හනිමූන් යන්න ලංකාවේ ඔබ නොදු‍ටු තැන් 7ක්

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කසාද බඳින්නද යන්නේ? එහෙනම් හනිමූන් යන්න තැනක් හොයාගත්තද? මේකත් මනමාලි කවුද කියන එක තරමටම වැදගත් ප්‍රශ්නයක් තමයි. ලංකාවේ සියයට අනූවක්ම මධුසමය ගත කිරීම සඳහා ‍තෝරාගන්නේ එක්කෝ නුවර එළියේ එහෙමත් නැතිනම් දකුණු පළාතේ තියෙන තරු පහේ හෝටලයක් හෝ රිසෝට් එකක් තමයි. ඒත් ඔබට කවදාවත් හිතිලා නැත්ද ඔබේ මධුසමය ගත කිරීම සඳහා වෙනස් විදියේ තේරීමක් කරන්න? තරු පිරුණු අහස යට? නැතිනම් වැඩි පහසුකම් නැති වුනත් මුහුද අයිනේ තියෙන සාමකාමී කුඩා බංගලාවක? මේ කතා කරන්න යන්නේ විවාහ වී මධුසමය ගත කරන්නට යන ඔබටත්, ආදරවන්තයා හෝ ආදරවන්තිය එක්ක නිදහසේ සති අන්තයක් ගත කරන්නට හිතන ඔබටත් වෙනස් අත්දැකීමක් අනිවා ලබාදෙන ශ්‍රී ලංකාවේ අප්‍රකට තැන් කිහිපයක් ගැන.

    1. මුහුද අසබඩ නිසංසල නවාතැන – Emerald Villa​

    1662303821886.png

    පයාගල තියෙන මේ ඕලන්ද ක්‍රමයට හදපු පුංචි බංගලාවේ කාමර තුනයි තියෙන්නේ. කෑම බීම සඳහා බඩු ගෙනාවහම හදලා දෙන්න කුක් කෙනෙක් ඉන්නවා. බංගලාවම හිතාගන්න බැරි තරම් සුළු මුදලකට ගන්න පුලුවන්. පි‍ටුපස මිදුල අවසන් වෙන්නේ මුහුදු වෙරළෙන්. ඕන නම් හවස් වරුවේ මුහුදේ නාන්න වගේම, මුහුදු වෙරළේ පු‍ටුවකට වෙලා තේ කෝප්පයක් තොලගාන ගමන් ඉර බහිනවා බලන්නත් පුලුවන්. ගෙදර ඉන්නවා වගේ නිසංසලේ මධුසමය ගත කරන්න වගේම සති අන්තයක් ගත කරන්නත් මේ තැන කදිමයි.

    2. කඳු මුදුනේ සොඳුරු ආශ්‍රමය – Adisham​

    1662303616833.png

    හපුතලේ වගේ සැපවත් දේශගුණයක් තවත් තියෙනවද? මේ සුන්දර හපුතලේ කඳු මුදුනක තියෙන සාම්ප්‍රදායික තාපසාරාමයක විවේක සුවය විඳින එකත් අපූරු අත්දැකීමක් වෙනවාට සැක නැහැ. හැබැයි ඇඩිෂම් ගෙස්ට් හවුස් එකෙන් තරු හෝටලයක සැප බලාපොරොත්තු වෙන්න එපා. මත්පැන් වගේ දේවල් ගෙනියන්නත් හිතන්න එපා. ඒක එහෙම වුනත් ඇඩිෂම් ආශ්‍රමයේ ගත කරන කාලය ඔබට ජීවිතයට අමතක කරන්න බැරි අත්දැකීමක් වෙනවා සහතිකයි.

