හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මෙවැනි ම ළමා ගීත 34ක පළමු පටිගත කිරීම් මැරීඩ් ක්ලබ් එකට දුන්නෙමි..........එය අවශ්‍ය සත්තවයෝ කොස්&පොල්ට පීඑම් කරත්වා!!!!!!!!!!!!!


     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥


    [FONT=&quot]මෙය කියවන ඔබ දැනටමත් ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් විය හැක.බොහෝ විට ඔබේ ආදරවන්තිය හෝ ආදරවන්තයා ඔබේ පළමු පෙම විය හැක.නමුත් ඇතැම් අවස්ථා වලදී එය එසේ නොවේ.දැනට ඔබට හිමි වෙලා තියෙන්නෙ ඔබේ දෙවන හෝ තෙවන ප්‍රේමය වෙන්නත් පුලුවන්.ඉතින් බොහෝ ආදරවන්තයින් හා ආදරවන්තියන් පවසන දෙයක් තමයි"මට එයාගේ පරණ සම්බන්ධකම් වලින් වැඩක් නෑ.අපි දෙන්නට දෙන්නා හොඳින් තේරුම් අරගෙන ඉන්නෙ"ලියන එක.ඒත් ඇත්ත ඒක නෙවෙයි.එහෙම කියන ගොඩක් දෙනෙක් කැමතියි තමන්ගෙ සහකරු හෝ සහකාරියගේ අතීතය හොයන්න.තමන්ට කෙලින්ම අහල දැන ගන්න බැරි නම් වෙනත් අය ලවා හෝ ඒ විස්තර හොයල දැන ගන්න කැමතියි.එක අතකට ඒක වැරදියි කියන්නත් බෑ.තමන් ආදරය කරන කෙනා ගැන ගොඩක් දැන ගෙන ඉන්න එක හොඳයි කියලයි මම හිතන්නෙ.ඉතින් මෙන්න මේ වගේ සිද්ධියක් ගැන විස්තර කරන ගීතයක් තමයි"මුදු මුහුනේ සුව දැනුනෙ" කියන ගීතය.

    මේ ගීතය කරුණාරත්න දිවුල්ගනේ මහතා සහ දීපිකා ප්‍රියදර්ශණී මෙනවිය විසින් ගායනා කරන ලද්ද්කි.තනුව හා පද රචනය ගැන විස්තර සොයා ගත නොහැකි විය.මා විශ්වාස කරන ආකාරයට මෙහි තනුව රෝහන වීරසිංහයන්ගේ විය හැක.ගීතයේ අර්ථය ගැන ටිකක් කතා කරමු.මේ පෙම්වතුන් යුවලගෙන් පිරිමි පාර්ශවයට තම ප්‍රේමවන්තිය ගැන යම් සැකයක් උපදින අතර ඔහු කෙලින්ම ප්‍රේමවන්තියගෙන් මේ ගැන අහනවා.මේ ප්‍රේමවන්තිය ටිකක් විතර කපටියි.මොකද තම ප්‍රේමවන්තයා අහන ප්‍රශ්නයට ප්‍රති උත්තර නොදෙන ඇය පෙරලා ප්‍රේමවන්තයාගෙන් ප්‍රශ්න කිරීමක් කරයි.මේ ගීතය පුරාම මේ ප්‍රශ්න ඇසීම හා ඊට උත්තර වෙනුවට ප්‍රශ්න ඇසීම දැකිය හැකියි.ඕනම ප්‍රෙමවන්තයෙක් කැමතියි තමාගේ පෙම්වතිය නොඉඳුල් වස්තුවක් වෙනවනම්.මෙය කුලුගැන්වෙන යෙදුමක් මේ ගීතයේ මුල් අන්තරා කොටසේ මෙසේ සඳහන් වෙනවා"පුලුළුකුලේ සුව යහනේ නිදි වැරුවේ මං විතරද " සාමාන්‍යයෙන් ප්‍රේමවන්තයන් කැමතියිනෙ තමාගේ පෙම්වතියගේ උකුලේ ඔලුව තියාගෙන නිදා ගන්න.ඉතින් ඔහොම ඉද්දි මේ මේ ප්‍රේමවන්තයාට හිතෙනවා මම විතරද මේ උකුලේ මේ විදිහට හිටියෙ කියල.ඕකට කෙල්ල එක එල්ලෙ උත්තර දෙන්නෙ නැතුව මෙහෙම කියනවා"උර තලයේ හිස රන්දා සුව වින්දේ මං විතරද " කොහොමද කෙල්ලගේ ටිකිරි මොලේ.ගීතයේ දෙවන අන්තරා කොටසේදී කොල්ලා මෙහෙම අහනවා"ඉඟ නෙරියේ ‍රැළි බින්දේ පිය ලඳුනේ මං විතරද"අස්ස කුලප්පුවෙන් ආදරය කරන අයට ආදරයයි රාගයයි දෙක වෙන් කරල හඳුනා ගන්න බැහැනෙ.ඉතින් ඒවගේ අය බැන්දට පස්සෙ කරන්න තියෙන වැඩ කලින්ම කරනවානේ.ඉතින් මෙතනදිත් කොල්ලා හිතනවා මම තමයි වාසනාවන්තයා මේ කෙල්ල මගේ කියල.කොල්ල නිකමට වගේ අහනවා "මමනෙ පළවෙනියා නේද[/FONT]?" [FONT=&quot]කෙල්ලත් වැඩිය සීරියස් නැතුව [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]ඉඟ නෙරියේ ‍රැලි සැදුවේ හිමි සඳුනේ මං විතරද[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]මමත් ඔයාගේ පළවෙනියා නෙවේ නේද[/FONT]?" [FONT=&quot]කියල අහනවා.ඉතින් එතනින් එහාට කතා වැඩක් නෑ.මම හිතන විදිහට ගොඩක් සුන්දර තේරුමක් තියෙන අහගෙන ඉන්න පුලුවන් විදිහේ තනුවක් තියෙන හිතට වැදෙන ගීතයක් තමයි මේ.අහල බලන්න.දන්නවානම් මේ ගීතයේ රචකයා හා සංගීත ශිල්පියා ගැන සඳහන් කරන්න.

