හඳුන්වාදීමට නියමිත ඩිජිටල් උප්පැන්නයේ ඉවත් කර ඇති කොටසක් ගැන පැහැදිලි කිරීමක්
ඉදිරි මාස දෙක තුළ හඳුන්වාදීමට නියමිත නව ඩිජිටල් උප්පැන්න සහතිකයේ දෙමව්පියන් විවාහක ද, නැද්ද යන්න කොටස ඉවත් කර ඇති බව රෙජිස්ටාර් ජනරාල් එම්.සී. විතානගේ මහතා ප්‍රකාශ කළා.
දරුවන්ට අගතිදායක බැවින් පැරණි උප්පැන්න සහතිකයේ තිබූ මෙම කොටස නව උප්පැන්න සහතිකයට ඇතුළත් නොකළ බවයි රෙජිස්ටාර් ජනරාල්වරයා ප්‍රකාශ කළේ.
ජනතාවගේ පහසුව උදෙසා මෙම මාසය අවසන් වීමට පෙර උපත්, මරණ සහ විවාහ සහතික පිටපත් නිකුත් කරන කාර්යාලයක් ආගමන විගමන සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පිහිටි සුහුරුපායේ ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවද රෙජිස්ටාර් ජනරාල්වරයා සඳහන් කළා.