නෙරංජලා සරෝජිනී යනු අසූව දශකයේ සංගීත ක්ෂේත්රය තුල සිය ගායන කුසලතා මැනවින් ප්‍රදර්ශනය කල ගායිකාවක් බව නොරහසකි.. ඇය විසින් ගයන ලද රසික හදවත් වල සදා නොමැකෙන ගීත සමුදාය මීට හොඳම නිදසුනයි.....
ඇගේ ගීත අතරින් වඩාත් මා සිත් බැඳගත් ගීතයක් හා සැබැඳුනු සිදුවීමක් ඔබ සැම හා බෙදා ගැනීමටයි මේ සැරසෙනේ....
විවාහය යනු ජීවිතයේ අප පසුකරන වැදගත්ම සන්දිස්ථානයකි.... මන්ද විවාහයත් සමගම අපි ඇතුල් වන්නේ අලුත්ම ජීවිතයකට වීමයි.....නමුත් ගෑනු ලමෙකුට විවාහයේ තවත් වැදගත්කමක් තිබේ. තමන් මෙතෙක් තමන් ගතකල තරුණියකගේ චරිතයෙන් ගැහැනිය කියන චරිතයට ස්ංක්රමනය වන අවස්තාව විවාහය වීමයි...
මේ හේතුව නිසාම ගැහැනු ලමෙක් විවාහ වන්නෙ බලාපොරොත්තු ගොන්නක් හදවතේ පුරවගෙනය...
විවාහයට පෙර දෙමව්පියන් සහෝදර සහෝදරියන් වගේම නෑදෑ හිත මිතුරන් ඇගේ රැකවරනයට සිටියත් විවාහ වීමත් සමගම ඇගේ ආරක්ෂකයා බවට පත්වන්නේ ඇගේ සැමියාය...
මේ ගීතයට පාදක වන්නේත් මෙවන් අදහසකි.
නෙරංජලා සරෝජිනී ගුවන්විදුලියේ සරල ගී වැඩසටහනකට ගීතයක් ඉදිරිපත් කිරීම සඳහා පද පෙලක් ලියා දෙන මෙන් ප්‍රවීන ගීත රචිකාව්යක් වන දයා ද අල්විස් මහත්මියගෙන් කරනලද ඉල්ලීමක ප්‍රතිඵලයක් විදියටයි මේ සුන්දර ගීතය නිර්මානය වෙන්නෙ...
මේ ගීතය පිලිබඳව දයා ද අල්විස් කිව්වෙ මේන්න මේ වගේ අදහසක්....
" නෙරංජලා නංගි සින්දුවක් ලියල දෙන්න කියපු කාලෙ එයා හිටියෙ අබේවර්ධන බාලසූරිය එක්ක විවාහ ගිවිසගෙන. මේ දෙන්නගෙ ආදර කතාව ගැන දැනගෙන හිටපු නිසා මේ දෙන්න අතර තියෙන ආදර බැඳීම පසුබිම් කරගෙන ගීතයක් ලියන්න හිතුවා. ඉතින් අන්න එහෙම තමයි මේ ගීතය ලියවුනේ...."
මේ ගීතයට මිහිරි තනුවක් H.M. ජයවර්ධනයන් එකතු කිරීමත් සමග නේර්ංජලා මේ ගීතය ඉදිරිපත් කලේ ඉතාමත් අශාවෙනි... නමුත් අදහස් කල පරිදි මේ ගීතය ගුවන් විදුලියේ ප්‍රචාරය වූයේ නැත.... මේ ගීතය මුල්වරට ගුවන්විදුලියෙ ප්‍රචාරය වුනේ 1981 අගෝස්තු 26 වෙනිදාය....
මෙය දෛවෝපගත සිදුවීමක් වන්නේ එය හරියටම ඇගේ විවාහ මංගල්‍යය දිනය වීමයි.....
විවාහ වන දිනයේ තමන්ගේ කටහඬින් ගැයුනු මෙතරම් අවස්තානුකූල ගීතයක් මුල්වරට ගුවන්විදුලියෙන් ප්රචාරයවීම ඇයට ලැබුනු වටිනාම මංගල ත්‍යාගය නොවන්නේද..?
ගීතය ගැන විවරනයක් අවශ්‍ය නැතැයි සිතමි.... නමුත් එක දෙයක් කිව යුතුව ඇත...
"නාපෙති සිඹලා තරු එලි නිවලා
සඳවත සැතපෙයි මල් යහනේ..."
හැමෝම දන්නවා මේ කියන්නේ මොනවගේ අවස්තාවක් ගැනද කියලා.... නමුත් වර්තමානයේ ඇසෙන ගීත කිව යුතු දේ සහ රසිකයා සිතින් මවා ගත යුතු දේ සියල්ලම පද පෙලට එකතු කරීම තුලින් සංගීතය මුසු නවකතා බවට පත්වී ඇත....මේවායේ රසවිඳිමකට වඩා ඇත්තේ අසාගෙන සිටීමක් පමනකි.....
මෙන්න ගීතය
ලා සඳ එලියේ....
නා පෙති හැලිලා
නාමල් සුවඳයි විහිදෙන්නේ
ඔබ දිවි රැය සුවඳින් මල් පුබුදා
සඳ දිය ඉල්ලයි හිමි සඳුනේ......
මවත් ඔබයි මගෙ පියත් ඔබයි මගෙ
පිලිසරණත් ඔබමය වන්නේ
අද සිට මගෙ ඉටු දෙවියන් ඔබ වෙයි
ඔබගෙනි සැප දුක විමසන්නේ
නා පෙති සිඹලා තරු එලි නිවලා
සඳවත සැතපෙයි මල් යහනේ
ඔබේ දෙපා මත හිස රඳවන්නම්
පලමුවතාවට හිමි සඳුනේ
ප.ලි.
කලබලකාරී ජීවන රටාව තුල වෙහෙසට පත්ව නිවසට එන මා නින්දට යන්නට පෙර සවන්දෙන සිත පහන් කරන්නට සමත් සංගීතක් සහිත වූ ගීත අතර රැඳුනු ගීතයක් බව කිවයුතුය.... සංගීත නිර්මාණකරුගේ දස්කම් මෙයින් අගයමි.
Last edited:







