හබලපෙති

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ගත්තා හොඳවැයින් හබලපෙති කිහිපයක්.. ඒක තම්බලා ටිකක් විතර නිවෙන්න අරිනවා.. හබලපෙති තැම්බෙනකල් හොඳ වෑයින් ලොකු ලූණු ගෙඩියක් අරං හීනියට ලියලා ඒකටම කරපිංචා කොල ටිකකුත් ලියලා දාලා ලුණු ටිකකුයි යන්තමට වගේ මිරිස් කුඩු ටිකකුයි දාලා තේම්පරාදු කරගන්නවා...
    ඒක තෙම්පරාදු වෙලා ඉවර වෙද්දී හබලපෙති තැම්බිලා නිවීගෙන යනවා නෙව.. ආන්න එතකොට හබලපෙති පොතු ඇරලා අරං අර ලූණු තෙම්පරාදුවටම දාලා ඒකටම තව බටර් හරි මාගරින් හරි හැදි දෙහෙකුත් දාලා තව ලුනු ටිකකුත් එකතු කරලා හොඳට පොඩි කරගන්නවා...
    :rofl::rofl:
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මචං අපේ තාත්තට එහෙම හදනවා මට මතක නැහැ. මන් හෙට කියන්නම් අහල දැන් කට්ටිය නිදි

    සිනි
    පොල්
    වලට කවලම් කරලා වතුර ටිකකුත් දාලා ගුලි හදලා කන්නලු තියෙන්නේ

    Math mehema kala thiyenawa.
     

    mayuri.

    Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    ඔයා අහන්නෙ මේක ගැනද? නැත්නම් අර අග්ගලා වගේ හදන එක ගැනද? අග්ගලා වගේ ඊට වඩා ටිකක් ලොකු එකනම් අපේ කිරිඅම්මා හදනව, හදන විදිහනම් මම දන්නෙ නෑ :(

    http://www.foodcnr.com/2013/01/habala-pethi-kanda-sri-lankan-rice.html
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    කියන්න ලැජ්ජයි සිංහලු
    මම හබල පෙති කිව්වම හිතන් හිටියේ
    හබරල වලින් හදන දෙයක් කියල
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    habala pethi bajanayakata daalaa daapan unu wathura winadi 10k thiyanna,lipe thiyala thambuwoth thambenawa wadi bath wage wenawaa.peranna wathura tika,aimath mirikanna wathura hodatama ain wenna , daapan pol,seeni,lunu chuuttak.kawalam karapan, kaapan
     

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    ඔය හබල පෙති කියන්නේ බත් තලපුව නේද?
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මචන් හබලපෙති පැයක් විතර පෙගෙන්න දාපන් .ඊට පස්සේ මිරිකලා ගනින්.එකට සීනි පොල්,ලුනු දාල කලවම් කරගෙන කාපන් .සුපිරි කෑම .

    සමහරු කෙසෙල්ගෙඩියකුත් කපල දාගන්නවා .කැමැති විදියක් .



    :yes::yes::yes:
     
    Last edited:

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මචන් හබලපෙති පැයක් විතර පෙගෙන්න දාපන් .ඊට පස්සේ මිරිකලා ගනින්.එකට සීනි පොල්,ලුනු දාල කලවම් කරගෙන කාපන් .සුපිරි කෑම .

    සමහරු කෙසෙල්ගෙඩියකුත් කපල දාගන්නවා .කැමැති විදියක් .



    :yes::yes::yes:


    unu wathura daapan winadi 10 i
     

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    Api kanne kurumba hari thambili hari ekka. Habala pethi kurumba hari thambili wathurata daala ekatama kurmba kaali daala payak dekak pengenna thiyenawa. pani rasa onenam seeni daala kanawa. habai habala pethi hondata hodala garala ganna one. yum yum.
     

    mofious

    Active member
  • Nov 7, 2010
    592
    64
    28
    මගේ කාමරේ

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මුලින්ම පිරිසිදු හබල පෙති ටිකක් හොයා ගනින්, ඔය කඩවල් වල තියෙන ගෝනි වලින් ගන්නේ නැතුව සතොස වගේ තැනකින් පැකට් කරපු එකක් ගනින්,

    මුලින්ම හබල පෙති ටික වතුර භාජනයක විනාඩි 10ක් විතර පෙගෙන්න දාපන්,

    ඊට පස්සේ හබල පෙති ටික වතුරත් එක්කම කිරි ගොට්ටකට හෙමිහිට හලන්න, අඩියම ටික ගන්න එපා සමහර වෙලාවට වැලි කැට තියෙන්න පුළුවන්.

    ඒ පෙරා ගත්ත හබල පෙති ටික වතුර බෙරෙන්න විනාඩි 15ක් විතර තියන්න, බලාගෙන ඉන්න අමරුනම් ඒ ටික මිරිකලා වතුර ඉවත් කරගන්න, හැබැයි තදින් මිරිකුවොත් පොඩි වෙන්න පුළුවන්,

    පලමු ක්‍රමය

    වතුර ඉවත් කරගත් හබල පෙති භාජනයකට දමා අවශ්‍ය ප්‍රමානයට සීනි, පොල් සහ ලුණු ස්වල්පයක් යොදා හැන්දකින් කලවම් කර අහාරයට ගන්නත්.

    දෙවන ක්‍රමය

    වතුර ඉවත් කරගත් හබල පෙති භාජනයකට දමා අවශ්‍ය ප්‍රමානයට ගාගත් හකුරු, පොල් සහ ලුණු ස්වල්පයක් යොදා හොදින් මිශ්‍ර කර ගුලි ආකාරයට සකසා ගන්නත් පුළුවන්.

    තුන්වන ක්‍රමය

    වතුර ඉවත් කරගත් හබල පෙති කපාගත් කුරුම්බා සහිත තැබිලි ගෙඩියක වතුර භාගයක් පමණ අයින් කර එයට හබල පෙති සහ සීනි අවශ්‍ය ප්‍රමාණයට දමන්න. එසේ දමා විනාඩි 10ක් වසා තබන්න. ඉන්පසු හැන්දක් ආදාරයෙන් හොදින් කලවම් කරන ගමන් කුරුම්බා ටිකත් හුරන්න. ඉන්පසු හොදින් මිශ්‍ර කර සකසා ගන්නත් පුළුවන්.