    [/FONT]
    අවකාශයෙන්..

     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    [FONT=&quot]ඉතින් එතනින් එහාට කතා වැඩක් නෑ.මම හිතන විදිහට ගොඩක් සුන්දර තේරුමක් තියෙන අහගෙන ඉන්න පුලුවන් විදිහේ තනුවක් තියෙන හිතට වැදෙන ගීතයක් තමයි මේ.අහල බලන්න.දන්නවානම් මේ ගීතයේ රචකයා හා සංගීත ශිල්පියා ගැන සඳහන් කරන්න.

    [/FONT]
    අවකාශයෙන්..

    11.gif
    11.gif
    11.gif

    http://www.elakiri.com/forum/showpost.php?p=11993963&postcount=1382
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    කවුරු හරි මගෙන් ඇහුවොත් මේ එළකිරි සමාජයේ වැඩියෙන්ම කැමති කාටද කියලා, මගේ උත්තරය වෙන්නේ මම වැඩියෙන්ම එළකිරි සමාජයේ කැමතිම සාමාජිකයා තමයි "දත් කිබුලා" කියන එක. අතිශයින් සොදුරු හදවතක් ඇති, මේ අව්‍යාජ සහුර්දයාගේ "හද විල කළඹන ගී ජල රේඛා" හූයට සම්බන්ද වීමට සති කිහිපයක් තිස්සේ සිත සිතා සිටියත් ලියන්න නොහැකි උනා. හේතුව නම් වෙලාව මදිකම. අදත් ලියන්න කියලා වෙලාවක් නැතත් අද නම් ලියන්නම වටින දවසක්. අද අහම්බෙන් වගේ සිද්ධ වෙච්ච සංවේදී සිද්ධියක් නිසා.:(:(:(:(:(:(:(:(:(
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මීට සතියකට දෙකකට පමණ ඉහතදී මට සිදුවූ අත්දැකීමක් හේතුවෙන්, අතීතයේ මතකයෙන් වන වැදී තිබු පාසල් ජීවිතයේ තවත් එක් කථාවක් මා ටික දිනකට පෙර " පාසැල් සමයේ රසවත් සිදුවීමක් (ටිකක් 18+ වගේ)" යන මාතෘකාව යටතේ පලකලා. එයට බොහෝ ප්‍රතිචාර ලැබී තිබු අතර මොහොතකට පෙර මා දුටුවා එක් සහෞර්දයෙක් කොමෙන්ටුවක් දමා අසා තිබෙනවා "බස් ජැක්" ගැනත් යමක් පල කරන ලෙස. මෙය දුටු මතින් මා සිතට පැමිණියේ මා පාසල් ගිය ආදරණීය බස් රියයි. "බස් ජැක්" යනුවෙන් හදුන්වන දෙය අතිශ්‍ය පිළිකුලෙන් හෙළා දකින නමුත්, ඒ ප්‍රශ්නය නැගු සොයුරාට සාධාරණයක් කරන්නේ කෙසේදැයි සිතමින් සිටින මොහොතේදී මට Elakiri පවුලේ මා බොහෝ ගරු කරන තවත් එක් සොදුරු මිනිසෙකු වූ දත් කිබුලානන් සිහිපත් වෙනවා. මගේ සිතට එන සිතිවිල්ල ඔහුගේ මෙම "හද විල කළඹන ගි ජල රේඛා" හූයට සම්බන්ද කළහොත් එය මේ සොදුරු මිනිසා දිරිමත් කිරීමක් නොවන්නේද...? :)

    ඔන්න මම හදන්නේ ඔයාලට ආය පාරක් ඉස්කෝලෙ ජීවිතේ මතක් කරලා දෙන්න.. කාටද ඉතින් තමන්ගේ පාසල් ජීවිතෙ අමතක වෙන්නේ.. ? මොකද ඒ කාලය තමා අපේ ජීවිතවල තියන සුන්දරම කාලය.. කොයි කාගෙන් ඇහුවත් ජීවිතේ ලස්සනම කාලේ මොකක්ද කියලා, හැමෝම කියන්නේ ඒ ඉස්කෝලේ කාලේ කියලයි. ඉතින් මටත් ඒක එහෙමයි! ඉස්කෝලේ කාලේ කියන්නේ එකම රස ගුලාවක්. ගුරුවරු පන්තියට ඇවිල්ලා උගන්නපු එක විතරයි ටිකක් අවුලකට තිබුනේ. නමුත් ඉස්කෝලේ අනිත් හැමදේම අදටත් හරි ආශ්වාදජනකයි. ඒ නිසා මම හිතන්නේ නෑ කාටවත්ම තමන්ගේ පාසල් ජීවිතය අමතකවෙලා යයි කියලා.. අපි හැමෝමලාට පාසල් ජීවිතයක් කියලා එකක් තියනවා, එහෙම නැත්තම් තිබිලා තියනවානේ..ඉතින් ඒ කාලේ අයෙමත් එන්නේ නැතියි කියලා හිතෙනකොටත් මාර දුකක් නේද හිතෙන්නේ.?

