|හදුනා න‍ොගත් දිය‍ේ ගිලුණු වස්තු-Unidentified Submerged Objects(USOs).|

Oct 5, 2016
2
1
0
|හදුනා න‍ොගත් දිය‍ේ ගිලුණු වස්තු-Unidentified Submerged Objects(USOs).|


සමාන්‍යයෙන් ඔයලට අහන්න නොලැබෙන දෙයක් ගැනයි. ම්‍ෙ මහ ප‍ොලොවේ 50% වඩා තියාන්න‍ේ සාගරය. අපි ප‍ොලොව මතු පිට තිබෙන පිටසකවල ක්‍රියාකාරකම් ගැන ක‍ොතෙකුනම් කතා කරනවද? එසේනම් සාගරය තුල කොතෙකුත් ඇද්ද? අන්න ඒගැන තමයි මම අද කතා කරන්න යන්නේ. එ් තමයි හදුනා න‍ොගත් දිය‍ේ ගිලුණු වස්තු-Unidentified Submerged Objects(USOs).
මේ පිලිබද මාතෘකා 2 ඔස්සේ කතා කරන්න පුලුවන්
1.මුහුදේ සැගවුන අතීත ශිෂ්ටාචාර.
2.වර්තමානයේ වර්තා වන මුහුද ආශිත සිදුවීම්.
මේ කරුනු එක නෙකට ගලපා ගත හැකිද?
මේ පිලිබද අවධානය අඩු වුවත් මෙ පිලිබද ගැබුරින් සොයා බැලුහොත් අපට අතිතයේ පැවැති ශිෂ්ටාචාර බොහොමයක් කරුනු සොයා ගත හැක.

මම වැඩි අවධනයක් යොමු කරන්නේ පලවෙනි මතෘකාව ගැනයි.
ඇට්ලාන්ටික් සාගර පතුලේ සැගව අති ශිෂ්ටාචාරයක්(ඇට්ලාන්ටිස් ශිෂ්ටාචාරය- Atlantis Civilization ) ගැන කතා බහක් ඇතිවී තිබෙනවා.
බර්මියුඩා ත්‍රිකොණය අශ්‍රිත මුහුදු පතුලේ ඇති පලිගු පිරමිඩ 2ක් ගැන කතා කරනවා.
මේ හැම පුවතක් අතරින් මගේ සිත ගත් අපුරු පුවතක් ගැන මම කතා කරන්න කැමති.
ඒ තමා මධ්‍යධරණී මුහුදේ ඇන්ටිකිතීරා දිවයින අසලින් සොයා ගත් 2000ක් පැරණි යාන්ත්‍රික පරිගණකය. මෙම යන්ටත්‍රන්ත්‍රය සොයා ගනු ලැබුවේ ග්‍රීක කපිතාන් දිමිත්‍රියෝස් කොන්ඩෝස් හා කිමිදුම්කරු ඊලියාස් ස්ටැඩියටෝස්
උතුරු අප්‍රිකානු මුහුදේ කිමිදුම් මෙහෙයුමකින් පසුයි.
මෙහි පිටත ආවරණය වටා තිබූ, ඉතාමත් අපහැදිලි අක්ශර දහස් ගණනක් ඡායාරූපකරණ තාක්ශණය ආධාරයෙන් මතුකරගත් ප්‍රයිස් එම අක්ශර අනුව එය නිර්මාණය කරතිබුනේ ක්‍රි.පූ 100-300 අතර කාළයේ ග්‍රීකයින් විසින්බව සනාත කරගත්තා. එම අක්ශර, යන්ත්‍රය භාවිතා කරන්නාට එය ක්‍රියාකරන ආකාරය පැහැදිලි කරන උපදෙස් මාළා බවද ඔහු වටහා ගත්තා. මේ අනුව, මින් පෙර කිසිවෙකුත් නොසිතූවිරූ ආකාරයේ තාක්ශණයක් පැරණි ග්‍රීකයන් සතුව තිබූබව තහවුරු කරගත්තා. ඇන්ටිකිතිරා යන්ත්‍රය සූක්ශ්ම විද්‍යාත්මක විශ්ලේෂණයන්ට බඳුන්වෙයි.කැබළි 82කින් යුතු මෙම යන්ත්‍රය ඊලඟ වසර 50 තුලදීම දැවැන්ත විශ්ලේෂණයන්ට බඳුන්වුනු අතර පුරාවිද්‍යාඥයින්, ගණිතඥයින් හා තාරකා ව්ද්‍යාඥයින්, මෙම යන්ත්‍රය ප්‍රතිණිර්මාණය කිරීමේ උත්සහයන් කිහිපයක්ද ගත්තා. 2005 වසරේදී පරිගණක ලෝකයේ දැවැන්තයෙකු වූ හිව්ලට් පැකාර්ඩ් (Hewlett-Packard : HP) සමාගම, අති නවීන එක්ස්-රේ තාක්ශණයක් මගින් යන්ත්‍රය ඡායාරූපගත කරන ලද අතර, එමගින් යන්ත්‍රයේ කොටා තිබූ ග්‍රීක අක්ශර වඩාත් පැහැදිලි කරගැනීමට හැකිවුනා. එමගින් යන්ත්‍රයේ දැනට ඉතිරිව ඇති කොටස්වල තිබූ අක්ශරවලින් 95%ක් පරිවර්තනය කරගැනීමට භාශා විශේෂඥයින් හට හැකිවුනා.
ඉන් පසු මේ යන්ත්‍රය ගැන හොයන්න තියෙන උනන්දුව තවත් වැඩි වන්නට උනා. ඒ නිසා එම වසරේදීම X-ටෙක් නම් සමාගමක් ටොන් 8ක් බර කැට්-ස්කෑන් යන්ත්‍රයක් ග්‍රීක පුරාවිද්‍යා කෞතුකාගාරයට පරිත්‍යාගකල අතර එය ආධාරයෙන් අතිශය පැහැදිලි ත්‍රිමාණ රූප ලබාගැනීමට හැකිවුනු බැවින් මෙම අපූර්ව යන්ත්‍රය නිර්මාණය කොට තිබුනේ කෙසේද, කුමක් සඳහාද යන්න ගැන විශාල තොරතුරු රැසක් හෙලිකර ගැනීමට හැකිවුනා.
ඔබ ඒ ගැන අසුවොත් නම් ඔබ මං වගේම පුදුමට පත්වේවි. එය එසේ මේසේ යන්ත්‍රක් නොව එය
පෞරාණික ග්‍රීකයින්ගේ සෞරග්‍රහ මණ්ඩල පරිගණකයයි. (Planetary Computer)
පුරාණ ග්‍රීකයන් නිර්මාණය කල මෙම යන්ත්‍රය සැබැවින්ම ලොව පලමුවැනි පරිගණකය ලෙස හඳුන්වන්නට පුළුවන්. පරිගණකයක් යන්න සරලව හඳුන්වන්නේ නම්, යම් දත්තයක් ලබාදුන් විට (input), එම දත්තය ඇසුරින් යම් ක්‍රියාවලියන් සිදුකොට (processing) යම් ප්‍රතිදානයක් (output) ලබාදෙන යන්ත්‍රයකි. ග්‍රීකයන් මීට වසර 2000කට නිර්මාණය කලැයි සැළකෙන ඇන්ටිකිතීරා යන්ත්‍රයද සැබැවින්ම එවැනි ක්‍රියාවලියක් සිදුකරමින් සෞරග්‍රහමණ්ඩලය හා අනෙකුත් තාරකාවිද්‍යාත්මක තොරතුරු ලබාදෙන යන්ත්‍රයක් බව ත්‍රිමාණ කැට් ස්කෑන් ක්‍රියාවලියෙන් ලැබුණු තොරතුරු වලින් තහවුරු වූවා. යන්ත්‍රයේ ඉදිරිපස මුහුණතේ ඇති ඩයලය මගින් ක්‍රියාකරවන්නාට යන්ත්‍රය වෙත දිනයක් (වර්තමානයේ, අනාගතයේ හෝ අතීතයේ) ලබාදිය හැකි අතර, එවිට යන්ත්‍රය සියුම් දැතිරෝද ක්‍රියාකාරිත්වයක් හරහා ක්‍රියාකරවන්නාට එම දිනය ඇසුරින් ඉතා නිවැරදි තොරතුරු රාශියක් යන්ත්‍රයේ පිටුපස ඩයල හරහා ලබාදෙන බව පර්යේෂකයින් හට පැහැදිලි වූවා.

