හන්ගර් ගේම්ස් කියල ෆිල්ම් මාලාවක් (හතරක්) තියෙනවා මම හිතන්නෙ ගොඩක් දෙනෙක් බලල ඇති.
(1).
(2).
ඒකෙ කතාව තියෙන්නෙ අනාගතයේ. අද උතුරු ඇමරිකාව පවතින භූමියේ ඒ කාලෙ තියෙන්නෙ "පැනෙම්" කියල රටක්. ඒ රට කොටස් 13 කට බෙදල තියෙනවා. අගනුවර තියෙන ප්‍රදේශය නම් කරන්නෙ "කැපිටොල්" කියල. රටේ අනිත් ප්‍රදේශ දිස්ත්‍රික්ක 12 ක ට බෙදල තියෙනවා.
අගනුවර ඉන්න වැසියෝ ඉතාම ධනවත්. අතිශයින් දියුණු තාක්‍ෂනයක් ඔවුන්ට තියෙනවා. ඒත් දිස්ත්‍රික්ක වල වැසියෝ අන්ත දුගීන්. ඔවුන්ට හරියට කන්න අඳින්නවත් නෑ. ඔවුන් ගේ ජීවිත පවත්වාගෙන යන්නෙ අගනුවර වැසියන්ට සුඛෝපභෝගී ජීවිතයක් ගෙනියන්න අවශ්‍යය අමුද්‍රව්‍යය ලබා ගැනීමේ අරමුණෙන් විතරයි.
දිස්ත්‍රික්ක වල වැසියන් කැරලි ගහන එක වලක්වාගෙන තියෙන්නෙ ඔවුන්ට හරිහැටි ආහාර නොදීමෙන්. ඒ වෙනුවට අවුරුද්දකට සැරයක් "හන්ගර් ගේම්ස්" කියල තරගයක් පවත්වනවා. ඒ තරගය සඳහා හැම දිස්ත්‍රික්කයකින්ම තරගකරුවන් දෙන්නෙක් අනිවාර්‍යයෙන්ම සහභාගී වෙනවා. තරගයේ තියෙන්නෙ මරා ගන්න. අන්තිමට ඉතුරු වෙන එකා දිනනවා. ජයග්‍රාහකයගෙ දිස්ත්‍රික්කයට වැඩිපුර කෑම ලැබෙනවා. මේ බලාපොරොත්තුවෙන් තමයි ඔවුන් මුළු අවුරුද්දම ගෙවන්නෙ.
තරගය රූපවාහිණියෙන් මුළු රට පුරාම විකාශය කරනවා. මුළු රටම තරගය බලනවා. අගනුවර වැසියෝ තරගය වෙනුවෙන් ඔට්ටු දානවා. තරගයට අනුග්‍රාහකයෝ ඉන්නවා. තරගකාරයන්ව තරගයට කලින් සුපර් ස්ටාර් ලව වගේ මුළු ලෝකයටම ප්‍රදර්ශනය කරනවා. ඔවුන්ට තමා නොවන චරිතයක් ලෝකයට පෙන්වන්න බොරු රඟපෑමක් කරන්න වෙනවා. මේ නිසා ඔවුන් ඉතා දැඩි මානසික පීඩනයකට ලක් වෙනවා.
රටේ සියළු නීති හදන්නෙ අගනුවර. ඒ නීති කඩ කරොත් දිස්ත්‍රික්ක වල වැසියන්ට දැඩි දඬුවම් දෙනවා. ඒකට වෙනම හමුදාවක් ඉන්නවා. ඔවුන්ට කියන්නෙ "සාමය රකින්නෝ" කියල.
අගනුවර වැසියන් ගත කරන්නේ අධිසුඛෝපභෝගී ජීවිතයක්. එක දර්ශනයක තියෙනවා ඔවුන් සාදයකදී වැඩිපුර ආහාර ගැනීම සඳහා කලින් කාපු ඒව වමනය කරනන් බෙහෙතක් බොන හැටි. ඒත් දිස්ත්‍රික්ක වල මිනිස්සු සාගතයෙන් මිය යනවා. අගනුවර වැසියන් ඒක අවුලක් හැටියට දකින්නෙ නෑ. ඔවුන් හිතන්නෙ "ඒ තමයි ලෝකෙ හැටි" කියලා.