    ඇත්තටම කියනවා නම් පාසල් ජීවිතයයි පාසල් බස් එකයි කියන්නේ එකට බැදිච්ච දෙයක්. "8716" එහෙමත් නැත්නම් අපේ ස්කූල් බස් එක, නැත්නම් එදාට කෑවේ නැහැ වගේ තමයි. මගේ අවුරුදු 13ක ඒ පාසල් ජීවිතයෙන් අවුරුදු 10ක්ම ගීයේ මේ එකම බස් එකේ. අපිටම හරියන රියදුරු මාමෙක් තමයි අපිට හිටියේ. වෙන ටර්න් දිවුවේ නැතත් ස්කූල් ටයිම් එකට බස් එක ස්ටෑන්ඩ් එකේ ඇති.

    buspl.jpg
    90466486.jpg


    හැබැයි කවදාවත් බස් ජැක් සීන් නම් අපි අතර තිබුනේ නැහැ. අක්කලා, අයියලා, නංගිලා සහ මල්ලිලා ඔක්කොම එකා වගේ. හැබැයි එක දෙයක්...:P

    අපි පොඩි එවුන් කාලේ (කොට කලිසන් අදින සන්දියේ) අක්කලා නම් හරිම කැමතියි අපිව සීට් අස්සට ගන්න. අපි/මම ඉතින් ටියුබ් ලයිට් නේ ඔය කාලේ. ලොකු අයියලා නම් ඉතින් ඔය සීට් එක අස්සට යනකොට මොනවද..මොනවද කිවුව, ඒ කියන දේවල් වල මොකක්දෝ කුණුහරුප තේරුමක් තිබුනත් ඉතින් අපි/මම හරිම ආසයි අක්කලාගේ සීට් අස්සට රිංගන්න. ඔය අතරේදී දෙගොල්ලන්ගේ කකුල් ස්පර්ශ වෙනකොට මොකක්දෝ විදුලියක් වගේ දෙයක් යට භාගයේ ඉදන් ඔලුවටම යනවා කියලා තේරෙනවා වගේම අවංකවම ඒ ස්පර්ශ සංවේදනය විදින්න නේද ඒ තැනට හැමදාම ගියේ කියලාත් හිතෙනවා. කුමක්දැයි හරියට නොතේරුණත් මනස කිචිකවූ ඒ හැගීම මොකක්ද කියන කරුණු කාරනා හරියටම තේරුනේ දිග කලිසන් අදින කාලේ තමයි. එතකොට අක්කලා අපිව සීට් අස්සට අරගෙන හුරතල් කථා කියන කාලේ පහුවෙලා. අපි එදා ඒ ලබපු අහිංසක රස (කාම) සංවේදනය හා අද වර්තමාන සමාජයේ පුංච් මල්ලි කෙනෙක් මුලින්ම මේ සංවේදනය ලබන්නා වූ ආකාරය අහසට පොලව මෙන් පරතරයක් තියනවා නේද? ඒ ගැන ලියන්න ඇත්තටම ආසයි. හිතට අදහස් ගලාගෙන ආවත් ඒ දේවල් ලිවීම මදකට නවතා වෙනත් කරුණක් මෙහි සටහන් තබමි.

    අපිට ඒ කාලේ තිබුනේ එකම එක ප්‍රශ්නයයි. ඒ තමයි සිංහල - දෙමල ප්‍රශ්නය. වලි ලෝකයක් තමයි. වැඩේ කියන්නේ අපේ ඩ්‍රයිවර් මාමා අපිට ෆුල් සපෝර්ට්. එහෙම කියලා කවදාවත් ද්‍රවිඩ ජාතික ළමයෙක් හලලා නම් යන්නේ නැහැ. හරියටම කියනවා නම් ඒක එක්තරා විදිහක ජාතිවාදී යුද්ධයක් උනා. පස්සේ මේ අපේ බස් එකේ ගැටුම සව්ම්‍යමූර්ති තොන්ඩමන් අමාත්‍ය තුමා දක්වාම ගියා. අන්තිමට ඩිපෝ කළමනාකාර තුමා මේකට මැදිහත් වෙලා සාම සාකච්චා වට කිහිපයකින් පස්සේ ෆෙඩරල් විසදුමක් (වචනේ හරිද මන්ද) දුන්නා. විසදුම උනේ බස් එක දෙකට බෙදීම.:D


    • බසයේ ඉදිරිපස දොර අසල සිට පසුපස රෝදය උඩ ආසනයට වහාම ඇති ඉදිරිපස අසුන දක්වා දමිල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට.

    • පසුපස රෝදය උඩ ආසනයට වහාම ඉදිරියෙන් ඇති අසුන සිට පසුපස පේලිය දක්වා සිංහල සිසුන්ට. (පිටිපස්සේ තමයි වල බහින්න ලේසිම තැන... ඒ කාලේ තමයි ඔය වල බහිනවා කියන වචනය අපේ භාෂිතයට එක් උනේ. බස් එකේ පිටිපස්සේ හිටගෙන රවුමක් හැදෙනවා. මද ඉන්න එවුන් සාමාන්‍යයෙන් මොකක්වත් අල්ල ගන්නේ නැහැ. වටේ සෙට් එක තමයි ගානට වල බැලන්ස් කරන්නේ. ඕක තමයි 90ව දශකයේ බිහිවූ මුල්ම වල)

    • බැටරිය උඩ ප්‍රදේශය සහ රියදුරු අසුන ආසන්න පසුපස ප්‍රදේශය (ඉස්සර බස් වල එන්ජිම අසල වෙනම කොටසක් බැටරියට හා බඩු - භාණ්ඩ සදහා වෙන්කරලා තිබුනා) කුඩා දරුවන් සදහා පමණයි.