    3. තරු පිරුණු අහස යට – River Garden Resort​

    river-garden-resort-camp.jpg

    බෙලිහුල් ඔය සුන්දර පරිසරයක පිහිටා තියෙන මේ නවාතැනට යන ඔබට ජල පහරවල් ගලන හඬ, කුරුළු හඬ සමගින් වනෝද්‍යානයක තියෙන ශාන්තභාවය අත්විඳින්නට පුලුවන්. ඒ වගේම පෞද්ගලික පරිසරයක වෙන් වෙලා තියෙන නිසා මධුසමය ගත කරන්න යන යුවළකට මෙතැන හොඳින් ගැලපෙනවා කියලා කියන්න පුලුවන්. පැරණි පන්නයේ මැටි ගෙයක වගේම තරු එළිය යට කඳවුරු අත්දැකීමක් විඳින්නත් මෙතැන අපූරුයි.

    4. ලෝකයේ සුන්දරම නවාතැනක – 98 Acres Resort​

    1662303467233.png

    ලෝකයේ සුන්දරම හෝටලයන්ගෙන් එකක් විදියට සැලකෙන 98 Acres Resort තවදුරටත් අප්‍රකට ස්ථානයක් නෙවෙයි. ඒත් සුන්දර කඳු මුදුන් වලින් වටවුණු තේ වත්තක් සමගින් ඇති 98 Acres Resort කියන්නේ ඇල්ල බණ්ඩාරවෙල සැපවත් දේශගුණයත් එක්ක මධුසමය ගත කරන්න කදිම ස්ථානයක් කියලා කියන්න පුලුවන්. ඒ වගේම කුරුල්ලන් බැලීම, කඳු නැගීම වගේ කරන්නට දහසකුත් එකක් දේවලුත් මෙතැන තියෙනවා. තරු පංතියේ තැනක් නිසා සැපපහසුකම් අවශ්‍ය කෙනෙක්ට වුනත් මෙතැන කදිමයි.

    5. ශ්‍රී පාදය ආසන්නයේ හුදෙකලා නවාතැන – Fishing Hut​

    2019-08-06.jpg

    ශ්‍රී පාදයට ආසන්නයේ වන රක්ෂිතයක කෙළවරේ තියෙන ලීයෙන් ඉදිකරපු මේ පුංචි කැබින් නවාතැන් පොල ගැලපෙන්නේ ස්වභාවික සුන්දරත්වය ඒ ආකාරයෙන්ම විඳින්නට ආශා කරන, ඇඩ්වෙන්චර් කියන වචනයේ තේරුම දන්න යුවළකට තමයි. අවුරුදු ගණනාවකට කලින් තේ වතු හිමියන් විසින් ට්‍රවුට් මසුන් අල්ලන්නට නවාතැනක් විදියට හදපු මේ සුන්දර, සාමකාමී තැන පහසුකම් නැතත් ඔබේ ජීවිතයට වටිනා කියන අත්දැකීමක් වෙනවා නියතයි.

    6. සිහිල් පරිසරයක ගැමි සුන්දරත්වය මැද – Saraii village​

    1662303250040.png

    වීරවිල පුද්ගලික වතුයායක් මැද පිහිටා තියෙන පරිසර හිතකාමී හෝටලයක් වෙන Saraii Village හි නවාතැන් ගන්න යන ඔබට ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ගැමි නිවෙසක සුන්දරත්වය සමගින් සැප පහසුකම් ඇතිව සති අන්තයක් නැතිනම් මධුසමය ගත කරන්නට හැකියි. විශේෂයෙන්ම ඉහළ පන්නයේ හෝටලයකින් ලැබෙන සුඛෝපභෝගී බව වුනත් මෙහිදී ඇතුළත් කර ඇත්තේ මැටි නිවස්න, බට පැළලි වැනි සාම්ප්‍රදායික අංග මුහුකරගනිමින් වීම විශේෂත්වයක්.

