හදවත් ඇත්තවුන්ට පමණයි!!!

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
හදවත් ඇත්තවුන්ට පමණයි!!!

බිම්සර කෞෂාන්ගේ වයස අවුරුදු පහ ලබන්නේ ලබන මාසේ පස්වෙනිදාටය
යන්තම් බහ තෝරන බිම්සරට පියාගේ ආදරයත් රැකවරණයත් ලැබුණේ සිය මවගෙනි
ඇය එච් එම් බන්දුමතීය.
මොවුන් වෙසෙන්නේ මතුගම සිරිකඳුර සඳසිරිගම ය.
උපන්දා සිට නැතත් වයස අවුරුදු දෙකේදි බිම්සර හදිසියේ රෝගි වෙද්දී ඇයට කළ හැකිවූයේ නිවසේ සිට සැතපුම් අටක් පමණ දුෂ්කර මඟ ගෙවා මතුගම ඩිස්පැන්සරියට දරුවා රැගෙන ඒමය
එදා වේල පිරිමහගැනිමටත් අපහසු තත්වයෙන් සිටියදි සිය සොහොයුරන් දෙදෙනාගෙන් ලැබෙන උපකාරයෙන් යාන්තම් දිවිගෙවන බන්දුමතී ට දරුවාගේ අසනීප තත්වය වෛද්‍යවරුන් පැවසු ආකාරයට හිසට පාත්වු හෙණයක් බඳුය.
මුලින් කළුතර නාගොඩ රෝහලටත් දෙවනුව කොළඹ රෝහලටත් යොමු කළ දරුවාගේ අවසාන රෝග නිර්ණය සිදුකළේ
මහරගම පිළිකා රෝහලේය
...අම්මේ මේ බබාගේ ඇට මිඳුළුවල පිළිකා තත්වයක් ඇතිවෙලා අපි බලමු සනීප කරගන්න හැකිවේවි ...
වෛද්‍යවරුන් බිම්සර දෙස බැළුවේ ඒ පුංචි ඇස්දෙකේ තිබුනාටත් වඩා කාරුණික බැල්මකිනි.
මෙසේ වසරක් ගෙවිණි දැන් බිම්සර මඳ සුවයකින් පසුවන ලකුණු පහළ වි ඇත
නමුත් දිගින් දිගටම ඔහුට බෙහෙත් ලබා දිය යුතුය
ඊට වැය වන මුදල අධිකය මේ ආදරණීය අම්මාගේ සොහොයුරන් දෙපළ නොවන්නට මේ දරුවාත් තරුණ මවත් මේ වන විට මහ මඟය
හදිසි අවස්ථාවක දරුවා ප්‍රතිකාර සඳහා රැගෙනයාමට යායුතු දුර කෙතරම් වුවද ඇතැම් අවස්ථාවලදි බන්දුමති සිය දරුවා වඩාගෙන සැතපුම් අට ගෙවා මාර්ගයට යන්නීය
උදේ බසය වැරදුනහොත් ත්‍රී රෝද රථයකට රුපියල් 800 ක් ගෙවිමට ඇයට සිදුවෙයි
අසනීප දරුවා තනිකර දමා රැකියාවක් කරගත නොහැකි ඇයට මේ දරුවා රැක ගැනිමටත් දිවි ගෙවිමටත් දිවියට අත්වැලක් සපයන ලෙස අප ආයාචනා කරන්නෙමු
එච් .එම් බන්දුමතී - ජාතික ඉතිරි කිරිමේ බැංකුව (පානදුර ශාඛාව)
ගිනුම් අංකය 1 - 004380- 0609-1


DSC03551(1).jpg


DSC03547.jpg


DSC03546.jpg


DSC03554.jpg
 

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    bump mata wadi wisthra ewnna .. man mee gana thwa danuwath kirim aranam.. meeka dapu oba thuma wisthra thauru karagena neda danme ..
     

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    bump mata wadi wisthra ewnna .. man mee gana thwa danuwath kirim aranam.. meeka dapu oba thuma wisthra thauru karagena neda danme ..

    බොරුවක් වෙන්න බැහැ. ලංකාදීප පත්තරේ තිබුනේ.
    http://www.lankadeepa.lk/index.php/articles/218188

    Source එක නොදැම්මට සමා වෙනු මැන. මට පුලුවන් විදියට මම හෙට රු. 1000/=ක් දානවා. පොඩි ගානක් තමයි ඒත් බස් එක වැරදුන දවසක ත්‍රීවීල් ගාස්තුවවත් ගෙවයිනේ ඒකෙන්.