හදීස් වල සත්‍යතාව (Authenticity) විශ්ලේෂණය කිරීම
හදීස් වල සත්‍යතාව (Authenticity) විශ්ලේෂණය කරන්නේ කෙසේද?
අපේ කුරානය සංරක්ෂණය වීම සම්බන්ධයෙන් අවශ්‍ය දේ කියා ඇති බව සිතමි. මෙතන බලන්න: http://www.elakiri.com/forum/showthread.php?t=1536400
ඉස්ලාමයේ තවත් මූලාශ්‍රයක් තමයි "හදීස්" හෙවත් නබි වදන්.
හදීස් යන්නෙහි සරල තේරුම "ප්‍රවෘතිය/කතාව" යන්නයි. එනම්, අපේ නබිතුමා කී, කල, සහ අනුමත කල දේ ගැන ප්‍රවෘත්තියි. ඒවා පසු කාලයේ අයට දන්වන්නේ "සහාබා" වරුන් හෙවත් නබිතුමාගේ කාලයේ සිටි අනුගාමිකයින් විසිනි. සහාබාවරුන් විසින් නබි වදන් සහ නබිතුමා ගැන නිරීක්ෂණය කල දේ, ඊළඟ පරම්පරාවේ අයට උගන්වා දෙනු ලැබුවා. ඔවුන් ඒවා ඉගෙනගෙන පිළිපැද්දා. එලෙස පරම්පරා කීපයක් වාචිකව එය සම්ප්‍රේෂණය වුනා. (සමහරු එම නබිවදන් සමහරක් පෞද්ගලිකව ලියාගෙන තිබුනා. එහෙත් පොත් ලෙස නබිවදන් එවිට එකතු වූයේ නැත). නබිතුමාගෙන් පසු අවුරුදු 200ක් පමණ කාලය තුළ තමයි නබි වදන් එකතු කර, පොත් ලෙස සංරක්ෂණය කරන්න ගත්තේ. (එහෙත්, කුරානය එකතු කර ලේඛනගත කලේ නබිතුමාගෙන් පසු ඉතාම කෙටි කලක් තුල, සහාබා වරුන් විසින්මය. එකලම, හදීස්ද එලෙසම එකතු නොකලේ ඒ දෙක කලවම් නොවීමට යැයි විද්වත් අය පවසති.). එම හදීස් පොත් වලින් තමයි දැන් අප නබිවදන් උපුටාගන්නේ. එසේනම්, එලෙස වාචිකව සම්ප්‍රේෂණය වූ කාලයේ එම නබිවදන්වල සත්‍යතාව සොයා බලන්න ක්‍රමයක් තිබේද? එය සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ "මුහද්දිස්" හෙවත් හදීස් සම්බන්ධ විශාරදයින්ය. ඔවුන් විසින් හදීස් වල තත්වය (නිවැරදි බව අනුව) වර්ගීකරණය කර ඇත. ඒ කෙසේද? (අපි ඒ ගැන වැඩිය දන්නෙ නෑ. දන්න ටික පමණක් කියමි)
හදීසයක (නබිවදන් ගැන ප්රවෘත්තියක) කොටස් දෙකක් ඇත. එහි අන්තර්ගතය (text) සහ සම්ප්‍රේෂණ දාමය (chain of narration). අන්තර්ගතය යනු එම හදීසයෙන් පැවසෙන දේ. Chain of narration යනු එම හදීසය නබිතුමාගේ සිට ලිඛිතව පොත් ලෙස එකතු කරන්නා දක්වා කුමන අය හරහා ගමන් කලේද එම පුද්ගලයින්ගේ නම් පෙළයි. එහි පරම්පරා කීපයක පුද්ගලයන් ඇතුලත් වේ. යම් හදීසයක් නිවැරදිතාවය අනුව වර්ගීකරණය කරන්නේ මෙම chain of narration එක විශ්ලේෂණය කිරීමෙනි. ඒ කෙසේද? එම chain of narration වල එන මිනිසුන්ගේ විස්තර එකල විද්වතුන් විසින් එකතු කර පොත් ලෙස ලියා ඇත. ඒවාට කියන්නේ "අස්මා-උර්-රිජාල්" (Names of men) යනුවෙනි. එහි, එම පුද්ගලයින් පිළිබඳ උපත, විපත, දැහැමි බව, බොරුකාරයෙක්ද නැද්ද, මතකය කොහොමද ආදී ලෙස විස්තර ඇත. එම විස්තර දන්න විද්වතුන් විසින් හදීසයක chain of narration එකේ පැමිණෙන පුද්ගලයින් ගැන විශ්ලේෂණය කර, එම හදීසය සම්ප්‍රේෂණයේදී වැරදීම්/බොරු කිරීම්/අමතක වීම් සිදුවිය හැකිද යන්න අදහසක් ගනු ලැබේ. ඒ අනුව එම හදීසය (නිවැරදිතාවය අනුව) 'සහීහ්' (සත්‍ය/ශක්තිමත්) හෝ 'ලඊෆ්' (දුර්වල) ලෙස වර්ගීකරණය කෙරේ. (මේ දෙක අතර අතරමැදි අවස්ථාද ඇත. ඒ ගැන නිපුනත්වයක් ඇත්තේ විශාරදයින්ටය).
