හම්බන්තොට ජාත්‍යන්තර වරාය 🚢⚓🛳️

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    එහෙම සෙට් වෙන්නේ නැහැ මචන් ඉස්සර වගේ. එහෙම ගන්නත තහනම් අපිට
    අරක්කු, සිගරට් වත් ලැබෙන්නේ නැද්ද?
    අපේ පැත්තේ අයිය කෙනෙක් කොළඹ වාරයේ වැඩ.
    ඌ නම් ගේනවා කෙළියට.
    උ ආවම අපිට ජයයි ඉතින්.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    අද බෙදාගන්න හැදුවේ හම්බන්තොට වරාය සම්බන්ද තොරතුරු ටිකක් සහ වෝල්ටර් සුදුගේ නවතම වරාය විසිට් එකේ ගත්ත පින්තුර ටිකක් පිලිබදව.

    iGGKRXD.jpg


    හම්බන්තොට වරාය යනු ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ, හම්බන්තොට නගරයට නුදුරින් ස්වභාවික වරායක ඉදිකරන ලද අභ්‍යන්තර වරායකි. ඉතින් අපි හැමෝම දන්නවා වගේම හම්බන්තොට වරාය මුලික අදියර සම්පුර්ණකිරිමකින් පසුව මුලින්ම වෙලදාම් කටයුතු සදහා විවර වන්නේ 2010 වසරේදී.

    මෙහිදී පළමු වරට හම්බන්තොට වරාය ඉදිකිරිම සදහා ක්‍රියාපටිපාටිය දියත් කරනු ලබන්නේ 2001 වසරේ පත්වුණ රජය මගින් වන අතර, පලමුව මෙම වරාය ඉදිකිරිම සදහා ඉන්දියාව සමග ගිවිසුම් ගතවීමට තීරණ ගනු ලැබුවද පසුව ආණ්ඩු මාරුවන් සමග එය චීනය සමග ගිවිසුම් ගතවීමක් සිදුවුනා.

    ආසියාව සහ යුරෝපය යා කරන මලක්කා සමුද්‍ර සන්ධිය සහ සූවස් ඇළ අතර ප්‍රධාන නැව් මාර්ගයේ ම වසරකම නාවික වෙළද යාත්‍රා 45,000ක් පමණ යාත්‍රා කිරීම සිදුවෙනවා. කොළඹ ප්‍රධාන වශයෙන් බහාලුම් නැව් සඳහා පහසුකම් සපයන බැවින්, ජාත්‍යන්තර නැව් ගමනාගමනය සඳහා වෙනත් සේවාවන් සැපයීම සඳහා ශ්‍රී ලංකා රජය හම්බන්තොට ඉදිකිරීමට තීරණය කළේය. එමගින් ඉන්ධන පිරවීම, අළුත්වැඩියා කිරීමේ කටයුතු සහ කාර්ය මණ්ඩලය වෙනස් කිරීමේ පහසුකම් ඇතුළුව තවත් පහසුකම් සපයනු ලබයි.

    හම්බන්තොට වරාය තවමත් අදියර කිහිපයකින් ඉදිවෙමින් පවතී. එය අවසන් වූ විට, එය රටේ කොළඹින් පසු ශ්‍රී ලංකාවේ විශාලතම වරාය වනු ඇත. වරායේ ඉදිකිරීමේදී ඉන්ධන පිරවීම සඳහා සහ අනෙකුත් ක්‍රියාකාරකම් සදහා නැංගුරම් පොළවල් හතරක් සහ වරාය ආරක්ෂා කිරීම සඳහා මීටර් 312 සහ 988 දිගින් යුත් දියකඩන දෙකක් ඉදි කර ඇත.

