හන්තාන_විද්‍යාඥයෝ_ලිතියම්_අයන_බැටරි_හදති

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    හන්තාන_විද්‍යාඥයෝ_ලිතියම්_අයන_බැටරි_හදති

    ලෝකයේ නව තාක්‍ෂණික මෙවලම් රැසක භාවිත වන ලිතියම් අයන බැටරියේ කෘත‍්‍රිම මිනිරන් වෙනුවට ස්වාභාවික මිනිරන් උපයෝගී කරගැනීමට හන්තාන ජාතික මූලික අධ්‍යයන ආයතනයේ විද්‍යාඥයෝ පිරිසක් සමත්වී සිටිති.

    ජංගම දුරකථන, ලැප්ටොප්, කැමරා, ඉලෙක්ටි‍්‍ර‍්‍රක් කාර්, ඔර්ලෝසු ඇතුළු බොහෝ උපකරණ සඳහා නැවත ආරෝපණය කළ හැකි ලිතියම් අයන බැටරි භාවිත කෙරේ. ඒ සඳහා යොදා ගනුයේ මිලෙන් අධික කෘත‍්‍රිම මිනිරන් ය. මේවන විට ලිතියම් අයන බැටරියට යෝග්‍ය වන පරිදි දේශීය ස්වාභාවික මිනිරන් පර්යේෂණ මගින් වැඩි දියුණු කර සාර්ථකත්වය තහවුරු කර තිබේ. මෙම පර්යේෂණය සඳහා ජාතික පර්යේෂණ සභාව මූල්‍ය දායකත්වය ලබාදෙයි.

    image_dffe72aa36.jpg


    මහනුවර හන්තාන ජාතික මූලික අධ්‍යයන ආයතනයේ ප‍්‍රධාන විද්‍යාඥ ආචාර්ය අතුල විජයසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම පර්යේෂණය සිදුකෙරන අතර පේරාදෙණිය භූ ඝර්භ විද්‍යා අංශයේ ආචාර්ය නන්ද බාලසූරිය, මහාචාර්ය පිටවල, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ආචාර්ය ගයානි අමරවීර, පශ්චාත් උපාධි අපේක්‍ෂක තිලානි සෙනෙවිරත්න සහ නිරූබා කනගරත්නම් යන මහත්ම මහත්මීහු මේ සඳහා සහයෝගය ලබාදෙති.

    පර්යේෂණය පිළිබඳව අදහස් දක්වමින් ආචාර්ය අතුල විජේසිංහ මහතා මෙසේ පැවැසීය.

    ‘‘වර්තමානය වන විට නැවත ආරෝපණය කළ හැකි ලිතියම් අයන බැටරිවලට විශාල ඉල්ලූමක් පවතිනවා. ඉලෙක්ටි‍්‍රක් මෝටර් රථ සඳහා භාවිත වෙන ලිතියම් අයන බැටරිවල මිල ඉතා අධිකයි. ඊට හේතුව වන්නේ ලිතියම් අයන බැටරිවල අන්තර්ගත ඉලෙට්‍රෝඩ මිල අධික බැවිනි. ඊට විසඳුමක් ලෙස ස්වාභාවික මිනිරන් උපයෝගී කර ගැනීමට වසර ගණනක සිට අප පර්යේෂණ පවත්වමින් උත්සාහයක නිරත වුණා.’’

    image_7260895f87.jpg


    image_126d5fef5f.jpg


    ‘‘කැතෝඩය, ඇනෝඩය සහ විද්‍යුත්විච්ජේදකය ලෙස බැටරියක් ප‍්‍රධාන කොටස් තුනකින් සමන්විත වෙනවා. ඇනෝඩය සහ කැතෝඩය බැටරියක් තුළ විශාලත්වය අනුව වැඩි වශයෙන් අන්තර්ගත වන අතර ඒවා ක‍්‍රියාකාරීත්වයෙන්ද වැඩියි. ලිතියම් බැටරියේ ධන අග‍්‍රය මිලෙන් අධික ලිතියම් මූලද්‍රව්‍යයෙන් නිර්මාණය වී තිබෙනවා. සෘණ අග‍්‍රය බැටරියක තිබෙන විශේෂිත සහ වැදගත්ම කොටසක් ලෙස හැඳින්විය හැකියි. මුලින්ම බැටරියේ සෘන අග‍්‍රයට භාවිත කළේ මිල අධික මූලද්‍රව්‍යයි. මේවන විට කෘත‍්‍රිමව සාදාගත් මිනිරන් භාවිත කරනවා. පෙට්‍රෝලියම් නිෂ්පාදනයේදී අතුරුඵලයක් ලෙස කෘත‍්‍රිම මිනිරන් බිහිවෙනවා. එහි ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 20,000 ක් පමණ වෙනවා. එම නිසා දැනට පවතින බැටරිවල මිල අධිකවීමට එය විශාල ලෙස බලපා තිබෙනවා.’’

    ‘‘ වසර කීපයක් තිස්සේ අප සිදුකළ පර්යේෂණ මගින් ලිතියම් අයන බැටරිවලට දේශීය මිනිරන් යොදාගැනීමේ සඵලතාව තහවුරුවී තිබෙනවා. ලංකාවේ ස්වාභාවික මිනිරන් ලෝකයේ හොඳම මිනිරන් වුවත් ඒවා භාවිතයේදී අපට ඇතිවූ මූලික ගැටලූව නම් එහි අපද්‍රව්‍ය අඩංගුවීමයි. ඒ සඳහා අපද්‍රව්‍ය ඉවත්කිරීමේ කටයුතුවලට බොහෝ දෙනා යොමු නොවූයේ එය ඉතා සංකීර්ණ කාර්යයක් බැවිනි. එහෙත් වසර කීපයක් තිස්සේ සිදුකළ පර්යේෂණවලින් සියයට 99.99 දක්වා ස්වාභාවික මිනිරන්වල අපද්‍රව්‍ය ඉවත් කර පිරිසුදු මිනිරන් ලබාගැනීමට අපට හැකිවුණා. එහෙත් ලංකාවේ මිනිරන්වල මතුපිට විද්‍යුතයට සම්බන්ධ රසායනික ප‍්‍රතික‍්‍රියා සඳහා අක‍්‍රීයයි. ඊට විසඳුමක් ලෙස අප වෙනම රසායන ප‍්‍රතික‍්‍රියාවකට ලක්කර පිරිපහදු කර සක‍්‍රීය මට්ටමින් දේශීය මිනිරන් ලිතියම් අයන බැටරි සඳහා සාර්ථකව උපයෝගී කරගත්තා.’’

    image_f86976fdcc.jpg


    ‘‘මේවන විට ලංකාවේ මිනිරන් කිලෝවක් ඩොලර් 1 ක් හෝ 1.5 ත් අතර මිලකට අලෙවි වෙනවා. මෙලෙස මිනිරන් වැඩිදියුණ කළ පසුව ඩොලර් 20 කට පමණ විදේශ වෙළෙඳපොළේ අලෙවි කළ හැකි වනවා. ඉලෙක්ටි‍්‍රක් මෝටර් රථයක් නිපදවූ පසු එහි ආයුකාලය තුළදී මිනිරන් කිලෝ 70 ක් පමණ බැටරියේ ප‍්‍රයෝජනයට ගන්නවා. විදේශ රටවලින් කෘත‍්‍රිම මිනිරන් අඩංගු බැටරි මිලදී ගැනීමට වැයවන විශාල මුදලක් අපට ඉතිරිකර ගැනීමට මෙමගින් හැකිවෙනවා. එමෙන්ම නුදුරු අනාගතයේදී ජනතාවට දරගත හැකි මට්ටමකට බැටරි මිල පහත හෙළීමටත් මෙම පර්යේෂණය ඉවහල් වෙනවා.

    ලෝකයේ මිලෙන් අධික ග‍්‍රැෆින් නිපදවීමටත්, මිලෙන් අඩු සෝඩියම් සහ මැග්නීසියම් බැටරි සඳහා දේශීය මිනිරන් යොදාගැනීමටත් අපි බලාපොරොත්තු වෙනවා. මේ වන විට සිල්වර් ග‍්‍රැෆින් සංයුක්ත ද්‍රව්‍යයක් අප නිපදවා තිබෙනවා. ඒවායින් බැක්ටීරියා විනාශ කිරීමට හැකියාව තියෙනවා. එමෙන්ම දේශීය මිනිරන් පිරිපහදු ක‍්‍රියාවලියේදී මතුපිට පෘෂ්ටිය වැඩිදියුණු කළ, පිරිපහදු කළ, ව්‍යුහගත වෙනස්කම් කළ මිනිරන් මේවන විටත් නැනෝ තාක්‍ෂණික සහ අධි තාක්‍ෂණික නිෂ්පාදන සඳහා භාවිත කෙරෙන මිලෙන් අධික අතරමැදි නිෂ්පාදන ලෙස හඳුනාගෙන තියෙනවා. එමගින් ලංකාවට විශාල විදේශ විනිමයක් උපයාගැනීමටත් නුදුරේදීම හැකියාව ලැබේවි ’’ යැයි විජයසිංහ මහතා පැවැසීය.



    lankadeepa
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    සුපිරි වැඩක්.....:D:D

    එමෙන්ම නුදුරු අනාගතයේදී ජනතාවට දරගත හැකි මට්ටමකට බැටරි මිල පහත හෙළීමටත් මෙම පර්යේෂණය ඉවහල් වෙනවා.

    එත් මේක නම් කරන්න බැ ...මට තේරෙන විදියට?....​
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    සුපිරි වැඩක්.....:D:D



    එත් මේක නම් කරන්න බැ ...මට තේරෙන විදියට?....​

    ඇයි මචං. නිෂ්පාදන වියදම අඩු වෙනව නම් බැට්‍රි එකත් අඩුවට දෙන්න බැරි වෙන එකක් නෑ.
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Gayani Ma'amui Niruba Akkai dennama innwane :rolleyes: Natural ewa loke demand ekata supply karannath one meka sarthaka wenna
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,596
    3,058
    113
    40
    කැන්ඩි...
    ඇයි මචං. නිෂ්පාදන වියදම අඩු වෙනව නම් බැට්‍රි එකත් අඩුවට දෙන්න බැරි වෙන එකක් නෑ.

    Machan artificial ton ekak 20000 ne.ethakota1kg 20$.api hadana ewath okkoma karama 20$ denna puluwan kiyalane kiyanne.ganan adu wen na ne ethakota.habai apita salli hamba wenawa.