චැනල් 4 සහ රෝහිණි හතුරුසිංහ...
අසත්‍ය පැතිරවීමට වඩා සත්‍ය යටපත් කිරීම භයානකය. එය පාපයකි..
මෑතකදී නිකුත් වූ චැනල් 04 නාලිකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙ වීඩියෝව දුටු විට අසත්‍ය සාක්ෂි නිසා අතීතයේදී සිදු වූ ඉතාමත් දුඃඛිත කතාවක් මතක් විය.
ශ්‍රී ලංකා යුධ හමුදාවෙ එතෙක් මෙතෙක් සිටි කීර්තිමත්ම හමුදා නිලධාරියා ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව බව අවිවාදිතය.
1992 අගෝස්තු 08 වෙනි දින කරෙයිනගර් නාවික කඳවුරේ සිට මේජර් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ප්රමුඛ අණදෙන නිලධාරීන් කයිට්ස් ජැටියට පැමිණෙන්නේ බෝට්ටු වලිනි.
එතැන්සිට මේජර් ජෙනරාල් කොබ්බෑකඩුවට අමතරව බ්‍රිගේඩියර් විජය විමලරත්න, උතුරු නාවික ආඥාපති කොමදෝරු මොහාන් ජයමහ ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 09 දෙනෙක් ජීප් රියකට ගොඩවෙන්නේ අරාලි තුඩුවට යාමටයි.
ඒ කොටි ත්‍රස්ථවාදීන්ට එරෙහිව " ෆයිනල් කවුන්ට් ඩවුන්” මෙහෙයුමේ සැලැස්ම පිළිබඳව සාකච්ඡා කිරීමටයි.
එම සාකච්ජාව අවසන් වී නැවත නිලධාරීන් එමින් සිටි ජීප් රිය වැලි පාරකින් පැමිණ තාර පාරට දැමීමට සූදානම් වීමත් සමඟම මුළු ප්‍රදේශයම මහ හඩින් දෙදරමින් වාහනය පුපුරා යනවා. ඊලග මොහොතේ ඩෙන්සිල් කොබ්බෑකඩුව අඩි විස්සක් තිහක් පමණ දුරින් වැටී සිටියේ මරුවා සමග සටන් කරමින්. මේජර් ජෙනරාල් විජය විමලරත්නගේ සිරුර තුනටිය ළගින් කොටස් දෙකකට වෙන්වන්නටම කැඩිගොස් තිබුණි.
මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවගෙ තුවාල වූ සිරුර කොළඹට රැගෙන ඒමට පැය 06 ක් ප්‍රමාද කර තිබුණි. දහවල් 02 පමණ වන විට අසාධ්‍ය වූ කොළඹට රැගෙන ආ අතර ඉන් පැය භාගයකට පසු ඔහු මෙලොවින් සමු ගත්තේය.
එදා මුළු ශ්‍රී ලංකාවම කඳුළින් හැඬ වූ දිනයකි.
මෙම ඝාතනය LTTE ත්‍රස්තවාදීන්ගෙ බිම් බෝම්බයකින් සිදු වූවාද නැතහොත් ජනරාල් කොබ්බෑකඩුව දේශපාලනයට පිවිසෙතියි බියෙන් එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස විසින් සැලසුම් කොට ජීප් රිය තුලම තිබූ බෝම්බයක් පුපුරවා හැරීමෙන් ඝාතනය කරා දැයි සැකයක් ජනතාව තුල ඇති විය.
මෙම සැකය නිරවුල් කිරීමට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස විසින් කුප්‍රකට " ස්මයිල් කොමිසම" පත් කරන ලද අතර එහි දී නිගමනය වූයේ එම ජිප් රථය බිම් බෝම්බයකට හසු වී ජනරාල් කොබ්බෑකඩුව ඇතුළු පිරිස මියගිය බවයි.
ඉන්පසු බලයට පැමිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය ද කොබ්බෑකඩුව ඝාතන කොමිසමක් පිහිටු වූ අතර එය බ්‍රිතාන්‍ය ජාතික බෝම්බ විශේෂඥකු වූ ජේ. ආර්. වයිට්ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
එහිදී ඔහු විසින් අරාලි තුඩුවට ආසන්න ස්ථානයකදී ජීප් රථ දෙකක් පුපුරවා විමර්ශනයට ලක් කර සිය අවසන් නිගමනය ලබා දී තිබුණි. එහිදී ඔප්පු වූයේ එය බිම්බෝම්බයක් නොව ජීප් රිය තුලම අටවා තිබූ බෝම්බයක් නිසා සිදුවූ පිපිරීමක් බවය.
මෙම ජනාධිපති කොමිසම අසාර්ථක කිරීමට විරුද්ධවාදීන් විසින් රෝහිණි හතුරුසිංහ නම් වූ චරිතයක් යොදා ගැණිනි.
ඇය එවකට ලංකාවේ පත්තර වල සිරස්තල මැවූ චරිතයකි. ඇයගේ ප්‍රකාශ නිසා පුවත්පත් උණු කැවුම් මෙන් විකිණෙන කාලයක් විය. ඇයගෙ ප්‍රකාශ තුළින් මුළු රටම උණුසුම් විය.
" මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු නව දෙනෙකු මරණයට පත් කිරීමට ඔවුන් ගමන්ගත් හමුදා රියේ බෝම්බයක් සවි කරන ලද්දේ තම සැමියා වූ සුසන්ත හතුරුසිංහ බව රෝහිණී හතුරුසිංහ ජනපති කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් කීවාය.
එපමණකුදු නොනැවති එම බෝම්බය සවි කළේ බ්‍රිගේඩියර් විජය විමලරත්නගේ උපදෙස් මත බවද ඇය ප්‍රකාශ කර සිටියාය. "
බ්‍රිගේඩියර් විජය විමලරත්න ද මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මෙන්ම අති දක්ෂ එමෙන්ම කීර්තිමත් නිලධාරියෙකි.
ඇය කොමිසමේදී සිදු කල එම ආන්දෝලනාත්මක ප්‍රකාශය නිසා එහි සත්‍ය අසත්‍යතාව නොවිමසූ ප්රකෝපකාරී ජනතාව කිරිබත්ගොඩ නගරය මැද ඉදිකර තිබූ විජය විමලරත්න ප්‍රතිමාව පවා බිමට ඇද දැමූහ.
පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රෝහිණි හතුරුසිංහ පිළිබඳ කළ විමර්ශනවලදී හෙළි වූයේ ඇය පවසන කතා අසත්‍ය බවය.
එහෙත් ඒ වන විටත් බ්‍රිගේඩියර් විජය විමලරත්න විරුවන්ට සිදු වී තිබූ අවමානය ඉමහත්ය. ඔහුගේ දරු පවුලට එළියටවත් බැහීමට නොහැකි වටපිටාවක් සෑදි තිබුනි.
එදා අද මෙන් සමාජ මාධ්‍ය පැවතියෙ නැත. එසේ තිබුණා නම් ප්රකෝපකාරී වන ජනතාව බ්‍රිගේඩියර් විජය විමලරත්නයන්ගෙ ගෙවල් දොරවල් පවා ගිනිබත් කරනු නොඅනුමානය.
චැනල් 4 නාලිකාවේ වීඩියෝව දකින විට මට එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති කොමිසමේ සාක්ෂි දුන් රෝහිණී හතුරුසිංහ මතකයට ආවේ නිරායාසයෙනි. ඇය කොමිසම අඩපන කිරීමට හිතාමතාම සාක්ෂි දුන්නාය.
දේශපාලන කෝණයෙන් නොබලන ඕනෑම අයෙකු චැනල් 4 නාලිකාවේ වීඩියෝව අමුම අමු කෙප්පයක් බැව් දනී. තමන්ට දේශපාලන වාසි ලබා ගැනීමට චැනල් 4 නාලිකාව උපයෝගි කරගන්නා බහුතරයකගෙ මුවින් මොනවා පිට උනද එය බොරුවක් බව ඔවුන්ගේ ද හෘදසාක්ෂිය දනී.
සත්‍යය නුදුරේදීම හෙලි වනු ඇත.
නැවතත් කියමි..
අසත්‍ය පැතිරවීමටත් වඩා සත්‍ය යටපත් කිරීම භයානකය. එය පාපයකි..
nsg