    • උදෑසන පාසල් ගමන් වාරය - සිංහල දරුවන්

    • සවස පාසල් ගමන් වාරය - දමිල දරුවන්
    පොඩ් එවුන්ට පුදුම ආසාවක් තියෙන්නේ මෙතන යන්න... (පින්තූරය බලන්න)


    මේ කාරණය අදීක්ෂණය සදහා කොන්දොස්තර මහතාව පත් කළා. (අර Norway කාරයා වගේ නම් නෙමෙයි මේ අන්කල්) මෑන්ස් බොහොම සාධාරණව මුල කාලය බැලන්ස් කරලා දුන්නා. පස්සේ ඒ වැඩේ ගානටම සෙට් උනා. කවදාවත් ආයේ සිංහල - දෙමළ අරගලයක් ඇතිඋනේ නැහැ. මට මතක විදිහට 1994 දී කවුරු හරි ගෙදරක දානයක් තිබිලා කැවුම් - කොකිස් - කෙසෙල් ගෙනාවා. කොහොම හරි එදා ඒවා බස් එකේ හැමෝටම බෙදුවා. මෙතනින් පස්සේ අපි දෙගොල්ලෝ අතර පුදුමාකාර එකමුතුවක් ඇති උනා. එතනින් පස්සේ නිතරම වඩේ-මුරුක්කු-කඩල වගේම කේක්-කැවුම්-කොකිස්-කෙසෙල් වැරදුනේ නැහැ. අපි දෙගොල්ලෝ නිතරම අපි දෙගොල්ලන්ගේ සීමාවල් දැනගෙන සහයෝගයෙන් හිටියා.

    තව දෙයක් ඉස්සර අපි පාසල් යන කාලේ උදෙන්ම අම්මලා අප්පච්චිලා කරන්නේ නැගිටලා රේඩියෝවේ පිරිත් දාන එක. වෙළද සේවය තමයි ඉතින් ජනප්‍රිය. උදේ පාන්දර රම්‍යා වනිගසේකරගේ "...ආයුබෝවන් මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයයි...මෙන්න ප්‍රවෘත්ති..." කියලා ඇහුවේ නැති නම් දවසම මස්තබාල්දුයි වගේ. පණ්ඩිත් අමරදේවයන්ගේ "ජගන් මෝහිනී" ඒ කියන්නේ උදා ගී ඇහෙද්දී තමයි අපි උදේට නැගිට්ටේ... උදේම යන්නේ දේශානුරාගී ගීත. එත් උදේට නිතරම වාදනය වෙන සින්දුවක් තිබුනා. උදෑසනම පොඩි අපි දුව එනවා... කියලා. මමනම් අදටත් හරිම ආදරෙයි මේ සින්දුවට. මේ ගීතය නො ඇසු දෙසවනක් අප කුඩා කාලයෙහි නොවිණි. එය රසවත් මෙන්ම අගනා පණිවිඩයක් ද අප හට ලබා දුන් ඉතා සාර්ථක ගීතයකි. මේ සින්දුව වාදනය වෙනකොට අදටත් මට අපේ පාසල් බස් රිය මතක් වෙනවා. ඒ වගේම අපේ "බස් වලේ" සෙට් එක සින්දු කියන කොට මේ සින්දුව ජාතික ගීය වගේ වරද්දන්නෙ නම් නැහැ. කෙල්ලෝ ටිකත් මේ සින්දුවට නම් උපරිම සපෝර්ට් එක දෙනවා.

    සහෝදරයිනේ අහලා බලන්න මේ සින්දුව පොඩ්ඩක්. එතකොට ඔයාලට තේරෙයි ඒ කාලේ පාසල් සිසුන් හා ශ්‍රී ලංගම පාසල් බසය අතර කොච්චර බැදීමක් තියෙන්න ඇත්ද කියලා. ලොකු - පොඩි කියලා භේදයක් නැහැ අපි දෙගොල්ලොම බස් එකේදී මේ සින්දුවට ගරු කළා. ආදරය කළා.
    school-children-sri-lanka.jpg


    උදෑසනම පොඩි අපි - දිව එනවා...
    කොහේද සැඟවී - එළියට එනවා...//
    උදේ පාන්දර - පාසැල් යන්නට...
    බසයක් ඇවිදින් - කථා කරනවා...

    දෙබර මුලක් ගල් වැදී - සැලෙන සේ...
    එපා පුංචි ළමයිනි - පොර කන්නට...
    පේලි ගැසී - බසයට නැග ගත්විට...
    මුතු ඇමුනුවා වාගෙ - මුතු පොටකට...

    මුතු ඇමුනුවා වාගෙ - මුතු පොටකට...

    උදෑසනම පොඩි අපි - දිව එනවා...

    මේ පොඩි බස් රිය - ඔබේය සිතලා...
    කුරුටුගෑම හොද නැහැ - ඉරි ඇදලා...
    අසුන් කඩා බිද දමා - නොයන්නේ...
    ඔබේය මේ බස් රිය - රැක ගන්නේ...

    උදෑසනම පොඩි අපි - දිව එනවා...




