේ නෑ.
ඒත් 2015න් පස්සේ මේ වෙනකම් කණ්ඩායමේ එහෙම ලස්සනට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් එකෙක්වත් නෑ. (ඒ කියන්නෙ ලෝකෙත් එක්ක පිළිවෙලට ගණුදෙනු කරන්න පුළුවන් ක්‍රීඩකයන් නෑ) ඒකෙන් පේනවා ශ්‍රී ලංකා ක්‍රිකට් වලට වෙලා තියෙන වින්නැහිය. අපට කණ්ඩායමේ තානාපතිලා නෑ. මොකෙක් හරි යවලා ඌ කියන විකාර වල වගකීම ගන්න වෙලා.
ඔන්න ඕක හින්දා තමයි කියන්නෙ කොළඹ නුවර ක්‍රීඩකයොත් ඉන්න ඕන කියලා. එහෙම නැත්නම් පහළ මධ්‍යම පන්තියෙන් එන ක්‍රීඩකයන්ට ඉංග්‍රීසි සහ පුද්ගල සබඳතා හැකියාවන් උගන්නලා උන්ව ගොඩනගන්න ඕන. මොකක්ද මේ ක්‍රිකට් වලට වෙලා තියෙන්නේ?
අපේ රටේ වර්තමාන මිනිස්සු කොලිටි නෑ. පහළ මධ්‍යම පාන්තික ගං පුතාලට ඒ කොලිටිය පොඩ්ඩක්වත් නෑ. තැන් තැන්වල බුලත් කෙළ ගහන, කුණු දාන, පෝලිම් පනින, පාරෙ රණ්ඩුවෙන, පන්සල් ගිහිනුත් කෑගහන, හොරකම් කරන, කකුලෙන් අදින, දේශපාලන පක්ෂ වලට කඩේ යන, කේලම් කියන දෙමාපියන්ගෙන් හොඳ ළමා පරපුරක් හැදෙන්නෙ නෑ.
බුදු සරණයි, දෙවි පිහිටයි. - අසංක හදිරම්පෑල.
* ගම-නගරේ කියලා බෙදලා නෑ. මමත් ගමකින් ආව එකෙක්. මේ කියන්නෙ සංස්කෘතික පරිසරයත් එක්ක හැදෙන කොලිටි එක ගැන.
* ඉංග්‍රීසි පුළුවන් නම් වැඩ්ඩා, නැත්නම් නෑ කියලා එකක් නෑ. හැබැයි මේක ජපානය නෙමෙයි නෙ. ගමෙන් එන දක්ෂයන්ට ඉංග්‍රීසි උගන්නලා ගන්න ඕන.
* කුසල් ගියපු වේල්ස් කුමර විද්‍යාලය කීර්තිමත් පාසලක්. ඒකෙ විවාදයක් නෑ. ඉස්කෝලෙන් ඔක්කොම එන්නෑ, එන්නෙ සංස්කෘතික පරිසරයෙන්. වර්තමානය වෙනකොට එහෙම පරිසරයක් තියෙන්නේ පාසල් කිහිපයක විතරයි. සීමිතයි. "