    ශක්‍යතා අද්‍යනය 2002 ජුනි මස SNC-Lavalin Group සහ Canadian International Development Agency යටතේ සිදුකරනු ලැබූ අතර,ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ පුද්ගලික සමුහයක් අතර හවුල් ව්‍යාපාරයක් ලෙස මෙහෙයුම් කටයුතු සිදුකරගැනීම සදහා අද්‍යනය කටයුතු සිදුකරනු ලැබ ඇත.
    වරාය ප්‍රදාන වශයෙන් අදියර දෙකකින් අවසන් කිරීමට පළමුව තීරණය කරන ලදී.

    චීන රජය පළමු අදියර සඳහා ඇස්තමේන්තුගත මුළු පිරිවැයෙන් 85%ක් වරාය අදිකාරිය සදහා ණයට ලබා දුන් අතර ඉතිරිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් දරනු ලැබීය
    ගාල්ලේ සිට යාත්‍රා කළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ මගී නෞකාවක් වන "ජෙට්ලයිනර්" චාරිත්‍රානුකූලව නැංගුරම් ලමින් වරාය 2010 වරාය වෙළද කටයුතු සදහා විවුර්ත කරන ලදී.

    එතනින් පස්සේ වුන දේවල් හැමෝම දන්නා නිසා මම ඒ ගැන කියන්න යන්නේ නැහැ. දැනට මෙම වරාය තුලින් ලෝකෙයේ මෙතෙක් නිෂ්පාදනය කල ඕනෑම රට්වාහන ප්‍රවාහන යාත්‍රාවක් නැංගුරම් ලෑමේ පහසුමක් සපුරා ඇත.

    දැන් වෝල්ටර් සුදු ගත්ත පින්තුර ටිකක් බලමු. පුලුවන්නම් මේ පින්තුර කිරියේ විතරක් තියාගමු.

    කොට්ටාවෙන් දක්ෂිණ අදිවේගෙට දාලා කෙලින්ම ඇද්දා පාරේ කොනටම. වරාය ඇතුලට යන්න කලින් අපේ ඔෆිස් එකෙන් රෙන්ට් එකට අරන් තියෙන ගෙදරට ගිහින් හිරකරගෙන තිබ්බ වැඩටික කරගත්තා මුලින්. එතනට පෙනුන ලංවා පරිශ්‍රය පහතින් 👇👇

    Ey8mLbk.jpg


    ගේට් පාස් එකක් ගන්න ඕන ඉතින් ඇතුලට යන්න. අපිට අවුරුද්දටම එකයි. ඇතුලට ආවා මුර කුටි දෙක පහුකරන්. 👇👇

    d2BzDBH.jpg


    VFfw4Et.jpg


    wAwAJYQ.jpg


    9e6zsqw.jpg


    f9FGVSZ.jpg


    Swvoyoe.jpg


    වටේ ඉතින් බලන බලන තැන්වල වාහන. TS යන ඒවා තමයි ඉතින් දැන් 99% තියෙන්නේ. ඉතුරු ටික ඉතින් හොරෙන් ගෙන්නලා හිරවෙලා පස්සේ අතරලා දාපුවා 👇👇

    O6ouAsA.jpg


    0POfXp2.jpg


    ud0yUBY.jpg


    iQfCOId.jpg


    පහල පින්තුරේ සුම් කරන්න එපා. මිට්ටෝ ටිකට ලස්සන වාහන ටිකක් පෙනේවි 🚗🛻

    l2tkFH6.jpg


    මම කලින් නුල් වල සදහන් කරා වගේ, සතුන් සහ රථ ප්‍රවාහණ යාත්‍රා දෙකක් යද්දී එතන තිබ්බා 🛳️⚓

    l60onBS.jpg


    j5C53RV.jpg


    හදිසිම නඩත්තු වැඩකට නැංගුරම් ලාපු MSC පුංචි බැලුම් නැවකුත් ඔය තියෙන්න

    pkLrI1b.jpg


    එහෙනම් ආයේ ගිය දවසක තව පින්තුර ටිකක් දෙන්නම්. කිරියේ ඇතුලේ තොරතුරු ටික තියාගමු.