උදාහරණයක් ලෙස, යන්ත්‍රයට අනාගතේ යම් දිනයක් ලබාදුන් විට එයට;

1] එම දිනයේදී හිරු අහසේ පැවතිය යුතු ස්ථානය (පෘථිවිය ඉලිප්සාකාර ලෙස සූර්යයා වටා යන බැවින් එය අහසේ පෙනෙන ස්ථානය දිනෙන් දින වෙනස්වේ - පුරාණ ග්‍රීකයන් මෙම සත්‍යය දැනසිටියා පමණක් නොව එය ගණනය කොට යන්ත්‍රයක දැතිරෝද වලට අනුරූප කිරීමට පවා දක්ශවී ඇත!)

2] එම දිනයේ සඳු පැවතිය යුතු ස්ථානය හා සඳෙහි පක්ශය (එනම් එම දිනයේ දී සඳෙහි කුමන කොටසක් අඳුරුවී ඇතිද යන්න-phase of the moon)

3] එම දිනයට ආසන්නව සිදුවියයුතු සූර්යග්‍රහණ සිදුවන වේලාව ආසන්න පැයකිහිපය දක්වා නිවැරදිව අනාවැකි පැවසීම!

මෙම යන්ත්‍රය කොතරම් නිවැරදිව නිර්මාණය කොට තිබුනේද යත් එයට අධික අවුරුද්ද සඳහා වසර 4කට වරක් වසරකට දිනයක් එකතුවන ලෙස නිර්මාණය කොට තිබුණි. පුදුමයට කාරණය නම් අධික අවුරුද්ද යන සංකල්පය බටහිර තාරකා විද්‍යාඥයින් නිර්මාණය කරගත්තේ මෙම යන්ත්‍රය නිපදවා තවත් වසර 100කට පසුවය .
Ancient Aliensහි දැක්වෙන පරිදි මෙය පෞරාණික පිටසක්වල ජීවීන්ගෙන් ලැබූ ඥාණයෙන් නිපදවූවක්ද?

මේ ගැන තවත් විස්තර හොයාන මේ ලිපියේ 2නි කොටසින් ඔබට ලියන්න බලපොරොත්තු වනවා.


- mahinda_priyashantha©
 

Attachments

  • FB_IMG_1475472011803.jpg
    FB_IMG_1475472011803.jpg
    6.2 KB · Views: 110
  • FB_IMG_1475471500443.jpg
    FB_IMG_1475471500443.jpg
    8.2 KB · Views: 80
  • FB_IMG_1475471497392.jpg
    FB_IMG_1475471497392.jpg
    11.7 KB · Views: 73
Last edited:
  • Like
Reactions: kolavari