හන්තාන සරදම් නොකරන්....
හන්තාන සරදම් නොකරන්....
මේ ලිපියට අකුරු අමුණන විටත් කවුඵවෙන් එපිට බැලූ කල මට හන්තාන කදුවැටිය මැනවින් දිස්වෙයි.... වැහිබර අහස් කුස යට තුනී මීදුමකට හන්තාන යාන්තමට හැංගී හිද සරදම් කරනවා යැයි සිතෙන්නේ පෙර දවස මා මටම වංක වූ නිසා දැයි නොදනිමි... සාමාන්‍ය පෙළ ලියා මාසයක් දෙකක් ගතවන දිනයක දී පළමු වරට මා කෙල්ලක් සමග හන්තාන කන්ද නැංගෙමි.... ඇය මාගේ ප‍්‍රථම පේ‍්‍රමය නොවූවත් ප‍්‍රථම පේ‍්‍රමයක අපූර්ව සිතිවිලි එදා මට දැනුණු හැටි අද ද සිහිකළ හැකිය.... කන්ද මුදුන සිට පිළිවෙලක් නැතත් අපූරු සුන්දරත්වයක් ගෙන එන නුවර නගරය දෙස බලා අප මුමුණපු රහස් අද ද හන්තාන කන්ද රැුකගෙන සිටිනවා යැයි සිතුණු වාර ගණන අනන්තය.... ඈතින් පෙනෙන බහිරවකන්ද බුදු පිළිමය අද මෙන්ම එදත් නිසොල්මනේ බලන් සිටි බව මතකය... මා ඇයට අවංකව ආදරය නොකළෙමි... මගේ ඒ අඩුව පිරවීමට වාගේ ඇය මට අවංකව ආදරය කළ බව මම දනිමි... ඇය සමග කාත් කවුරුවත් නොඑන හන්තානේ කොනක ඇයගේ උණුුසුම ලබා පමණක් මම සෑහීමකට පත් වුණෙමි... මේ මොහොතේ ද ඇයගේ විලවුන් සුවඳ මට දැනෙන්නා සේ ය... මේ මොහොත වන විට ඇය කොහේ කෙලෙසක සිටිනු ඇත්දැයි මම නොදනිමි.... මහනුවර ජෝයි බෝට්ටුව අසල දී ඇය මා හමු වූ අවසන් දිනයේ ඇය පවසා සිටියේ ”ඔයා මේ වගේ කෙල්ලන්ට ආයෙත් නම් බලාපොරොත්තු දෙන්න එපා...” කියා ය.... පසුව වැව රවුමේ ඇවිද ගොස් බංකුවකට බර දී අප වැවේ රැුලි දෙස ඔහේ බලා සිටියෙමු... නිහඩව සිටියත් ඇයගේ නෙත් කඳුලින් බර වී ඇයගේ හිතත් සමග ම දොඩමලූ වන බව මට දැනුණි.... මාගේ ගෙල බැ`දි සරුව පිත්තල මාලයක් ඇයට මා තිළිණි කළෙමි. එය සුරතින් ගුලි කරගෙන ඇය මට පිටු පා ගියේ පළමු වරට ඇයගේ වියෝව පිළිබදව මා හද තුළ ද හීනියට දුකක් මෝදු වෙද්දීය.
කාලය වේගයෙන් ගෙවිලා ගිහින්... ඇයගෙන් පසු මා පේ‍්‍රමවන්තිය තිදෙනෙක් සමග හන්තාන කන්ද තරණය කර ඇත්තෙමි... ඒ සියල්ලන් සමග ද මම පේ‍්‍රමණීය වදන් මුමුණනු හන්තාන කන්ද අසා සිටි බව නිසැකය... නමුදු ඇයට මා ද්‍රෝහි වූවා නොවේදැයි හැම වෙලාවකම සිතෙන බැවින් හන්තාන ගමන ඉන් පසු මා හට එතරම් සුන්දර වූයේ නැත....
ඉතිං මා හන්තාන කන්ද දෙස සෘජුව බැලීමට අකමැතිය.... හැම විටකම සිතෙනුයේ එය මා හට සරදම් කරන බවකි... හන්තාන ගැන ගීයක් ඇහෙන හැම මොහොතකම මට ඇයගේ රුව මැවී පෙනෙයි... ඇය ළග දැවටුණු විලවුන් සුවඳ හිත රිදුම් දෙයි.... අදත් එදා වගේ ම හන්තාන නගින පේ‍්‍රමවන්තයින් අතරේ මා වැන්නවුන් නොසිටිනවා නොවිය හැක.... ඔවුනුත් දිනක මේ වගේ හීනියට ඇද හැලෙන සෙංකඩගල වර්ෂාවකට මැදිව හන්තාන දෙස බලා සුසුම් හෙලනු නොඅනුමානය.... සෙංකඩගල වැස්ස හැමෝටම සුන්දර නොවන්නේ ඇයි දැයි කියා මම දැන් දනිමි....

Last edited: