හඳේ_ගෙවල් හදන්න රුසියාව සැරසෙයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    හඳේ_ගෙවල් හදන්න රුසියාව සැරසෙයි

    හඳේ ගෙවල් හදන්න රුසියාව සැරසෙයි


    2030 වසර වන විට චන්ද‍්‍රයා මත මිනිසුන් සහිත ස්ථිර මධ්‍යස්ථානයක් ගොඩනැගීමට රුසියාව සූදානම් වන බව වාර්තා වෙයි.

    මෙම ජනාවාසය සඳහා සුදුසු ස්ථානයක් තෝරාගැනීම වෙනුවෙන් 2024දී රුසියානු අභ්‍යවකාශ යානයක් චන්ද‍්‍රයා ගවේෂණය කිරීමට නියමිතය.

    රුසියානු පුවත් සේවා පවසා ඇත්තේ සඳ මත මිනිස් ගවේෂණයන්ට මග හෙළි කරන ලූනා 25 යානයේ නිපැයුම් කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.

    චන්ද‍්‍ර මධ්‍යස්ථානයේ කොටස් අභ්‍යවකාශගත කිරීමට අවශ්‍ය බර එසවුම් රොකට්ටුවේ ඉදිකිරීම්ද රුසියාවේ රොස්කොමොස් අභ්‍යවකාශ ආයතනය විසින් අරඹා ඇතැයි පැවසේ.

    ගමන් වාර 6 කින් මධ්‍යස්ථානයේ කොටස් සඳ මතට යැවෙනු ඇති අතර එතැන් සිට දස වසරක් මුළුල්ලේ එහි ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙනු ඇත.

    මොස්කව් බලධාරීන් පවසා ඇත්තේ මෙම චන්ද‍්‍ර මධ්‍යස්ථානය ස්ථිර ඉදිකිරීමක් වනු ඇති බවයි.

    එමෙන්ම මෙය අභ්‍යවකාශ තරගයේ අතරමැද අවස්ථාවක් නොවන බවත් රුසියාව සඳ මත ස්ථිර පදිංචියට එන මෙම ක්‍‍්‍රියාන්විතයේ ආරම්භයක් මිස අවසානයක් නොවනු ඇති බවත් රුසියානු නියෝජ්‍ය අග‍‍්‍රාමාත්‍ය ද්මිත‍‍්‍රි රොගොසින් පවසා තිබේ.

    ඇමරිකාවද සඳ ගවේෂණය කිරීම සඳහා අවධානය යොමු කරමින් සිටින අතර එය අගහරු මතට මිනිසුන් යැවීමේ දීර්ඝ කාලීන වැඩපිළිවෙලේ කොටසක් ලෙස සිදුකිරීමට නියමිතය.

    විචාරකයින් පවසන්නේ රුසියානු සැලසුම් සමග නව අභ්‍යකාශ තරගයක් ඇතිවීමේ ඉඩකඩක් ඇති බවයි.


    moon-build.jpg


    දෙරණ
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    අපිට මේ තමන්ගෙ ඉඩමක ගෙයක් හදාගන්න බැරුව හොම්ම බිම ඇනගෙන ඉන්නව... :sorry:

    උං හඳෙත් ගෙවල් හදනව:baffled:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48

    අපිට මේ තමන්ගෙ ඉඩමක ගෙයක් හදාගන්න බැරුව හොම්ම බිම ඇනගෙන ඉන්නව... :sorry:

    උං හඳෙත් ගෙවල් හදනව:baffled:

    adoo ow ban..mama kiyanne loke inna hama paulakatama samanya tathwaye geyak hadala deela iwara wela eeta passe hande gewal hadanna yana eka maanushikawa watitanawa minisath kamen baluwama..:yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    adoo ow ban..mama kiyanne loke inna hama paulakatama samanya tathwaye geyak hadala deela iwara wela eeta passe hande gewal hadanna yana eka maanushikawa watitanawa minisath kamen baluwama..:yes:



    එහෙම සමානාත්මතාවක් ඇති කරන්න බෑ නේ බං නේද:eek:..... ඒක නම් වෙන්නේ නැති වැඩක්...

    ඕකට යන වියදමෙන් අර සමහර රටවල ඉන්න කන්න බොන්න නැතුව හාමතේ මැරෙන මිනිස්සුන්ට අවුරුද්දක් දෙකක් වත් හොඳ ජීවිතයක් ලබා දෙන්න තිබුනා:yes:
     
    Aug 12, 2012
    4,169
    652
    0

    අපිට මේ තමන්ගෙ ඉඩමක ගෙයක් හදාගන්න බැරුව හොම්ම බිම ඇනගෙන ඉන්නව... :sorry:

    උං හඳෙත් ගෙවල් හදනව:baffled:

    ape rate bhumi pramanayata saapekshawa janagrahanaya wadi machan. ekai lankawe idam ganan. ape ratey gewal ganna gaanata samaharak ratawalwala maaliga ganna pulwuan
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ශ්‍රී;19403184 said:
    ape rate bhumi pramanayata saapekshawa janagrahanaya wadi machan. ekai lankawe idam ganan. ape ratey gewal ganna gaanata samaharak ratawalwala maaliga ganna pulwuan


    ඉඩම් නම් මොනාහරි කියමුකෝ..

    වැලි සිමෙන්ති, කලු ගල් , කම්බිත් පට්ට ගණන් නේ...:eek:
     
    Aug 12, 2012
    4,169
    652
    0
    Kaatawath naha, eth mehema giyoth aniwa mara gannawa :yes:

    aniwa :yes: api ada antarcticawata yanna oneth loku loku ratawal walin awasara aragena. balaya thiyena ratawal pacific sagaraye thiyena punchi dupath tikath athaarala nathi eke handa athaarala nikan indida bang. adath lokey yatath vijitha dupath thiyenawa.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මටත් ඉඩම් කෑල්ලක් වෙන්කරගන්න ආසයි බන් දැන්ම