    7. ඌව පළාතේ සුන්දරත්වය රසවිඳින්නට – Melheim Resort​

    1900-x-900-Kandy.jpg

    සුන්දර වනගහනයෙන්, පැතිර ගිය තේ වතු වලින් වගේම උත්තුංග කඳු මුදුන් වලිනුත් මායිම් වුණු දර්ශනයක් සහිත Melheim Resort හෝටලයත්, හපුතලේ බෙරගල කලාපයේ තියෙන සෞම්‍ය දේශගුණයත් නිසාම මධුසමය ගත කරන්න යන යුවළකට කදිමයි කියන්න පුලුවන්. මනා සැපපහසුකම් ඇති හෝටලයක ඉඳන් ඌව පළාතේ ස්වභාවික සෞන්දර්යය රස විඳින්න Melheim Resort අපූරුයි. ඒ වගේම තමයි බඹරකන්ද, දියලුම සහ තවත් බොහෝමයක් දිය ඇලි බලන්න යන්න, ලෝකාන්තය, ඇඩිෂම් වගේ තවත් සුන්දර තැන් බලන්න යන්නත් මෙතන ඉඳන් වැඩි වෙලාවක් යන්නේ නැහැ.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඌ ඒ දවස්වලම අනිවා එකෙන් කොපි කරගෙන මේකේ දාලා 😂😂😂අපි නම් දැම්මේ site එක down වෙලත් කාලෙකට පස්සෙ ඔන්න :)

    හනිමූන් යන්නේ කොහොමත් නොදුටු එකක් බලන්න තමයි.
    හැබැයි හැමෝම එහෙම නෑ නෙහ්? 😂😂😂
    ------ Post added on Sep 4, 2022 at 8:45 PM
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,657
    1
    4,508
    113
    Matale
    රන්ගිරි FM එකේ මේ වෙලාවේ හොඳ බණක් යනවා.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace

    4. ලෝකයේ සුන්දරම නවාතැනක – 98 Acres Resort​

    View attachment 183395
    ලෝකයේ සුන්දරම හෝටලයන්ගෙන් එකක් විදියට සැලකෙන 98 Acres Resort තවදුරටත් අප්‍රකට ස්ථානයක් නෙවෙයි. ඒත් සුන්දර කඳු මුදුන් වලින් වටවුණු තේ වත්තක් සමගින් ඇති 98 Acres Resort කියන්නේ ඇල්ල බණ්ඩාරවෙල සැපවත් දේශගුණයත් එක්ක මධුසමය ගත කරන්න කදිම ස්ථානයක් කියලා කියන්න පුලුවන්. ඒ වගේම කුරුල්ලන් බැලීම, කඳු නැගීම වගේ කරන්නට දහසකුත් එකක් දේවලුත් මෙතැන තියෙනවා. තරු පංතියේ තැනක් නිසා සැපපහසුකම් අවශ්‍ය කෙනෙක්ට වුනත් මෙතැන කදිමයි.
    යනවා නම් යන්නෙ මේකට තමා ඒත් කෙල්ලෙක් නෑ,යන්න හිටපු එකීටත් දැන් වෙන මිනිහෙක්ද කොහෙද සෙට් වෙලා කමක් නෑ දුකක් නෑ තනියම හරි යනවා තනියම බැරිනම් හොද බඩුවකට ෆුල් එක්ක ගෙවන් නැතුව කතාබහ කරලා හාෆ් හරි ගෙවලා අරන් යනවා :ROFLMAO:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    අනේ මේ @siri_ayya උඹ නිකං කුණුහබ්බ අහන්නැතුව හිටපන් පැත්තකට වෙලා...තනිකඩ අපේ අහිංසක හිත් පාරවන එකම තමයි තොගෙ වැඩේ... :angry: :(
     
    • Haha
    Reactions: siri_ayya

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    කසාද බඳින්නද යන්නේ? එහෙනම් හනිමූන් යන්න තැනක් හොයාගත්තද? මේකත් මනමාලි කවුද කියන එක තරමටම වැදගත් ප්‍රශ්නයක් තමයි. ලංකාවේ සියයට අනූවක්ම මධුසමය ගත කිරීම සඳහා ‍තෝරාගන්නේ එක්කෝ නුවර එළියේ එහෙමත් නැතිනම් දකුණු පළාතේ තියෙන තරු පහේ හෝටලයක් හෝ රිසෝට් එකක් තමයි. ඒත් ඔබට කවදාවත් හිතිලා නැත්ද ඔබේ මධුසමය ගත කිරීම සඳහා වෙනස් විදියේ තේරීමක් කරන්න? තරු පිරුණු අහස යට? නැතිනම් වැඩි පහසුකම් නැති වුනත් මුහුද අයිනේ තියෙන සාමකාමී කුඩා බංගලාවක? මේ කතා කරන්න යන්නේ විවාහ වී මධුසමය ගත කරන්නට යන ඔබටත්, ආදරවන්තයා හෝ ආදරවන්තිය එක්ක නිදහසේ සති අන්තයක් ගත කරන්නට හිතන ඔබටත් වෙනස් අත්දැකීමක් අනිවා ලබාදෙන ශ්‍රී ලංකාවේ අප්‍රකට තැන් කිහිපයක් ගැන.