දැන් මේ ෆිල්ම් එක බලාගෙන යනකොට හිතෙනවා අපි කොයිතරම් වාසනාවන්තද කියල. බැරි වෙලාවත් ඒ වගේ ලෝකෙක ජීවත් වෙන්න වුනොත්?
නිකං හිතපල්ලකො. ලෝකෙ කුඩා ප්‍රදේශයක් තියෙනවා ඉතාම ධනවත්. තාක්‍ෂනය අතින් ඉතාම දියුණු. ඒ ප්‍රදේශයේ අය අධි සුඛෝපභෝගී ජීවිතයක් ගත කරනවා. සම්පත් නාස්ති කරනවා. ලෝකේ අනෙකුත් බහුතරයක් ප්‍රදේශ වල මිනිස්සු ඉතා දිළිඳු ජීවිත ගත කරනවා. හරියට කන්න අඳින්නවත් නැතුව.
ඒ මිනිස්සුන්ව තියාගෙන ඉන්නෙ අර ධනවත් මිනිස්සුන්ට අවශ්‍යය සම්පත් ලබා දෙන්න විතරයි. දැන් හිතපල්ලකො අපි ඉන්නෙ ඒ දිළිඳු ප්‍රදේශයක් කියල. එතකොට කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් අපි ඒ සම්පත් උකහා ගැනීමේ කටයුත්ත කරන්න ඕනෙ. නැත්තං කන්න නැතුව මැරෙනවා.
එතකොට අර ධනවත් මිනිස්සු සැප විඳින හැටි රූපවාහිණියෙන් අපිට පැය 24 ම විකාශය කරනවා. අපිටත් කවදහරි ඒ තැනට එන්න පුළුවන් කියන හීනය දෙනවා. ඒ හීනය වෙනුවෙන් එකිනෙකා කාකොටා ගෙන මරාගන්න ඕනෙ. ඒත් දිණුවොත් ගොඩ. ඒ මරා ගැනිල්ලෙනුත් ධනවත් වල මිනිස්සු සල්ලි උපයනවා.
ඉඳල හිටල අපේ ප්‍රදේශ වල එවුන්ට ධනවත් ජීවිතයට ඇතුල් වෙන්න චාන්ස් එකක් දෙනවා. උන් සැප විඳින හැටි අපිට පෙන්නනවා. උන්ව වීරයො කරනවා. ඒ වීරයන්ව අපිට රෝල් මොඩල් හැටියට පෙන්නවා. ඒ බලාපොරොත්තුව දැක දැක අපි හිත හදාගෙන සාගතයෙන් පීඩා විඳිමින් සම්පත් උකහා ගන්නවා. ඒත් උනුත් ජීවත් වෙන්නෙ මානසික පීඩාවක. හැබැයි උනුත් ඒ බොරුවම දිගටම ගෙනියනවා.
ලෝකයේ ඔක්කොම නීති රීති, සමාජ හරයන් හදන්නෙ ඒ ධනවත් මිනිස්සු. අපි ජීවත් වෙන්න ඕනෙ ඒ සමාජ හරයන්ට අනුගත වෙලා. ඒවයින් පිට පැන්නොත් උන් දෙන ආධාර නවත්තල අපිව බඩගින්නෙ තියනවා. ගොඩක් පිට පැන්නොත් ඔවුන් ගේ සාම ආරක්‍ෂක හමුදාව එවනවා.
ඒ වගේ ලෝකෙක ජීවත් වෙන්න සිද්ධ නොවුනෙ වෙලාවට නේද ඕයි? එහෙම ලෝකෙක ඉන්න වුනා නං ඊට වඩා හොඳයි බඩ කපා ගෙන මැරෙනවා.
පළවෙනි ඡායාරූපය - හන්ගර් ගේම්ස් චිත්‍රපට මාලාවේ වීරවරිය පළඳින ආභරනයක්.
දෙවෙනි ඡායාරූපය - ඇමරිකාවේ සමාගමක් නොකා නොබී, කෝපි බොමින්, නිදි මරමින් රස්සාව කිරීම උත්කර්‍ෂයට නංවලා පලකල ඇත්තම වෙළඳ දැන්වීමක්. ඒක මේ කතාවට සම්බන්ධ නෑ. නිකං ආතල් එකට දැම්මේ.
සසර සැරිසරන පාදඩයා