හදීස් විශ්ලේෂණයේදී, උදා: 1. යම් හදීසයක chain of narration එකේ එක් තැනක, ගුරුවරයාගේ විපත ඇත්තේ, එය ඉගෙනගත් ශිෂ්‍යයාගේ උපතට වඩා කලින් නම්, එයින් පෙනෙන්නේ මේ දෙදෙනා අතර නොදන්නා තව කෙනෙක් හරහා මේ හදීසය සම්ප්‍රේෂණය වී ඇති බවයි. නොදන්නා කෙනෙක් එහි සිටීම එම හදීසයේ දුර්වලකමකි.
2. මතකය අඩු අය, බොරුකාරයින් ආදිය එම chain එකට ඇතුලත් වන්නේ නම් එම හදීසය දුර්වල වේ.
**මෙවැනි සොයාබලන කරුණු රාශියක් ඇත.
සැ.යු.
====
අ) හදීසයක් දුර්වල යැයි කියන්නේ නබිතුමා විසින් කියන ලද දේ ගැන දුර්වලතාවය නොවේ. එම ප්‍රවෘත්තිය සම්ප්‍රේෂණයේදී ඇති වූ දුර්වලතාවයයි.
ආ) හදීසයක් දුර්වල/සත්‍ය යැයි කියන්නේ එහි chain of narration අනුවය. එලෙස හදීසය 'සත්‍ය' වූ පමණින් එහි අන්තර්ගතය (text) සත්‍ය බවත්, දුර්වල වූ පමණින් එහි text එක වැරදි/අසත්‍ය බවත් හැම විටම අදහස් වන්නෙ නෑ. එයට හේතුව, යහපත් කෙනෙකුට වුවද වැරදිය හැකියි; එලෙසම බොරුකාරයෙක් හැමවිටම කතා කරන්නෙ බොරුම නොවේ. එබැවින් හදීස් අනුව තීන්දුවක් දෙන්න කලින් corroborative evidence බලනු ලැබේ. (උසාවියක සිදුවන්නේද මෙවැනි දෙයකි. සාක්ෂි තිබූ පමණින් තීන්දු දෙන්නෙ නෑ).
ඇ) හදීසයක් නිවැරදිද යන්න සොයාබලන්න වැදගත් වන තව කරුණක් ඇත. එනම්, යම් හදීසයක් සඳහා ඇති chains of narration ගණනයි. එම හදීසය සම්ප්‍රේෂණය වූ හැම පරම්පරාවකම, යම් බොරුවක් වෙනුවෙන් හැමෝම එකඟ නොවිය හැකි තරම් වැඩි මිනිසුන් සංඛ්‍යාවක් හරහා යන්නේ නම් එය 'මුතවාතිර්' තත්වයේ හදීසයක්. නිවැරදි බවෙන් හොඳම එම විදිහයි. කුරානයේ මනනයද සම්ප්‍රේෂණය වී ඇත්තේ ඒ ආකාරයටයි. එම තත්වයට වඩා අඩු, එහෙත් සම්ප්‍රේෂණ දාම කීපයකට වඩා ඇති හදීස් 'මෂූර්' යයිද, එක් chain එකක් පමණක් ඇති ඒවා 'අහද්' යැයිද කියනු ලැබේ. විද්වතුන් විසින් හදීස් වල තත්වය විස්තර කරන ක්‍රම තවත් ඇත.
මූලාශ්‍ර වල නිවැරදි බව සෙවීම ගැන අප ගොඩක් අවධානය යොමු කරන්නෙමු. නබිවදන් යයි සිතා එසේ නොවන දෙයක් පිළිපැදීමට අපි කැමති නොවෙමු. මූලාශ්‍ර දුර්වල වන්නේ කෙලෙසදැයි ඔබට යම් අදහසක් ලැබුනා යයි සිතමි.
(*මුස්ලිම් සහෝදරවරුන් වෙත: මට වැරදුනු තැනක් තිබේ නම් නිවැරදි කළ හැකියි.)