    මේ මිහිරි ළමා ගීතයේ පද රචනය නැසීගිය ගාමිණී විජේතුංගයන් සතුය. :yes:

    ඒ වගේම මහත් භක්තියෙන් මතක් කරන්න ඕනි ඒ කාලේ අපේ ලංගම රියදුරු මාම සහ කොන්දොස්තර මාමා. අපි කවදාවත් ඒ අයට "කොන්දා" යන පහත් වචනයෙන් ආමන්ත්‍රණය කරලා නැහැ. ඒ අය තම රාජකාරිය නිසි ගරුත්වය ලැබෙන අයුරින් එදා අකුරටම ඉෂ්ඨ කළා. ඒ වගේම එයාලගේ එකම අරමුණ උනේ ඉස්කෝලේ යන දරුවෝ ටික වෙලාවට ගෙනියන එක සහ දවල් ගෙදරට ගෙනත් දාන එක. ඒක නිසා අවන්කවම ඒ අයට පිං දීලා මතක් කරන්න ඕනි.

    ඔයා කොහෙද. matath ඔය අත්දැකිම් ඔය විදියටම තියෙනවා.මම පස්සර තමය් ස්කොලේ ගියේ ඔයා දාපු විස්තරය් පින්තුර ටිකය් දෙක්කම අපේ පුංච් කාලෙට අපාහු ගියා
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    පට්ටම ත්‍රෙඩ් එකක්....
    දත්කිඹුලා,සස්ලිට් සහෝදරයන්ට ස්තූතියි මේ වගේ ත්‍රෙඩ් එකක් දුන්නට....පිටු 5ක් නම් කියෙව්වා
    ඉමක් කොනක් නොපෙනෙන සෙයක් පෙනෙන බැවින් බුක්මාක් කරගතිමි....පසුව කියවමි :rolleyes: :rolleyes: :rolleyes:
    දිගටම ත්‍රෙඩ් එක ඇදගෙන යමු....සුපිරිම ත්‍රෙඩ් එකක්
    එලම තමා.....රෙප් +
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    දත් කිඹුලා සහෝ ට නම් රෙපක් දුන්නා හැබැයි සැසා ට නම් රෙප් දෙන්න ඉස්සර වටේ යන්න ඕනලු
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    පසුගිය සති අන්තයද දීර්ඝ සතිඅන්තයක් විය. වෙනදාට නම් සතිඅන්තයක් යෙදෙන තෙක් බලාසිටින්නේ සිකුරාදා රාත්‍රියේම කිනම් හෝ මොහොතක ගම-රට බලා යාමටය. නමුත් ඒ පුරුද්ද දැන් ඉබේම මෙන් නැවතී ඇත. සිකුරාදා රාත්‍රි 8:30 - 10:30 අතර කාලය මාගෙන් වෙනත් පුත්ගලයෙකු සොරාගෙන ඇත. ඔබ සිතන්නේ ඒ කවුරුන් කියාද....? ඒ වෙනකෙකු නොව මා තුලම සැගවී සිටි මා විසින්මය.:yes:

    සෙනසුරාදා දින නිවසට පැමිණියත් ඇත්තෙන්ම මා සිටියේ යහපත් මානසික තත්වයකින් නොවේ. සාමාන්‍යයෙන් පෙබරවාරි මාසය යනු කලක පටන් මගේ ජීවිතයේ මා අකමැතිම කාල පරිච්චේදයක් කිවහොත් නිවැරදිය. ඒ මගේ ජීවිතයේ ප්‍රථම ප්‍රේමය හා බැදුන සිහිවටනයක් නිසයි. ඒ ඇයගේ උපන් දිනයත්, අප දෙදෙනාගේ ප්‍රථම හමුවීමත්, එකිනකාගේ ආදරය ප්‍රකාශ කිරීමත් යන කාරනා ත්‍රිත්වයම පෙබරවාරි මස එකම දිනයකදී සිදුවීමය. දැන් ඔබට සිතාගන්න පුළුවන් මා කියන්න යන්නේ කුමක්ද කියලා.. ඒත් එය එසේ නොවේ. එසේ නොවන්නක්ද නොවේ...:no:

    කිසිවෙක්‌ තම සම්පූර්ණ නම හඬ නගා කියන විට එම නම හිමි තැනැත්තා තුළ ඇතිවන්නේ ප්‍රීතිමත් හැඟීමක්‌ යෑයි අපි දන්නෙමු. එය මා හටද පොදුය. නමුත් මගේ පෙම්වතියගේ මුවින් කිසිදු දිනයක මාගේ නම පිට නොවිය. මා ඉතාමත් ආශාවෙන් එය බලාපොරොත්තුව සිටියද බලාපොරොත්තුව සඵල වන මානයක් පෙනෙන තෙක් මානයකවත් නොවිය. දිනක් මා එය විවෘතවම ඇගෙන් ඇසු විට මා දෙස මොහොතක් බලා සිටියා විනා මාගේ අහිංසක බලාපොරොත්තුවට නම් සාධාරණයක් ඉෂ්ඨ නොකිරීමට වගබලාගන්නා ලදී. කෙසේ නමුත් අප දෙදෙනා ටික කලකින් එකිනෙකාගෙන් වෙන්විය. මෙය ලිවීම ආරම්භ කිරීමට පැය කිහිපයකට පෙර, මා ඇයට පෙර වර්ෂ වලදී මෙන්ම දුරකථන ඇමතුමකින් අයගේ උපන් දිනයට සුභ පැතුම් එක් කලෙමි. එය වූ කලි විනාඩි හයකට නොඅඩු කෙටි ඇමතුමක් විය.

