හන්දිවලින් එන සද්දේ

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සමහර උන් ඇවිදිනකොට කකුල්වල හන්දිවලින්(දණහිස්වලින් හුගක් වෙලාවට )කැඩෙන බිදෙන සද්දයක් එන්නේ ඇයි? එහෙම වෙන ඒකේ ලොකු අවුලක් තියෙනවද?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,114
    46,720
    113
    එහෙම ගෙවන්න කොච්චර කාලයක් යන්න ඕනෙද බන්..අවුරුදු 20,30 උන්ගෙන් එනවා ඔය සද්දේ

    මේක බලන්න

    කාටිලේජ ගෙවෙනවා නම් සුදුසුම ප්‍රතිකාර..

    කුරුණෑගල ඓතිහාසික ගැට්ටුවාන වෙද පරම්පරාවට අයත් වෛද්‍ය වසන්ත උදයජීව ගම්පහ වික‍්‍රමාරච්චි වෛද්‍ය විද්‍යාලයේ උපාධිධාරියෙකි. ඒ අනුව දේශීය සහ පාරම්පරික වෙදකම පිළිබඳ පාරම්පරික ඥානයේ උරුමය මෙන්ම විද්‍යාත්මක දැනුමේ අයිතිය ද ඔහු සතුය. ගැට්ටුවාන වෙද පරපුර ආතරයිටිස් ඇතුළු සියලූ සන්ධි රෝග සමනය පිළිබඳ ප‍්‍රසිද්ධියක් දිනූ ආයතනයකි. සිය පරම්පරාවේ සන්ධි රෝග දැනුම ඉදිරියට ගෙන යන වෛද්‍ය වසන්ත උදයජීව විවිධ සන්ධි රෝග සඳහා පාරම්පරිකව තිබෙන ඖෂධ වට්ටෝරු ද ආයුර්වේද වෛද්‍ය විද්‍යා දැනුමට අදාළ ඖෂධ වර්ග ද ඉහත සඳහන් වෛද්‍ය ක‍්‍රම ආශ‍්‍රයෙන් තමන් විසින්ම සාදන ලද ඖෂධ ද පරිහරණය කරයි. වසර විසි පහක පමණ කාලයක් තුළ සාර්ථක ලෙස ශාක සාර (ආයුර්වේද සහ දේශීය) සහ රස බෙහෙත් ආශ‍්‍රයෙන් දහස් ගණන් ජනයාගේ සන්ධි රෝග සුවපත් කළ වෛද්‍ය උදයජීව තම ක්‍ෂේත‍්‍රය තුළ මහත් ලෙස ගෞරවයට පාත‍්‍රව සිටී. ඔහුගේ බිරිය වන වෛද්‍ය රේණුකා ද අල්විස් ගම්පහ වික‍්‍රමාරච්චි වෛද්‍ය විද්‍යාලයේ උපාධිධාරිනියක් වන අතර කාන්තා රෝග පිළිබඳ ප‍්‍රවීණත්වයක් දරයි. චර්ම රෝග සහ ඔටිසම් රෝගය සඳහා ඇය කරන පර්යේෂණාත්මක ප‍්‍රතිකාර මගින් දහස් රෝගීන්ට සහනය ලැබී තිබේ.

    ප‍්‍රශ්නය – කාටිලේජ ගෙවී යෑම ගැන සහ ඒවා යළි වර්ධනය කරන ආකාරය ගැන අප දැන් සාකච්ඡා කරනවා.

    වෛද්‍ය වසන්ත උදයජීව – මෙහිදී අප වැඩි අවධානය යොමු කරන්නේ දණහිස සම්බන්ධයෙනුයි. දණහිස කියන්නේ විශාල සන්ධියක්. ශරීරයේ ඇහැට පෙනෙන්නට තිබෙන විශාලතම සන්ධිය තමයි දණහිස. මෙය කාටිලේජ ඇතුළු ද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයකින් සමන්විතයි. දණහිස් සන්ධිය වටා පේෂීන් විශාල ප‍්‍රමාණයක් තිබෙනවා. මේ සෑම පේශියක්ම, කාටිලේජ කොටසක්ම ආසාදනය වුණාම දණහිස් වේදනාව හට ගන්නවා. සාමාන්‍යයෙන් දණහිසක් වේදනා දීමට පහත සඳහන් කරුණු බලපානවා. එනම්,

    1. ඔස්ටියෝ ආත‍්‍රයිටීස්

    විශේෂයෙන්ම වියපත් පුද්ගලයන්ට වැළඳෙන රෝගයක් වන මෙයට වැඩි වශයෙන් බලපාන්නේ තරුණ හෝ නව යොවුන් වියේදී දණහිසේ හටගත් පිපිරුමක් විය හැකියි. වියපත් වීමත් සමගම අස්ථි සහ කාටිලේජවල හටගන්නා වෙනස්කම් නිසා වේදනාව ඇති වෙනවා.

    2. දණහිස් පොල්කටුව ගෙවී යෑම

    දණහිස් පොල්කටුව ඉංග‍්‍රීසියෙන් හඳුන්වන්නේ ඡු්එැකක් යනුවෙන්. වයස අවුරුදු 40 ඉක්මවූ පසු වැළඳෙන දණහිස් පොල් කටුව ගෙවී යෑමේ රෝගය ඡු්එැකකදෙැපදබ්ක ්රඑයරදිසි යනුවෙන් හැඳින්වෙනවා. නිතර නිතර කඳු නගින බහින අයටත් උක්කුටයෙන් හිඳගෙන වැඩ කරන අයටත් මෙය වැළඳෙනවා.

    3. ආත‍්‍රයිටිස් නිසාත්, දණහිස වේදනා දෙනවා. දණහිස ඉඳිමෙනවා. සන්ධියේ උණුසුම ඉහළ ගොස් කි‍්‍රයාකාරිත්වය අඩු වෙනවා.

    4. කාටිලේජ සහ අස්ථිවල හට ගන්නා ප‍්‍රදාහ තත්ත්වය දණහිසේ වේදනාවට බලපාන ඊළඟ හේතුවයි.


    ප‍්‍රශ්නය – කාටිලේජ වර්ධනයට සුදුසු ප‍්‍රතිකාර මොනවාද?

    වෛද්‍ය වසන්ත උදයජීව – ආයුර්වේදය මගින් ප‍්‍රතිකාර රැසක් යෝජනා කර තිබෙනවා. එයින් එක් ප‍්‍රධාන කසායක් මා කියන්නම්. හැබැයි මෙය පාවිච්චි කළ යුත්තේ සුදුසු වෛද්‍යවරයකුගේ අධීක්‍ෂණය යටතේයි.

    කසාය – කුරුඳු පොතු, මානෙල් අල, නෙළුම් අල, අමුක්කරා අල, නෙල්ලි, රසකිඳ කලං 2 බැගින් ගෙන වතුර පත 8 කට දමා පත 1 කට හිඳ පෙරා සීනි/මී පැණි දමා උදේ සවස කෝප්ප භාගය බැගින් පානය කළ යුතුයි. මෙය දින 14 ක් (හැලි 14 ක්) නොකඩවා පානය කිරීම වැදගත්.

    ප‍්‍රශ්නය – ගෙවුණු කාටිලේජ නැවත වර්ධනය කරන ආකාරය ගැනත් කියන්න.

    වෛද්‍ය වසන්ත උදයජීව – ඒ සඳහා සුදුසු විස්කම් ඖෂධයක් ගැන අපි අද කතා කරමු. සන්ධියක තිබෙන කාටිලේජ ගෙවෙන ආකාරය ගැන පසුගිය සතියේ අප ඔබ සමග සාකච්ඡා කළා. එහිදී සිදුවන්නේ කුමක්ද කියලා ඔබ දන්නවා.

    ප‍්‍රශ්නය – ඔබ නිපදවා ඇති ඖෂධයේ සංයුතිය කුමක්ද?

    වෛද්‍ය වසන්ත උදයජීව – කුරුඳු පොතු, ගම්මිරිස්, නිල් මානෙල් අල, ගොකටු ඇතුළු ඖෂධ 84 ක් මේ මිශ‍්‍රණයට යොදනවා. මෙය පදම් කරන්නේ තනිකරම මී පැණි සහ ගිතෙල්වලින්.

    ප‍්‍රශ්නය – මෙය ඕනෑම වයසක ඕනෑම කෙනකුට සුදුසුද?

    කාටිලේජ ගෙවෙනවා නම් සුදුසුම ප්‍රතිකාර මෙන්න

    වෛද්‍ය වසන්ත උදයජීව – වයසේ කිසි ප‍්‍රශ්නයක් නැහැ. කාටිලේජ දියවීම නිසා තරුණ මහලූ වැඩිදෙනාගේ සන්ධිවලින් කර කර ශබ්දයත්, එහෙමත් නැත්නම් සන්ධි බිඳෙන ශබ්දයත් එනවා. මේ ඖෂධය පාවිච්චි කරන්න පටන් ගත් විට ක‍්‍රමානුකූලව ඒ කර කර ශබ්දය නැතිව යනවා. එයින් කියැවෙන්නේ කාටිලේජ වර්ධනය නැවත හටගෙන තිබෙන බවයි. හැබැයි ඉතාම වැදගත් දෙයක් කිව යුතුයි. ඒ තමයි කාටිලේජ වර්ධනයට තිබෙන එන්නත ගහගෙන එන අයට මේ ප‍්‍රතිකාරය කිරීම සුදුසු නැතිබව. ඒ කියන්නේ ප‍්‍රතිකාරය කොහොමටවත් අහන්නේ නැහැ.

    ප‍්‍රශ්නය – මේ ක‍්‍රමයට කාටිලේජ වර්ධනය කරන්න කොපමණ කාලයක් ගතවෙනවාද?

    වෛද්‍ය වසන්ත උදයජීව – සාමාන්‍යයෙන් මාස 3 යි. එයට ටිකක් වැඩි වෙන්නත් පුළුවන්. අඩු වෙන්නත් පුළුවන්. මේ පිළිබඳ නොමිලේ උපදෙස් 037-2230667 දුරකතන අංකයෙන් ලබා ගත හැකිය.


    https://divaina.lk/කාටිලේජ-ගෙවෙනවා-නම්-සුදු/

     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    සුද්‍දගෙ ජරා කෑම කන උන්ට තමා ඔය ලෙඩ වැඩි..දේශීය කෑම වේලක් කාපන් නිතරම ඔය ජරා KFC,MCDONALD'S, බර්ගර් කිං,පීසා කෑවහම ඵන ලෙඩ හොයාගන්නත් බෑ.
     

    rt razor

    Active member
  • Jul 7, 2013
    466
    136
    43
    excise karanna loku awa neme podi podi awa kakul nawana paddana awa oka adu wenawa,oka wenne kakul walata excise akak nethi unama kriya karithwaya adu unama wenne
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර
    සුද්‍දගෙ ජරා කෑම කන උන්ට තමා ඔය ලෙඩ වැඩි..දේශීය කෑම වේලක් කාපන් නිතරම ඔය ජරා KFC,MCDONALD'S, බර්ගර් කිං,පීසා කෑවහම ඵන ලෙඩ හොයාගන්නත් බෑ.
    account eka maru unada pons?