    1. මුහුද අසබඩ නිසංසල නවාතැන – Emerald Villa​

    View attachment 183399
    පයාගල තියෙන මේ ඕලන්ද ක්‍රමයට හදපු පුංචි බංගලාවේ කාමර තුනයි තියෙන්නේ. කෑම බීම සඳහා බඩු ගෙනාවහම හදලා දෙන්න කුක් කෙනෙක් ඉන්නවා. බංගලාවම හිතාගන්න බැරි තරම් සුළු මුදලකට ගන්න පුලුවන්. පි‍ටුපස මිදුල අවසන් වෙන්නේ මුහුදු වෙරළෙන්. ඕන නම් හවස් වරුවේ මුහුදේ නාන්න වගේම, මුහුදු වෙරළේ පු‍ටුවකට වෙලා තේ කෝප්පයක් තොලගාන ගමන් ඉර බහිනවා බලන්නත් පුලුවන්. ගෙදර ඉන්නවා වගේ නිසංසලේ මධුසමය ගත කරන්න වගේම සති අන්තයක් ගත කරන්නත් මේ තැන කදිමයි.

    2. කඳු මුදුනේ සොඳුරු ආශ්‍රමය – Adisham​

    View attachment 183397
    හපුතලේ වගේ සැපවත් දේශගුණයක් තවත් තියෙනවද? මේ සුන්දර හපුතලේ කඳු මුදුනක තියෙන සාම්ප්‍රදායික තාපසාරාමයක විවේක සුවය විඳින එකත් අපූරු අත්දැකීමක් වෙනවාට සැක නැහැ. හැබැයි ඇඩිෂම් ගෙස්ට් හවුස් එකෙන් තරු හෝටලයක සැප බලාපොරොත්තු වෙන්න එපා. මත්පැන් වගේ දේවල් ගෙනියන්නත් හිතන්න එපා. ඒක එහෙම වුනත් ඇඩිෂම් ආශ්‍රමයේ ගත කරන කාලය ඔබට ජීවිතයට අමතක කරන්න බැරි අත්දැකීමක් වෙනවා සහතිකයි.

    3. තරු පිරුණු අහස යට – River Garden Resort​

    View attachment 183396
    බෙලිහුල් ඔය සුන්දර පරිසරයක පිහිටා තියෙන මේ නවාතැනට යන ඔබට ජල පහරවල් ගලන හඬ, කුරුළු හඬ සමගින් වනෝද්‍යානයක තියෙන ශාන්තභාවය අත්විඳින්නට පුලුවන්. ඒ වගේම පෞද්ගලික පරිසරයක වෙන් වෙලා තියෙන නිසා මධුසමය ගත කරන්න යන යුවළකට මෙතැන හොඳින් ගැලපෙනවා කියලා කියන්න පුලුවන්. පැරණි පන්නයේ මැටි ගෙයක වගේම තරු එළිය යට කඳවුරු අත්දැකීමක් විඳින්නත් මෙතැන අපූරුයි.

    4. ලෝකයේ සුන්දරම නවාතැනක – 98 Acres Resort​

    View attachment 183395
    ලෝකයේ සුන්දරම හෝටලයන්ගෙන් එකක් විදියට සැලකෙන 98 Acres Resort තවදුරටත් අප්‍රකට ස්ථානයක් නෙවෙයි. ඒත් සුන්දර කඳු මුදුන් වලින් වටවුණු තේ වත්තක් සමගින් ඇති 98 Acres Resort කියන්නේ ඇල්ල බණ්ඩාරවෙල සැපවත් දේශගුණයත් එක්ක මධුසමය ගත කරන්න කදිම ස්ථානයක් කියලා කියන්න පුලුවන්. ඒ වගේම කුරුල්ලන් බැලීම, කඳු නැගීම වගේ කරන්නට දහසකුත් එකක් දේවලුත් මෙතැන තියෙනවා. තරු පංතියේ තැනක් නිසා සැපපහසුකම් අවශ්‍ය කෙනෙක්ට වුනත් මෙතැන කදිමයි.