    කරුණු කාරනා කෙසේ වුවත් සුළු මොහොතකින් මා ඒ සුන්දර වූ අතීත මතකයන් සමග තනිවීමි. ඒ සදහා යොමුකරන්නාවූ නිශ්ශබ්දතාව හා සිසිල දනවන සන්සුන් පරිසරය නිවස ආශ්‍රිත පරිසරයේ උවමනාවටත් වඩා ඇත.

    කිසිවෙක්‌ තම සම්පූර්ණ නම හඬ නගා කියන විට එම නම හිමි තැනැත්තා තුළ ඇතිවන්නේ ප්‍රීතිමත් හැඟීමක්‌ මා මොහොතකට පෙර සටහන් කලෙමි. එසේම එය මා හටද පොදුය. බොහෝදුරට ඔබටද එසේම වෙනවා නොඅනුමානය. එහෙත් එය සෑම පුද්ගලයකුටම පොදු ද යන්න අප දෙවතාවක්‌ සිතා බැලිය යුතු කාරණයකි.

    "ලොකු පුතා... මේ.... හේනේ නැන්දා ඇවිත්... පොඩ්ඩක් එන්න..." යැයි කී මවගේ හඩින් මා පියවි ලෝකයට පැමිණියෙමි.

    හේනේ නැන්දා යනු මා ඉතා කුඩාකල පටන් දන්නා කාන්තාවකි. දැන් ඇය බොහෝ වයෝවෘද්ධය. ඇය පැමිණ සිටියේ ඇයගේ දුවත් සමගය. ගුරුවරියක් වන ඒ තරුණිය ගුරුවරියකට ඔබින මනා පෳවුර්ශයකින් යුතු වුවාය. ඇය පැමිණ සිටියේ ඇයගේ පෞද්ගලික කාරණයක් වෙනුවෙනි.

    "ලොකු පුතා මේ හේනේ නැන්දාගේ දුව.. ඔයාට නම් මතක නැතුව ඇති.."යනුවෙන් මා මව ඇය හදුන්වා දුන්නාය. මෙහිදී එම තරුණියගේ මුහුණේ සිදුවූ වෙනස්කම මගේ මවට නොපෙනුනද, ඇයගේ ඉරියව් කෙරේ සියුම් අධ්‍යනයක යෙදී උන් මා හට එක් වරම එය නිරීක්ෂණය විය. මා අසලම ඇති පුටුව පෙන්නවා ඇයට වාඩි වීමට කීවෙමි. එසේම "හේනේ නැන්දාටද" හිද ගැනීමට ආරාධනා කල විට ඇය බිම වාඩිවිය. මා කෙතෙක් පෙරෙත්ත කළද, "මෙහෙම හොදයි...මහත්තයෝ..." කිවා මිස ඇය නොවේ සම අසුනකට පැමිණියේ. වර්තමාන සමාජ ක්‍රමයත්, සිය දියණියගේ ආත්මාභිමානය වෙනුවන් තමන් වෙනස් විය යුතුය යන්නත්, එදා මෙන් නොව වර්තමාන මිනිසුන් වැඩවසම් සමාජ ක්‍රමය පිළිකුල් කරන බව ඇයට තේරුම් කර දීමට මා උත්සහ දැරුවද එය ගගට කැපු ඉනි මෙන් විය. තමා විසින් තමාවම පහත් කරගන්නා ඇය කෙරේ මා තුල පැවතියේ නොපහන් සිතුවිල්ලකි.

    "හේනේ නැන්දා... හේනේ මාම..." යනු එදා රෙදි සොදන්නන් විය. ඊට අමතරව දැරිවියක් වැඩිවිය පැමුනුන පසු නැකත් බැලීම මෙන්ම හේනේ නැන්දාට දැන්වීම එදා අනිවාර්යයෙන්ම සිදුවිය. "ඇසිලින්... හෝ එමලින් වැනි නමකින් ඇය හදුන්වන්නේද ඇසුවහොත් කිසිවෙකුත් ඇය නොහදුනනවා විය හැක.

    වාසගම සහිතව නම කියන විට ඒ මගින් එම තැනැත්තා නියෝජනය කරන කුලය කියවෙන අවස්‌ථා තවමත් අප සමාජයේ ඇත. ඒ නිසාදෝ ජාතික පුවත්පත් වල "නම් වෙනස් කිරීම්" යනුවෙන් ඉඩක් වෙන්කර ඇත. එය වර්තමානයේදී වෙනදාට වඩා බොහෝ ප්‍රමාණයක් වන බව මා කනට ඇසී ඇතිබව මතකයක් ඇත. එසේ කියවෙන කුලය සමාජයේ පහත් යෑයි සම්මත කුලයක්‌ නම් ඔහු හෝ ඇය ඒ මගින් දැඩි අපහසුතාවකට ලක්‌වන අවස්‌ථා සමාජයේ දුලබ නොවේ. ඉහත කී යොවුන් තරුණිය ගුරුවරියකි. ගුරුවරියකට එදා මෙන් අදද සමාජයේ මහත් වූ පිළිගැනීමක් ඇත.නමුත් ඇය හේනේ නැන්දාගේ දුවයි.

