හපොයි පියල්

signshop

Well-known member
  • May 30, 2011
    12,163
    8,872
    113
    Dubai
    ඉංග්‍රීසි දන්නේ නැහැ කියලා මෝඩයෙක් වෙන්නේ නැහැ. හැබැයි මේක සිංහලෙන් අහන්න තිබුනා පොරට. ඇහුනේ නැහැ වගේ හිටිය එකෙන් නාගත්තා
    ඒක තමයි බන් මම කිව්වේ.
    මෙතනදී අර ගෑනි ඉංග්‍රීසියෙන් ප්‍රශ්නේ අහනකොට ඇයි ඇඹරි ඇඹරි ඇහුනේ නෑ වගේ හිටියේ.
    පොරට කියන්න තිබුනා කරුණාකරලා ප්‍රශ්නේ සිංහලෙන් අහන්න කියලා. එහෙම අහලා තිබුනා නම් අර ප්‍රශ්නේ අහපු එකීට එපා වෙයි.
    ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවක් දැනගත්තා කියලා උගතෙක් වෙන්නෙත් නෑ මෝඩයෙක් වෙන්නෙත් නෑ අවස්ථානෝචිත ප්‍රඥාවයි වැදගත්.
    අනික මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් බන්.
    පොඩි ළදරුවෙක් වගේ මේ වගේ අවස්ථාවකට මූන දෙන්න බැරුව කොහොමද කියපන් රටක්, ඒ වගේම තමන්ට අදාල විෂය හසුරවගන්නේ?
    ජනතාවගේ ප්‍රශ්න විසඳන්නේ?
    හදිසි ආපදාවකදී හරි වෙන හදිසි ප්‍රශ්නෙකදී මුන් පැනලා දුවයිනේ
     
    • Love
    Reactions: NRTG