හම්බන්තොට බුදු පිලිම කඩලා
හම්බන්තොට රුවන්පුර උපරතන බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිරිපිට බුදු මැදුරේ තිබු ආඩි 3ක් පමණ උස බුදුපිළිම දෙකක් සඳහා ඊයේ (30) සවස කිසියම් අයෙකු විසින් හානි කිරීම සම්බන්ධයෙන් හම්බන්තොට මුලස්ථාන පොලිසිය මේ වනවිට පරීක්ෂණයක් ආරම්බ කර තිබේ.
අදාළ බුදු කුටියේ තුබූ බුදුපිළිම දෙකක් සඳහා මෙසේ හානි කර තිබෙන බව එම බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩ වසන හිමියන් විසින් හම්බන්තොට මුලස්ථාන පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත.
මෙම ක්‍රියාව කවුරුන් කුමක් අරමුණු කරගෙන සිදුකළ ක්‍රියාවක්ද යන්න මෙතෙක් අනාවරණ කර ගෙන නොමැති බවත් ඒ සම්බන්ධයෙන් පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවත් කළ විමසීමකදී උසස් පොලිස් නිලධාරියෙකු අප වාර්තාකරු වෙත පවසා ඇත.
එමෙන්ම මේ වන විට එම ප්‍රදේශයට දැඩි පොලිස් හා හමුදා ආරක්ෂාවක්ද යොදවා තිබෙනු දක්නට ලැබෙන බව අප වාර්තාකරු සඳහන් කළේය.

නෙහ්හ් 