    ඔවුන් පැමිණි කාරණය සම්බන්දයෙන් අවශ්‍ය උපදෙස් ලබාගෙන ගිය පසු යලිත් මා මගේ කල්පනා ලෝකයේ තනිවීමි. මා සිතට අහම්බෙන් මෙන් පැමිණියේ සුනිල් එදිරිසිංහයන් විසින් ගායනා කරන ගීයකි. රත්න ශ්‍රී විඡේසිංහයන් විසින් පබැඳී, රෝහණ වීරසිංහයන්ගේ සංගීතයෙන් රස ගැන්වූ මෙම ගීතය හා මොහොතකට පෙර මට හමුවූ ඒ ගුරුවරිය පිලිබදව සම්බන්දතාව මා සිතේ මැවෙන්නට විය. ඒ සමගම මා මුවට නොදැනුවත්ව සිනහවක්ද පැමිණ තිබුණි. ඒ දත් විලිස්සා මා ඉදිරිපිට සිටින කිබුල් රූපයක්ද මැවී පෙනෙන්නට පටන් ගත් නිසාය.:D ඉතින් කුමක් සදහා ලිවීම ප්‍රමාද කල යුතුද?

    රත්න ශ්‍රී විඡේසිංහයන් ප්‍රතිභාපූර්ණ ගීත රචකයෙක්‌ ලෙස තමන් ප්‍රායෝගිකව අත්විඳි එම අත්දැකීම ඇසුරින් අපූර්ව ගීතයක්‌ සිංහල ගී සසුනට දායාද මෙලෙසය. මේ එම ගීතයයි.

    ලෙන්චිනා මගෙ නංගියේ ඇයි
    ගංතෙරට වී ගොම්මනේ ...

    පෙත්තරේ ළඟ පැන්තොටේ
    ගම්මානයේ පව් සෝදනා
    රත්තරන් වී කළු වළාකුළු
    චන්ද්‍රයා සේ පායනා
    ලෙන්චිනා ඇති වැඩකළා දැන්
    ගෙදර යං කළුවර වුණා ...

    පිංවතුන් කැළ ඇන්ද සළු පිළි
    සේදුවා නුඹ සේදුවා
    තාම නෑ කිළි කුණු ගිහින් ඒ
    කිම්ද නොදැනේ කාරණා
    සේදිලා පරිශුද්ධ වීමෙන්
    යුග දෑත් නුඹෙ බබලනා ....



    මා ඉහත සඳහන් කරන ලද ගීතය නිර්මාණය කිරීම සඳහා රත්න ශ්‍රී කවියාට අත්දැකීම ලබාදී තිබෙන්නේ කුල ක්‍රමයේ ප්‍රතිඵල ප්‍රදර්ශනය වූ එක්‌තරා අවස්‌ථාවකි. ඡන්දපොළ ස්‌ථානාධිපතිවරයකු ලෙස රාජකාරි කිරීමට ගිය ඔහුට නිලධාරීන් හිඟවීම නිසා ඡන්ද දායකයන්ගේ නම් කියා කැඳවීම් කාර්යයද ඉටුකිරීමට සිදුවිය. එවන් අවස්‌ථාවල නම කියවනුයේ වාසගම ද සහිතව හඬ නැගෙන සේය. මෙසේ නම අමතන විට එක්‌තරා මැදිවියේ කාන්තාවක්‌ දැඩි අපහසුතාවකට පත්ව විලියෙන් ඇඹරෙණු රත්න ශ්‍රී කවියාගේ තෙවන ඇසට ග්‍රහණය විය. (ප්‍රතිභාපූර්ණ කලාකරුවකුට තෙවන ඇසක්‌ තිබෙන බව රහසක්‌ නොවේ.) යම් කෙනෙක් තමා නියෝජනය කරන කුලය තමාට පීඩාවක්‌ ගෙන දෙන්නේ නම් එය කෙතරම් වේදනාජනක දැයි රත්න ශ්‍රී කවියාට සිතෙන්නට ඇත. ලෙන්චිනා ගීතය ඔහු අතින් ලියවෙන්නේ එම අත්දැකීම තුළිනි.

    කුල ක්‍රමය එදා යම් පුද්ගලයකුගේ රැකියාව, විවාහය, හැසිරීම, ඇඳුම් පැළඳුම් ආදී වශයෙන් සමස්‌ත දිවි පැවැත්ම තරණය කරන ප්‍රබල සාධකයක්‌ විය. රොබට්‌ නොක්‌ස්‌ගේ "එදා හෙළදිව" කෘතියේ සඳහන් කරුණු අනුව ශ්‍රී ලංකාව තුළද ඈත අතීතයේ පටන්ම කුල ක්‍රමය ඉතා ප්‍රබල ලෙස ක්‍රියාත්මකව තිබූ බව පැහැදිලි වේ. වර්තමානය වනවිට නව ප්‍රතිසංස්‌කරණ යටතේ ඇති වූ ආර්ථික වෙනස්‌වීම හේතුවෙන් මෙරට ක්‍රියාත්මකව පැවැති කුල ක්‍රමය බිඳවැටීමකට ලක්‌ වූ බව සැබෑවකි. එහෙත් අද පවා අදෘෂ්‍යමාන බලවේගයක්‌ සේ එය මෙරට ක්‍රියාත්මක වන බව අපි දනිමු. පුවත් පතක මංගල යෝජනා පිටුවකට නෙත් යොමු කළ දෙමවුපියන් අධ්‍යනය කලහොත් ඒ බැව් ක්‍ෂණිකව අපට පසක්‌ කරගත හැක.