    කෙටි සටහන : Walter White
    හා මන්දය
    ඕකෙ ගල් දුවගෙ ඒවට කැපුවද
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,794
    113
    ආශ්චර්යමත් රටක
    TFS machan 😍😍😍😍

    @Walter White මචන් පිටරටක ඉඳන් අපිට ලංකාවට එවන්න පුලුවන්/බැරි(ගෙදර පාවිච්චියට ගන්න, business නෙවෙයි) බඩු ලිස්ට් එකක් බලාගන්නෙ කොහොමද?
    ------ Post added on Jan 21, 2024 at 4:36 PM
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    124,996
    113
    දෙහිවල
    @Walter White මචන් පිටරටක ඉඳන් අපිට ලංකාවට එවන්න පුලුවන්/බැරි(ගෙදර පාවිච්චියට ගන්න, business නෙවෙයි) බඩු ලිස්ට් එකක් බලාගන්නෙ කොහොමද?
    ගෙදරට එවනකොට එහෙම ලොකුවට බලන්නේ නැහැ බන්. එක්කෝ ට්‍රිකෝ එකේ හරි ශ්‍රී ලංකා ශිපින්ග් එක හරහානේ එවන්නේ පාර්සල්. ඔය මොබයිල් එහෙම තුනක් වගේ අවොත් තමයි නොට් වෙන්නේ. නැතුවනම් ලොකු අවුලක් නැහැ. එතනින් එහාට පහල ටික එවන්න බැහැ.

    මත්ද්‍රව්‍ය සහ මනෝවිද්‍යාත්මක ද්‍රව්‍ය
    පූර්වගාමී ඖෂධ
    අසභ්‍ය සහ ආගමික සාහිත්‍ය පොත් පත් සහ සගරා
    සිගරට් ( අති විශේෂ අවසරයක් නොමැතිව )
    ගිනි අවි, පතොරම්, වායු තුවක්කු සහ පුපුරණ ද්‍රව්‍ය
    සතුන්, ශාක සහ ඒවායේ කොටස් etc
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Tfs machan,

    TS kiyanne trans shipment walata kiyala danagatte ada, matath whokana TS ekak set una, Dec 01 departed, Arrived in 12th Dec (Same country lol), mata awe Jan 11, Normally two weeks journey eka..same country, epa una lol

    TFS machan 😍😍😍😍

    @Walter White මචන් පිටරටක ඉඳන් අපිට ලංකාවට එවන්න පුලුවන්/බැරි(ගෙදර පාවිච්චියට ගන්න, business නෙවෙයි) බඩු ලිස්ට් එකක් බලාගන්නෙ කොහොමද?
    ------ Post added on Jan 21, 2024 at 4:36 PM
    බොක්ස් දාපං, සර්විස් තියෙනව ගොඩක් උන් දානව, මට තාම සෙට් උනේ නෑ උවමනාවක්, මාසයක් දෙකක් යනවලු..
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    124,996
    113
    දෙහිවල
    Tfs machan,

    TS kiyanne trans shipment walata kiyala danagatte ada, matath whokana TS ekak set una, Dec 01 departed, Arrived 12th, mata awe Jan 11, Normally two weeks journey eka..same country, epa una lol
    TS වලට ලිපියක් දෙන්නම් මම එහෙනම් අනිත් අයට දැනගන්නත් එක්ක..
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    TS වලට ලිපියක් දෙන්නම් මම එහෙනම් අනිත් අයට දැනගන්නත් එක්ක..
    සමහර උන් එකම රටේ ලඟම නගර දෙකෙන් එකකට විතරක් ඇවිත් වැඩි දුරක් නැති (උපරිම දවස් එක හමාරෙන්) අනිත් පෝර්ට් එකට නොයා TS කරනව, අර කිලෝමීටර් 700 යන්න ලෝකෙ එහා කෙලවරේ ඉඳන් තව වෙන නැවක් මාසෙකින් වගේ එනකන් ඉන්න ඕන අර ටික දුරට පික් කරල TS එක කරන්න :lol: .. එකම ශිපිං ලයින් එකමද මන්ද...