මුලින්ම පිරිසිදු හබල පෙති ටිකක් හොයා ගනින්, ඔය කඩවල් වල තියෙන ගෝනි වලින් ගන්නේ නැතුව සතොස වගේ තැනකින් පැකට් කරපු එකක් ගනින්,
මුලින්ම හබල පෙති ටික වතුර භාජනයක විනාඩි 10ක් විතර පෙගෙන්න දාපන්,
ඊට පස්සේ හබල පෙති ටික වතුරත් එක්කම කිරි ගොට්ටකට හෙමිහිට හලන්න, අඩියම ටික ගන්න එපා සමහර වෙලාවට වැලි කැට තියෙන්න පුළුවන්.
ඒ පෙරා ගත්ත හබල පෙති ටික වතුර බෙරෙන්න විනාඩි 15ක් විතර තියන්න, බලාගෙන ඉන්න අමරුනම් ඒ ටික මිරිකලා වතුර ඉවත් කරගන්න, හැබැයි තදින් මිරිකුවොත් පොඩි වෙන්න පුළුවන්,
පලමු ක්‍රමය
වතුර ඉවත් කරගත් හබල පෙති භාජනයකට දමා අවශ්‍ය ප්‍රමානයට සීනි, පොල් සහ ලුණු ස්වල්පයක් යොදා හැන්දකින් කලවම් කර අහාරයට ගන්නත්.
දෙවන ක්‍රමය
වතුර ඉවත් කරගත් හබල පෙති භාජනයකට දමා අවශ්‍ය ප්‍රමානයට ගාගත් හකුරු, පොල් සහ ලුණු ස්වල්පයක් යොදා හොදින් මිශ්‍ර කර ගුලි ආකාරයට සකසා ගන්නත් පුළුවන්.
තුන්වන ක්‍රමය
වතුර ඉවත් කරගත් හබල පෙති කපාගත් කුරුම්බා සහිත තැබිලි ගෙඩියක වතුර භාගයක් පමණ අයින් කර එයට හබල පෙති සහ සීනි අවශ්‍ය ප්‍රමාණයට දමන්න. එසේ දමා විනාඩි 10ක් වසා තබන්න. ඉන්පසු හැන්දක් ආදාරයෙන් හොදින් කලවම් කරන ගමන් කුරුම්බා ටිකත් හුරන්න. ඉන්පසු හොදින් මිශ්‍ර කර සකසා ගන්නත් පුළුවන්.
woww