හන්තාන.........

coolharrindra

Member
Apr 24, 2009
190
36
0
35
Negombo - Katana

danny-hahlbohm-lovers.jpg



හන්තාන.........


හන්තානට වහින වැස්ස,
තුරුවැල් සීතල කෙරුවට,
දැවෙන මගේ සිත නිවන්න,
ඒ වැස්සට දිරි කොයින්ද?
නිල් දියවර ගලා ඇවිත්,
සමනළ වැව ඉතුරුවාට,
මගේ හිත ඉතිරී යන්නට,
සිහින පැතුම් මල් කොයින්ද?
පිපෙන නෙලුම් ලගට වෙලා,
බඹරුන් ගී මිමුණුවාට,
තාල නගන ඒ ගී වැල්,
තනිව හඩන මට මොකටද?
සන්සාරික මතක අරන්,
ආදරයෙන් ලග හිටියට,
මන් තනිකර දමා ගිහින්,
පින් සර අද නුඹ කොහින්ද?
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    "...සන්සාරික මතක අරන්,
    ආදරයෙන් ලග හිටියට,
    මන් තනිකර දමා ගිහින්,
    පින් සර අද නුඹ කොහින්ද?..."


    සංවේදි නිර්මාණයක් සහෝ ! දිගටම ලියන්න !
     

    coolharrindra

    Member
    Apr 24, 2009
    190
    36
    0
    35
    Negombo - Katana
    "...සන්සාරික මතක අරන්,
    ආදරයෙන් ලග හිටියට,
    මන් තනිකර දමා ගිහින්,
    පින් සර අද නුඹ කොහින්ද?..."


    සංවේදි නිර්මාණයක් සහෝ ! දිගටම ලියන්න !



    ගොඩක් ස්තුති සහෝ...
    ඔයලගේ ප්‍රතිචාර තව දුරටත් බලාපොරොත්තු වෙනවා.........:):):):)
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ලස්සන සංවේදී නිර්මාණයක්
    හිතට දැනෙන්න ලියලා තියෙනවා
    දිගටම ලියන්න