    5. ශ්‍රී පාදය ආසන්නයේ හුදෙකලා නවාතැන – Fishing Hut​

    View attachment 183394
    ශ්‍රී පාදයට ආසන්නයේ වන රක්ෂිතයක කෙළවරේ තියෙන ලීයෙන් ඉදිකරපු මේ පුංචි කැබින් නවාතැන් පොල ගැලපෙන්නේ ස්වභාවික සුන්දරත්වය ඒ ආකාරයෙන්ම විඳින්නට ආශා කරන, ඇඩ්වෙන්චර් කියන වචනයේ තේරුම දන්න යුවළකට තමයි. අවුරුදු ගණනාවකට කලින් තේ වතු හිමියන් විසින් ට්‍රවුට් මසුන් අල්ලන්නට නවාතැනක් විදියට හදපු මේ සුන්දර, සාමකාමී තැන පහසුකම් නැතත් ඔබේ ජීවිතයට වටිනා කියන අත්දැකීමක් වෙනවා නියතයි.

    6. සිහිල් පරිසරයක ගැමි සුන්දරත්වය මැද – Saraii village​

    View attachment 183393
    වීරවිල පුද්ගලික වතුයායක් මැද පිහිටා තියෙන පරිසර හිතකාමී හෝටලයක් වෙන Saraii Village හි නවාතැන් ගන්න යන ඔබට ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ගැමි නිවෙසක සුන්දරත්වය සමගින් සැප පහසුකම් ඇතිව සති අන්තයක් නැතිනම් මධුසමය ගත කරන්නට හැකියි. විශේෂයෙන්ම ඉහළ පන්නයේ හෝටලයකින් ලැබෙන සුඛෝපභෝගී බව වුනත් මෙහිදී ඇතුළත් කර ඇත්තේ මැටි නිවස්න, බට පැළලි වැනි සාම්ප්‍රදායික අංග මුහුකරගනිමින් වීම විශේෂත්වයක්.

    7. ඌව පළාතේ සුන්දරත්වය රසවිඳින්නට – Melheim Resort​

    View attachment 183392

    සුන්දර වනගහනයෙන්, පැතිර ගිය තේ වතු වලින් වගේම උත්තුංග කඳු මුදුන් වලිනුත් මායිම් වුණු දර්ශනයක් සහිත Melheim Resort හෝටලයත්, හපුතලේ බෙරගල කලාපයේ තියෙන සෞම්‍ය දේශගුණයත් නිසාම මධුසමය ගත කරන්න යන යුවළකට කදිමයි කියන්න පුලුවන්. මනා සැපපහසුකම් ඇති හෝටලයක ඉඳන් ඌව පළාතේ ස්වභාවික සෞන්දර්යය රස විඳින්න Melheim Resort අපූරුයි. ඒ වගේම තමයි බඹරකන්ද, දියලුම සහ තවත් බොහෝමයක් දිය ඇලි බලන්න යන්න, ලෝකාන්තය, ඇඩිෂම් වගේ තවත් සුන්දර තැන් බලන්න යන්නත් මෙතන ඉඳන් වැඩි වෙලාවක් යන්නේ නැහැ.
    බඩු ගියාට පස්සෙ😑
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මචන් එතකොට හානි වෙච්ච එවා පිලිසකර වෙනවද
    නෑ දෙන්නා පොඩ්ඩක් refresh වෙනවා

    ඒක හොදයි ඔය තියෙන ප්‍රශ්න පොඩ්ඩක් අඩු වෙන්න
    ------ Post added on Jan 6, 2023 at 5:06 PM
     
    • Love
    Reactions: windows_ubuntu