    භාරතීය කුල ක්‍රමයේ සීමාන්ත දෙක බමුණා සහ වසලයාය. නමුත් කරන ක්‍රියාවක්‌ මිස උපතින් කෙනකු බමුණකු හෝ වසලයකු නොවේය යන සංකල්ප අන්තර්ගත වූ නිර්මල ථෙරවාදී බුදුදහම පවා මේ කුල ක්‍රමයම මූලික වී නිකාය සහ අනු නිකාය වශයෙන් බෙදී ගොස්‌ ඇත. එසේ වුවත් "කුලය" පිළිබඳ ප්‍රසිද්ධියේ කතා නොකිරීම තම ශිෂ්ට බව හා හැදියාව සංකේතවත් කරන්නක්‌ යෑයි සිතීමට අපි දැන් පුරුදුව සිටිමු. සමහරක් නම් තවම එසේ නැත. තවමත් 1832 ට පෙර තිබු කොල්බ්රූක් ක්‍රමයේම ජීවත් වේ.

    කෙසේ වුවත් මනුෂ්‍යත්වය ලබා උපන්නවුන් හට උරුම විය යුතු පොදු හැඟීම්, මූලික අයිතිවාසිකම් විඳගැනීමේදී මෙම කුලය නමැති සාධකය සෘජුව හෝ වක්‍රව බලපෑම් කළහොත් සංවේදී කලාකරුවකුට නම් තවදුරටත් නිහඬව සිටිය හැකි නොවේ.

    "පිංවතුන් කැළ ඇන්ද සළු පිළි
    සේදුවා නුඹ සේදුවා
    තාම නෑ කිළි කුණු ගිහින් ඒ
    කිම්ද නොදැනේ කාරණා ......" රත්න ශ්‍රී කවියා ඔහු මෙම පැනයයොමුකරන්නේ ඒ කුලවාදයට නතු වූ සමස්‌ත සමාජයටම නොවේද?
    කාලාන්තරයක්‌ තිස්‌සේ ලෙන්චිනා තමාට උරුම වූ එම කුල රැකියාව කරන්නීය. කුල ක්‍රමයේ ප්‍රධාන සංකල්පය පවිත්‍රත්වය හා කිල්ලයි. පහත් යෑයි සම්මත කුලවල උපදින්නේ පෙර කළ පව් නිසා බවත්, තම කුල රැකියා නිසි පරිදි ඉටුකිරීම තුළින් මතුවට ඉන් මිදිය හැකි බවත් සමාජ සම්මතයකි. එහෙත් ලෙන්චිනාට තවමත් එම අවස්‌ථාව උදාවී නැත. ඇගේ ලොවට සැමදාම ගොම්මන මිස අලුයමක්‌ උදා නොවේ.

    බලන්න උක්ත විග්‍රහය තුලින් මගේ කථාවේ කථා නයිකාව දෙස... සමාජ සම්මතයට අනුව ඇය තම පෙර සිදුකල පවක් නිසා අඩු කුලයක උපත ලබා ඇත. එසේම පරම්පරා ගණනක් මුළුල්ලේ කුල රැකියා නිසි පරිදි ඉටුකිරීම තුළින් ඇය දැන් එම පවින් මිදී ඇත. නමුත් ඇයට තවමත් එම පවින් ගැලවී යාමට නොහැක. නමුත් ඇයගෙන් පසු පරම්පරාවට මේ පාපයට කර ගැසීමක් සිදුවන්නේ නැත. ඇගේ දියණිය දැන් ගුරුවරියකි. එසේම මා නමැති පුත්ගලයා කලකට පෙර සිය පෙම්වතියගේ මුවින් තම නම ඇසීමේ ආශාවෙන් පසුවේ. එසේම තවත් එක් තරුණියක් ඇයගේ කුලයට අනුව ඇයට සමාජයෙන් ආමන්ත්‍රණය කරන නාමය කෙරේ වේදනාවෙන් පසුවේ. සමාජ සම්මතයට අනුව බලන්න කොපමණ අපූරුවට මේ සියල්ල එකිනෙක බැදී ඇතිදැයි කියා.

    ප.ලි


    කිසිවෙක්‌ තම සම්පූර්ණ නම හඬ නගා කියන විට එම නම හිමි තැනැත්තා තුළ ඇතිවන්නේ ප්‍රීතිමත් හැඟීමක්‌ මා මොහොතකට පෙර දෙවරක් සටහන් කලෙමි. එසේම එය මා හටද පොදුය. බොහෝදුරට ඔබටද එසේම වෙනවා නොඅනුමානය. එහෙත් එය සෑම පුද්ගලයකුටම පොදු ද යන්න අප දෙවතාවක්‌ සිතා බැලිය යුතු කාරණයකි.

    පාසල් වියේ මා එක් මිතුරෙක් නමින් "රොද්‍රිගෝ" විය. නමුත් එනමින් එදා ඔහුව ආමන්ත්‍රණය කලේ ගුරුවරු පමණි. අපට ඔහු "රෙද්දේ ගූ" විය. එනමින් ඔහු අමතන වාරයක් පාසා අසභ්‍ය වචන මාලාවක් සිටවනවා මෙන්ම, ඔහු තරමක් සුභාවිත වූ විට (දන්නවනේ ඉතින්) තම මිත්තනිය (තමාට නම තැබූ සිය පියා ගේ මෑණියන්) සිහිකරයි. :lol: :lol: :lol:


     
    Last edited:

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    Rep ලබාදුන් "m3pium මෙන්ම [NISH]" යන ඔබ දෙදෙනාට බෙහෙවින්ම ස්තුති වන්ත වෙමි. ඉතාම සුළුවට හෝ කොමෙන්ටුවක් කොටා ගියානම් අගය තවත් වැඩිය. :) :) :)
     
    • Like
    Reactions: sanddun