මාරුත සේ කැළබිලි සිතෙහි
නිමාවක් නැති සෙනහස
දිය උල්පත සේ නිරතරු හද සතන් තවා
දෝරගළන හද වැළපුම් නදිය
පලාගිහින් හොරෙහින්
නැත එම නිස හැද වැළපුම
කුමට හඩමි නැති ශෝකයට මා
අදුරු අතීතේ රොදුර හිතුමතේ
පැමිනී ශෝකේ නැත එම නිසා ළය මඩලේ
මයාවක් වන්වූ ශුන්‍යය රජ අඩවියක් සේ
නිශල හදවත දෙස සසල ගතින් මා
බලාසිටිමි නිරතුරා.
සදහම් සිතින් සැනසුම් සුසුමෙන්
වියකුණු මතකේ සැරිසරන
පක්ෂියෙකු සේ නිල් අවකසේ
ඈතට ඈතට පියඹා වන රජ දහනේ
රොදුරු සිව්පවුන් පරදා ගතේ ශක්තියෙන්
හදෙහි වීර්යයෙන් මායාව පරදා
සැමවිට සත්‍යය සොයමි මා
තිබහා මිනිසෙකු පැන් සොයන්නා වන්සේ.
ඔබ නැති තනිකමේ සිටින මා
හද පාළුව සැරිසරන්නේ
සිතෙහි දුක්ශෝකය කෙලෙස පවසමි මා
එය හද පතුලේ රදවා සුසුම් හරින්නේ
තෙරපුණු දුක්ශෝකය හද යදම් පලා
කදුලූ අතරින් නෙත් කොන් වලින්
හීන්සැරේ රූටා ගලන්නේ.
කෙදින කෙලෙස මා නැවත ඔබ රුව
දැක කම්පිත හද නිශල කරතබන්නේ.
කැමති අය වෙතොත් සටහනක් තබලා
මගේ නිසදැස ගැන අදහස් පළකරන ලෙස ඉල්ලා සිටිනවා.
ස්තුතියි.!- Snowl -





