වසන්න-වඩිවේල් UNP කණෙන් රිංගා ඉස්මුදුනෙන් පිටවී ඇමතිකම් දෙකක් ගනී.. අරලියගහ කදවුර මලගෙයක සිරි ගනී..
වසන්ත සේනානායක හා වඩිවේල් සුරේෂ් නව රජයේ ඇමතිවරුන් ලෙස දිවුරුම් දීමත් සමගින් එක්සත් ජාතික පක්ෂය කදවුරු බැද සිටින අරලිගහ මන්දිරයේ දැඩි ලෙස කම්පා වී ගිය ආකාරයක් දක්නට තිබේ.
එහි සිටින මන්ත්රිවරුන් ඇතුළු හිතවතුන් දැඩි විශ්වාස භංගත්වයට පත්ව සිටින ආකාරයක් මුහුනුවලින් පෙනී යයි.
ඔවුන් එනිනෙකා සම්බන්ධයෙන් සැක සහිතව කතාබස් කරමින් සිටින්නේ යයිද පෙනේ.
මෙම නව ඇමතිවරුන් දෙදෙනාම මුලින් මහින්ද රාජපක්ෂ මහතාට සහාය පල කර නැවතත් අරලිය මැදුරට ගොස් රනිල්ට සහාය දක්වන බව කියා ටික වේලාවනික් ඇමතිවරුන් ලෙස දිවුරුම් දුන්හ.